ඩයනාගේ පෙත්සමට දින නියම වේ

හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට එරෙහිව අපහාස කළේ යැයි සඳහන් කරමින් කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා අධිකරණය මේ වනවිට දින ලබාදී ඇති බවත් එම දිනය ලෙස අගෝස්තු මස 5 වැනිදා සුදුසු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවත් වාර්තා වේ .මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වී ඇය පැවසූ දෙයක් සහ එහිදී අධිකරණයට අපහාස කළා යැයි පවසමින් මෙම පෙත්සම ගොණු කර ඇති බව ද වැඩිදුරටත් සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රට පුරා ගුරු විදුහල්පති වැඩ වර්ජනයක්

අද දිනයේ (26) රට පුරා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු වාර්තා කරමින් විරෝධතාව‍යක් පවත්වමින් සිටී. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, සියලුම ගුරු – විදුහල්පතිවරුන් කොළඹට කැඳවා විරෝධතාවක් පැවැත්වීමටද නියමිත බවයි. මෙම හේතුවෙන් අද සිසුන්ට පාසල් නොපැමිණෙන ලෙස ගුරුවරුන් ඊයේ දිනයේදී දැනුම්දී තිබිණි. දෙවන පාසල් වාරය ආරම්භයත් සමග මෙලෙස ගුරු – විදුහල්පතිවරු වර්ජනය ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් පාසල්වල අධ්‍යාපන කටයුතු අඬාල වී තිබේ. එමෙන්ම රජයේ විධායක නිලධාරීන්ගේ සංගමයේ නියෝජතයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අද ක්‍රියාත්මක වන බව එම සංගමයේ සභාපති එච්.ඒ.එල් උදයසිරි මහතා පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මාලිමාව සමලිංගික සබඳතා අනුමත කරයි


ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය සමලිංගික සබඳතා වරදක් නොවන ලෙස දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනය ඉදිරිපත් කිරීමට තම පක්‍ෂය එකඟ බව සඳහන් කර ඇති බවට වාර්තා වේ. දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති සාකච්ඡාවකදී මෙලෙස ප්‍රකාශ කර අති බව සඳහන්.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා විසින් ගෙන විත් තිබෙන අදාළ යෝජනාවට තම පක්ෂය සහයෝගය පළ කරන බවද ඇය ප්‍රකාශ කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

BMICH එක අසල තිබී මළ සිරුරක් සොයාගෙන

කුරුඳුවත්ත පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව (BMICH) අසල තිබී මළ සිරුරක් සොයාගෙන ඇත.
විමර්ශන වලට අනුව එම මිය ගිය පුද්ගලයා (39) මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හෙළි වී ඇත.
මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදීමට කටයුතු කර ඇති අතර කුරුඳුවත්ත පොලිසිය ඒ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මැති ඇමති රැසක් සමඟින් වැල්ලවායේ ජන රැලියක්

“දිනුම රටට – එක්ව පෙරට” යන තේමාව පෙරදැරි කොටගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධාන පාර්ශවය විසින් ඒකාබද්ධව මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය නගර මධ්‍යයේදී ජුනි මස 29 දින පස්වරු 2.00 ට ජනරැලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට වාර්තා වේ.
මෙය විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා විසින් සංවිධානය කරනු ලබයි වාර්තා වන්නේ.
මෙම ජන රැළියට මහින්ද අමරවීර, , ලසන්ත අලගියවන්න, නිමල් සිරිපාල ද සිල්වා, , දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් ඇතුළු නව සන්ධානයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් සහභාගි වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
ThenewsLk WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

මම ඩීල් දේශපාලනේ යෙදුනේ නම් ජනාධිපති වෙලා නමට ඉදිරියෙන් ‘ශ්‍රීමත් කියා දාන්න තිබුණා

තමන් ඩීල් දේශපාලනයේ යෙදුනේ නම් ජනාධිපති වී නමට ඉදිරියෙන් ‘ශ්‍රීමත්’ ලෙස දාගැනීමට ද තිබුණු බව විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පොකුණුවිට ප්‍රදේශයේ සමගි ජන බලවේගය විසින් පවත්වන ලද ජන හමුවක් අමතමින් ප්‍රකාශ කොට ඇත. ඒ වගේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට ජනාධිපති ධුරය බාරගන්න යැයි පැවසූ බවද නමුත් රට විනාශ කළ පුද්ගලයන් හා හොරු සමඟ ආණ්ඩු කරන්නට තමන් සූදානම් නැති බවද ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ මොහොතේ තමන් දන්වා යැවූ බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය. එමෙන්ම තමන් ඕනෑම තනතුරක් බාරගන්නේ ජනතාවගෙන් ලද ජනවරමකින් බවද ඔහු සඳහන් කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

විධායක ජනපති ධූරය අහෝසි – හරිනි අමරසූරිය

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවත් එහිදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට කටයුතු කරන බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි. තවද මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යවන මහජන නියෝජිතයින් මහජන මුදල් අවභාවිතයක්, පක්ෂ මාරු කිරීම ආදී කටයුතුවලදී එම මන්ත්‍රීවරයාට ජනතාව විසින් ලබා දුන් ඡන්දය ආපසු කැඳවීමේ බලයක් ද එම ව්‍යවස්ථාවෙන් ලබා දෙන බව ඇය පවසා තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මම ජනාධිපති වුණාම අපට විරුද්ධව තියෙන නඩු ඔක්කොම නිශ්ප්‍රභා කරනවා

මම ජනාධිපති වුණාම අපට විරුද්ධව තියෙන නඩු ඔක්කොම නිශ්ප්‍රභා කරනවා
එළැඹෙන ජනාධිපතිවරණය ජයගෙන තමන් ජනාධිපති බවට පත්වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කර ඇති බව ලංකා C News වාර්තා කරයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලු පැන නොනගිනු ඇති බවද මේ අවස්ථාවේදී මෙම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබෙන බවද සඳහන් වේ . එහිදී තමන් ජනාධ්පති වූ පසුව තමන්ට විරුද්ධව පැන නැඟුණු නඩු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිෂ්ප්‍රභ කරන බවත් එවිට පක්ෂ නායකත්වය ගැන ගැටලු ඇති නොවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සන්නස්ගල ගැන අවසන් උසාවි තීන්දුව ලබා දෙයි

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ලබානොදී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියක් ඊයේ (24) අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එහිදී ලේඛක සහ දේශක උපුල් ශාන්ත සන්නස්ගලට එරෙහිව කඳාන පොලිසිය කෙටුම්පත් කළ චෝදනා ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන චෝදනාවන්ගෙන් සන්නස්ගල මුදාහැරීමට නියෝග කර ඇත.
එහිදී උපුල් ශාන්ත සන්නස්ගල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න ඒ අවස්ථාවේදී කරුණු දක්වමින් ‘මාර්ගගත ක්‍රමය’ ඔස්සේ පැමිණිලිකරුට ගෙවා ඇතැයි කියමින් එලෙස ගෙවු රිසිට් පත් අධිකරණයට ඉදිරිපත් කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

උතුරෙන් දකුණට පතිත වන බැලුන්

උතුරු කොරියාව අපද්‍රව්‍ය සහිත බැලූන් දාහකට අධික ප්‍රමාණයක් දකුණු කොරියාව වෙත එවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.මෙය රාජ්‍ය සමග ඇති විරසකයක් හේතුවෙන් සිදුකර ඇති බවත් මෙලෙස ගුවනින් පැමිණෙන අපද්‍රව්‍ය සහිත බැලුම් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසත් දකුණු කොරියාව රටවැසියන්ගෙන් ඉල්ලා ඇති බවද සඳහන් ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart