රුසියන් ජනපති උතුරු කොරියාවට

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ ආරාධනයක් පිළිගනිමින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාව බලා පැමිණ ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි,
යොංග්යැංග් අගනුවරට පැමිණි පුටින්ට උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රමුඛ රජයෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුනු බව වැඩිදුරටත් සදහන් වේ,
රුසියන් ජනාධිපතිවරයෙක් උතුරු කොරියාව බලා පැමිණියේ වසර 24 කට පසුව වීම විශේෂත්වයකි. උතුරු කොරියාව සමඟ පවතින සබදතාවයන් තවත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ යැයි තවදුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

කුලී ආදයම් අයකරනුයේ ඉහළ ආදායම් ලබන්නන් ගෙන්

නව කුලී ආදයම් බද්ධ අය කරගනු ලබන්නේ සාමාන්‍ය ආදායම් ලබන්නන්ගෙන් නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් ගෙන් බව ජනපති රනිල් වික්‍රමසිංහ මහත අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.
එසේම, පුද්ගලයෙකු සතු පළමු දේපළ, යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බව ද ඒ මහතා ප්‍රකාශ කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

පුංචි නෝනාගේ නඩුව නිසා මෛත්‍රී පසුබසී

කරන්දෙනිය සකුරා හෝටලයේ පක්ෂයේ ගාලු දිස්ත්‍රීක් සමුළුව පැවැත් වූ අවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව විරෝධතා පුවරු රැගෙන විරෝධතාවක නිරත වී ඇති බව වාර්තා වේ.ඒ අනූව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වූයේ වලව්වේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබාගත් නිසා යයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති අතර වැඩි දුරටත් අදහස් දක්වමින් එතුමා පවසා ඇත්තේ තමන් ඉවත්වෙලා විජයදාස රාජපක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස පත් කරේ තමන්ගේ සංවිධායකයන් පිළිබඳ සිතා බවයි.මගෙන් පසු එම සභාපති ධුරයට ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පත් කරනු ලැබුවේ ආණ්ඩුවට ගොස් සිටින අනිකුත් අය අතර සුදුස්සකු නොසිටි නිසා යයි ද ඔහු මෙම අවස්ථාවේ දී පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

ජනපතිවරණයේදී හකීම්ගේ සහාය සජබයට?

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහාය ලබාදෙන අපේක්ෂකයා කවුරුන්දැයි මෙතෙක් තීරණය කර නොමැති බව එම පක්ෂයේ නායක රවුෆ් හකීම් මහතා සඳහන් කර තිබේ. කෙසේ වෙතත් සමගි ජන බලවේගය සමඟ දැනට සිටින බැවින් එම සංධානය සමග කටයුතු කිරීමටද බලාපොරොත්තු වන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. තවද පක්ෂය වෙනත් තීරණයක් ගතහොත් ඒ පිළිබඳව සලකා බැලීමට සිදුවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන නිල වශයෙන් නිවේදනය කර නැති නිසාවෙන් ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය ජය ගන්නා බවද රවුෆ් හකීම් මහතා තවදුරටත් පවසා තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

රනිල්ට එකතු වෙන්න හොර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ නිවසේදී දැනට සතියකට පෙර රාජිත සේනාරත්න සහ මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගෙන් යුත් පිරිසක් සාකච්ඡාවක් පවත්වා ඇති බව ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසා ඇත. ඔහු මේ බව පවා ඇත්තේ ජාතික ජන බලවේගය විසින් දී ලන්ඩනයේදී පවත්වන ලද ජන හමුවකදී ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

ආර්ථික අර්බුදය අවසන් කරලා රට ශක්තිමත් කළ ගෞරවය හිමි‍විය යුත්තේ රනිල්ට – පවිත්‍රා වන්නිආරච්චි

