ලෝක ප්‍රකට පුවත් ආයතනයක් වන රොයිටර්ස් (Reuters) හි හිටපු ශ්‍රී ලංකා වාර්තාකරු වූ රංග සිරිලාල්ට හිමි විය යුතු රුපියල් 6,217,146 ක සේවක අර්ථසාධක අරමුදල් (EPF) හිඟ මුදල් සහ අලාභ වන්දි ගෙවන ලෙස කම්කරු කොමසාරිස්වරයා දුන් නියෝගයට එරෙහිව Refinitiv Limited (කලින් Reuters) සමාගම ගොනු කළ රීට් පෙත්සමක් ඊයේ (දෙසැම්බර් 02) අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
විශේෂත්වය වන්නේ, සමාගම සිරිලාල් මහතාට රුපියල් 100,000ක වියදමක් (exemplary costs) ගෙවන ලෙස ද අභියාචනාධිකරණය නියෝග කිරීමයි.
🛑 නිදහස් සේවකයෙක් නොවේ: අධිකරණයේ තීන්දුව
අධිකරණය හමුවේ Refinitiv සමාගම තර්ක කළේ සිරිලාල් මහතා ඔවුන්ගේ සේවකයෙකු නොවී නිදහස් සේවකයෙකු (freelancer) ලෙස කටයුතු කළ බවත්, එම මුදල් ගෙවීමට කම්කරු කොමසාරිස්වරයාට බලයක් නොමැති බවත්ය.
කෙසේ වෙතත්, අභියාචනාධිකරණය (විනිසුරු ආචාර්ය ආදිත්‍ය පටබැඳිගේ සහ විනිසුරු ධම්මික ගනේපොල) මෙම තර්කයන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේය.
-
ආයතනික අඛණ්ඩතාව: සමාගම් සමූහයක ආයතන දෙකක් අතර සිරිලාල් මහතා මාරු කිරීම ඔහුගේ සේවයේ අඛණ්ඩතාවට බාධාවක් නොවූ බව අධිකරණය පෙන්වා දුන්නේය.
-
වසර 13ක සේවය: 2005 සිට 2018 දක්වා වාර්ෂිකව අලුත් කරන ලද ගිවිසුම් යටතේ සිරිලාල් මහතා මෙම ආයතනය සමඟ කටයුතු කර ඇති අතර, එවැනි දිගුකාලීන, අඛණ්ඩ නියැලීමක් ‘නිදහස් සේවක’ තත්ත්වයට කිසිසේත් නොගැලපෙන බවට අධිකරණය තීරණය කළේය.
-
සේව්‍ය පාලනය: සමාගම් උපකරණ, මාධ්‍ය හැඳුනුම්පත්, අභ්‍යන්තර මුරපද ලබා දීම සහ සංස්කාරක, සන්නිවේදන, ආරක්ෂක සහ දත්ත ආරක්ෂණ ප්‍රතිපත්තිවලට අනුකූල වීමට අවශ්‍ය වීම, සේව්‍ය පාලනයේ “සම්භාව්‍ය දර්ශක” ලෙස අධිකරණය නම් කළේය.
තවද, සිරිලාල් මහතාට බාහිර කටයුතුවලට සීමා පැනවීම සහ ඒ සඳහා අත්තිකාරම් අනුමැතිය අවශ්‍ය කිරීම, “සේවා ගිවිසුමකට වඩා සේවායෝජක-සේවක සම්බන්ධතාවයක පැහැදිලි දර්ශකයක්” බවට අධිකරණය ප්‍රකාශ කළේය.
⌚ වසර 2ක ප්‍රමාදය: ‘කවටකමක්’ ලෙස බැහැර කරයි!
කම්කරු නිලධාරියාගේ නියෝගය 2022 ජනවාරි 28 දින නිකුත් කර තිබියදී, පෙත්සම 2024 සැප්තැම්බර් 11 වන දින ගොනු කිරීමේදී සිදුවූ වසර දෙකකට ආසන්න ප්‍රමාදයට Refinitiv සමාගම දැක්වූ හේතුව ද අධිකරණය විසින් දැඩිව විවේචනයට ලක් කර ඇත.
“එක්සත් රාජධානියෙන් උපදෙස් ලබා ගැනීමට ප්‍රමාද වූ” බවට සමාගම දුන් පැහැදිලි කිරීම, “මුළුමනින්ම ඒත්තු ගැන්විය නොහැකි” බව අධිකරණය පෙන්වා දුන්නේය. ඩිජිටල් යුගයේ, විශේෂයෙන්ම ජාත්‍යන්තරව පිළිගත් මාධ්‍ය ආයතනයක් වන රොයිටර්ස් වෙත උපදෙස් ලබා ගැනීමට වසර දෙකකට වඩා වැඩි කාලයක් ගතවිය නොහැකි බව අධිකරණය ප්‍රකාශ කළේය.
පෙත්සම්කරුගේ මෙම ක්‍රියාව රීට් බල සීමාව අනිසි ලෙස භාවිතා කිරීමක් සහ සිරිලාල් මහතාගේ නීත්‍යානුකූල හිමිකම්වලට අසාධාරණයක් කිරීමක් බවට අභියාචනාධිකරණය අවධාරණය කළේය.