‘අත්අඩංගුවට ගන්න එපා’ ගම්මන්පිල ඉල්ලයි

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ගොනු කළ පෙත්සම කොළඹ අභියාචනාධිකරණයට ඒ මහතාගේ නීතීඥයන් විසින් භාර දී ඇත.

වසරක් වැනි දිගු කලක් රක්ෂිත බන්ධනාගාර කිරීමේ යටි අරමුණින් අයිසීසීපීආර් පනත අවභාවිතා කරමින් තමන් නීති විරෝදීව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ඒ මහතා සදහන් කරයි.

එසේ කිරිම හරහා තමන් ආණ්ඩුව සම්බන්ධයෙන් කරන විවේචනයන් වසරක කාලයක් සඳහා නවත්වා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියි.

ගම්මන්පිල මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මියට පසුගියදා දැනුම් දී ඇත..

CID නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කළේ, හිටපු අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් 2025 අගෝස්තු 12 වැනි දින ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.

එම පැමිණිල්ලේ සඳහන් වූයේ, අදාළ මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍යවරයා විවිධ ප්‍රජාවන් අතර අසමගිය ඇති කළ හැකි ප්‍රකාශ සිදු කර ඇති බවයි.

මෙම ප්‍රකාශ ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ (ICCPR) 3(1) වගන්තිය හෝ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය යටතේ වරදක් වනවාද යන්න තීරණය කිරීම සඳහා මෙම පරීක්ෂණය සිදු කරන බව CID අධිකරණයට දැනුම් දී තිබේ.

ඉන්ධන වර්ග කිහිපයක මිල පහළට!

මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් නිකුත් කරන ඉන්ධන මිල ගණන් සැප්තැම්බර් මසට අදාළ ව  සංශෝධනය වී තිබේ.

ඒ අනුව;

  • ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස් වන අතර පැවති මිල රුපියල් 341කි.
  • ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල 299ක් වේ.
  • ලංකා සුදු ඩීසල් ලිීටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල 283ක් වේ.
  • සුපිරි ඩීසල් ලීිටරයක් රුපියල් 12කින් පහළ දමා ඇති අතර නව මිල 313ක් වේ.
  • ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු වී නොමැති බව දැනුම් දී තිබේ.

අදාළ සම්පුර්ණ නිවේදනය පහතින්…

ගෝඨා සහ සමන්ට CIDයෙන් කැඳවීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන දෙදෙනා වෙනම නඩු දෙකකට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

ගාලු මුවදොර පිටියේ ‘අරගලය’ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජපක්ෂ මහතාට කැඳවීමට නියමිතව ඇත..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එක්සත් රාජධානියේ සංචාරය සහ සංචාරය සඳහා රාජ්‍ය අරමුදල් අනිසි ලෙස භාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඒකනායක මහතාට නියෝග කර තිබේ.

(sundaytimes.lk)

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස කටුනායකින් රැගෙන යයි

අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පස්දෙනා දැඩි ආරක්ෂාවක් මැද කටුනායක ගුවන්තොටුපොළින් රැගෙන යයි.

පොලීසිය සඳහන් කරන්නේ ඔවුන් කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බවයි.

ආණ්ඩුව හිරවෙයි! රනිල් උසාවියට කිව්වේ ඇත්ත

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ උසාවියට ඉදිරිපත් කල ලිපිය සත්‍ය බවට විශ්වවිද්‍යාලය විසින් සනාත කරමින් ලිපියක් එවා ඇත. මේ බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කල ධනුෂ්ක රාමනායක සිය මුහුණු පොතේ සටහනක් තබමින් සනාථ කර ඇත.

ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමිය වන සරෝජා සිරිසේන යන අයට නිල වශයෙන් ආරාධනාපත්‍ර යැවූ බවට එංගලන්තයේ විශ්වවිද්‍යාලය විසින් එවූ ලිපියේ සඳහන් කර ඇත.

නිල වශයෙන් රාජ්‍ය නායකයාට සහ මහකොමසාරිස්වරියට එවන ලද ආරාධනයකට අනුව සහභාගී වීම පෞද්ගලික කාරනයක් නොවන බව එයින් සනාථ වන බව රනිල් වික්‍රමසිංහගේ නීතීඥයින් අවධාරණය කරයි

හිටපු ජනාධිපතිවරයා සාවාද්‍ය ලෙස සිරගත කිරීම සම්බන්ධයෙන් ඉදිරි සතියේදී මානව හිමිකම් නඩුවක් අධිකරණයට ගොනු කිරීමට නියමිත බව ද අප කල විමසීමකදී ඔවුන් අනාවරණය කළහ.

 

May be an image of ‎ticket stub and ‎text that says '‎UNIVERSITY OF WOLVERHAMPTON 26 August 6August2025 2025 LETTER VIA EMAIL TO: hereby certify that the attached letters were sent from the University of Wolverhampton. beth Christine ChristineFraser Fraser UniversitySecretary University Secretary SAVEASITIE OATHAMETO University Walveshamptom, Offices the Chancellos Ciry Campus Walfruna, Walvesharpton WVI ،ل.ء United Kingdoe T:+44 08902 321000 W: :า.ฟ.. THE UNIVERSITY OF OPPORTUNITY‎'‎‎

 

May be an image of text

 

May be an image of text

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් අද රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපොළට

මෙරට සංවිධානාත්මක අපරාධ ජාලයේ ප්‍රසිද්ධ නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 5 දෙනා රැගත් ගුවන් යානය අද (30) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කළේය.