සශ්‍රීක දේශයක් හා ධාර්මික රටක් සෑදීමේ වගකීම අප සියළු දෙනා ට පැවරී ඇති බව හා කුමන දේශපාලන කඳවුරක සිටියත් රට වෙනුවෙන් එක මතයක සිට වැඩ කළයුතු බව වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.
වත්මන් ජනපති හා පොදුජන පෙරමුණේ දේශපාලන මතය කඳවුරු දෙකක වුවද ආර්ථික අර්බුදය අවසන් කර ආර්ථිකය ශක්තිමත් කිරීමේ ගෞරවය රනිල් වික්‍රමසිංහ ජනපතිට හිමිවන බවද එතුමිය ප්‍රකාශ කළේය.
ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රධාන මාර්ගයේ සිට මොරකැටිය බෙදුම් ඇළ දක්වා විකල්ප මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමේ උත්සවයට සහභාගී වෙමින් මෙම අදහස් දක්වා ඇති අතර රනිල් සමඟ එදා දේශපාලන මතවාදී ගැටුම් තිබුනද වර්තමානයේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වමින් විශිෂ්ඨ නායකයකු ලෙස රට ගොඩ නැඟීමට ඔහු දියත් කර තිබෙන වැඩපිළිවෙලට තම සහාය ලබාදී තිබෙන බව ද වැඩිදුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

නව ව්‍යවස්ථා කෙටුම්පතක් අද දින ජනාධිපති අතට

විශ්‍රාමික විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ප්‍රමුඛ කමිටුවක් මගින් සකසන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (15) දින භාරදී ඇති බව වාර්ථා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය සහ ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීමටත් ඉන් යෝජනා කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewsl

රනිල් ජනපති පුටුව රැකගනී.?

ජනමත විචාරණයකින් තොරව ජනාධිපති ධූර කාලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබා ගනිමින් වසරකින් දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇත.
දැනටමත් මේ සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් අදහස් විමසීමටද කටයුතු කර ඇති බවද වාර්තාවේ. ජනාධිපතිවරයාගේ දුර කාලය වසර පහේ සිට හය දක්වා දීර්ඝ කරගැනීමේ හැකියාවක් ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
ජනාධිපතිගේ දුර කාලය 19 වන සංශෝධනයේදී වසර හයේ සිට පහ දක්වා පහත දැමුවේ ජනමත විචාරකයෙන් තොරව නිසා ඒ ආකාරයෙන්ම නැවතත් හය දක්වා ඉහල දැමීමටද හැකියාව ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.
ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරක් අහිමි උවහොත් ජනමත විචාරණයකට යොමු කිරීමට ද හැකියාව පවතින බවද ඔවුන් පෙන්වා දී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය ලංකාවෙන්, මෙය සටන් පාඨ කියමින් කාලය ගත කිරීමට හැකි යුගයක් නොවේ.

දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදිය යුතු ප්‍රතිපාදන වෙන් කිරීමට රජය කටයුතු කර ඇති බවත් අනාගතයට ගැලපෙන දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රටේ නිර්මාණය කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඊයේ (14) හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැඟිල්ලේ පළමු අදියර සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වූ ජනපතිවරයා මේ බව පැවසූ අතර ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කර දෙන ලෙස සිසුවියන් කළ ඉල්ලීම අනුව අදියර දෙකක් යටතේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කර දීමට කටයුතු කරන බව ද එතුමා පැවසීය.
රටේ ශක්තිය අධ්‍යාපනය වන බව පැවසූ එතුමා ආණ්ඩුවක වගකීම වන්නේ රට සංවර්ධනය කිරීම බවත් මෙය සටන් පාඨ කියමින් කාලය ගත කිරීමට හැකි යුගයක් නොවන බවත් වැඩිදුරටත් අවධාරණය කළේය .

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewsl

වැඩිම ඡන්ද ලබාගෙන දිනන්නෙ සජිත්

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පවසා ඇත්තේ ඉදිරි මැතිවරණයේදී වාර්තාගත ජයග්‍රහණයක් ලබමින් සජිත් ප්‍රේමදාස මහතා විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීම ස්ථීර වශයෙන් ම සිදුවන බවයි.
දෙවන අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද ලක්ෂ තිහකින් අවම වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ලබාගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු වැඩිදුරටත් මෙම අවස්ථාවේදී පවසා ඇති අතර වැඩිම ඡන්ද ප්‍රමාණය සහ වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ජයගන්නා ජනාධිපතිවරයා වන්නේ ප්‍රේමදාස මහතා බව ද ඔහු පවසා ඇත. ඔහු මේ පිළිබඳ පවසා ඇත්තේ සිදුකර ඇති සමීක්ෂණ වාර්තාවලින් සහ සංඛ්‍යා ලේඛනවලට අනුව බවත් ඔහු සඳහන් කර ඇත.

Add to cart