මෙම අපරාධකරුවන් ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ගුවන්ගත වන අතර, ඔවුන්ව මෙරටට භාර දීමට ඉන්දුනීසියානු රජයේ සම්පූර්ණ සහය හිමිව ඇත.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවටගත් කෙහෙල්බද්දර පද්මේ,කමාන්ඩෝ සලින්ද හෙවත් පිට්ටුවා,පානදුරේ නිලංග,බැකෝ සමන්,තැඹිලි ලහිරු යන පාතාල කල්ලි සාමාජිකයන් රැගෙන එන්නේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි රෝහන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ASPවරයකුගේ අධීක්ෂණය යටතේ, ඉන්දුනීසියානු පොලිස් කණ්ඩායමක් සමගයි.

ඉන්දුනීසියාවේ විමර්ශන කටයුතු ඉක්මනින් අවසන් වීම නිසා, මුලින් සැලසුම් කළ දවසට පෙරම ඔවුන්ව අද දිනයේ මෙරටට ගෙන එන බව ද වාර්තා වෙයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේත් පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් මේ වනවිට ගුවන් තොටුපල පරිශ්‍රයේත් ඉන් පිටතත් රැඳී සිටිමින් ආරක්ෂාව තර කර තිබෙන බව වාර්තා වෙයි.

 

 

අමෙරිකානු උසාවියෙන් ට්‍රම්ප් බද්දට තහංචි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව රටවල් රැසකට බලපාන පරිදි නිකුත් කර ඇති බදු රැසක් නීතිවිරෝධී බව එරට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
මෙම බදු පැනවීමට එරට හදිසි ආර්ථික බලතල පනතක් යටතේ අවසර ඇකි බවට ට්‍රම්ප් පාර්ශවය ගෙන ආ තර්කය අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ඨෘත් Sඔcඉඅල් සමාජ ජාලය ඔස්සේ මෙම අධිකරණය තීන්දුව විවේචනය කර ඇති ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම තීන්දුව ඉදිරියට ගෙන යාමට ඉඩකඩ ලැබුනහොත් එය ඇමෙරිකානු එක්සත් ජනපදයට දැඩි විනාශයක් අත් කර දෙන බවයි.

මෙම නඩු තීන්දුව ඔක්තෝබර් 14දා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර, ඒ අතර කාලයේදී මීට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය කරා යාමට ඇමෙරිකානු රජයට කාලය හිමිවේ.

කෙහෙල්බද්දර පද්මෙලාට උන් හිටි තැන් අහිමිවෙයි !

ඉන්දුනීසියාවෙ ජාකර්තා නුවරදී ඉකුත්දා අත්අංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස නීති විරෝධීව උපයාගත් මුදල්වලින් මෙරට මිලදී ගෙන ඇති රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ තහනම් කිරීමට අවශ්ය නීතිමය ක්රියාමාර්ග ගැනීමට පොලිසිය සූදානම් වෙයි.
එම සංවිධානාත්මක අපරාධකරුවන් නීතිවිරෝධී අයුරින් උපයාගෙන ඇති එම චංචල හා නිශ්චල දේපළ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර අදාළ දේපළ කඩිනමින් තහනම් කිරීමට අවශ්ය නියෝග ලබාගන්නා බව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.
ඉතා රහසිගත මෙහෙයුමකින් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ කොමාන්ඩෝ සලින්ත ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම, ජාත්යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර තිබෙන සහ ඩුබායිහි, ඉන්දියාව ඇතුළු රටවල සැඟවී සිටිමින් මෙරට මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්, මිනීමැරුම් ඇතුළු සංවිධානාත්මක අපරාධ සිදුකරන පුද්ගලයන් රැසක් නීති විරෝධීව උපයාගත් මුදල්වලින් මෙරට චංචල හා නිෂ්චල දේපළ රැසක් මිලදී ගෙන තිබෙන බව මේ වන විට කරුණු අනාවරණය වී තිබෙනවා’’ යැයි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජ්යෙෂ්ඨ විමර්ශන නිලධාරියකු සතිඅග ‘අරුණ’ට පැවැසීය. මෙලෙස නීතිවිරෝධීව උපයාගත් මුදල්වලින් මිලදී ගත් දේපළ අතර සුඛෝපභෝගී නිවාස, වටිනා ඉඩම්, හෝටල, අධිසුඛෝපභෝගී මෝටර් රථ, රත්රන් ඇතුළු දේපළ රැසක් තිබෙනවා.
ඇතැම් සංවිධානාත්මක අපරාධකරුවන් ඔවුන්ගේ හිතවතුන්, ගෝලයන් නමින් එම දේපළ මිලදී ගෙන තිබෙන බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා. රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුත් එම දේපළ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තාකර තහනම් නියෝග ලබාගැනීමට කටයුතු කරනවා’’ යැයි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජ්යෙෂ්ඨ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මීට අමතරව දේශපාලකයන්ගේ හා බලවතුන්ගේ නමින් දේපළ මිලට ගෙන තිබේ ද යන්න සම්බන්ධයෙන් ද පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.

බැකෝ සමන්ගේ බිරිඳ කටුනායකට රැගෙන එයි

ඉන්දුනීසියාවේදී පාතාල නායකයන් සමඟ අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගේ බිරිඳ මේ වන විට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලට රැගෙන විත් තිබෙනවා.

අද සවස 5.50ට ඉන්දුනිසියාවේ ජාකර්තා නුවර සිට පැමිණි ගුවන්යානයකින් ඔවුන් රැගෙන විත් ඇත්තේ ඇයගේ දරුවාද සමගින් බව වාර්තා වෙනවා.

ඇයට එරෙහිව රතු වරෙන්තු නොතිබුන හෙයින් ඇය සහ දරුවා මුදා හැරීමට ඉන්දුනීසියානු පොලීසිය කටයුතු කොට ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

Add to cart