ශ්‍රීලනිප අර්බුදය විසදන්න දින නියමවෙයි


විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබෙන වාරණ නියෝගයට එරෙහිව ගොනුකළ අභියාචනා පෙත්සම දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව ගිහාන් කුලතුංග සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් විභාගයට ගැනීමට නියෝගය නිකුත් කරන ලදී. කෙසේ වෙතත් කොළඹ දිසා අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුව විභාගය ඉදිරියට පවත්වාගෙන යාමටද විනිසුරු මඩුල්ල විසින් නියෝග කරනු ලැබූ අතර ඉන් අනතුරුව අදාළ අභියාචනා පෙත්සම ලබන 26 වනදා කැඳවන ලෙසත් නියෝග කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

වාහන ආනයන සීමා ලිහිල් කිරීමට IMF වෙත ඉදිරිපත් කළ යුතුයි


මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන සැලසුමක් (Road Map) ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ. ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසා ඇත. මෙහිදී වාහන ආනයන සීමා ලිහිල් කිරීම, වාහන ඛාණ්ඩ කිහිපයක් යටතේ මේ වසරේ තෙවන සහ සිව්වන කාර්තුවලදී සිදු කිරීමට යෝජිතය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

උඩරට මැණිකේ නැවත ධාවනයට

තලවකැලේ හා වටගොඩ අතර සීග්‍රගාමී දුම්රියක් පීලි පැනීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගය දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරුණු බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පැවසයි. බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ එම දුම්රියේ නැරඹුම් මැදිරිය ඊයේ සවස 3.25 ට පමණ පීලි පැනීමට ලක් වූ අතර රාත්‍රී 10 ට පමණ පීලි ගත කිරීම අවසන් කළ අතර අද (14) බදුල්ල දුම්රිය ස්ථානයෙන් අළුයම 5.55 ට උඩරට මැණිකේ දුම්රිය කොළඹ කොටුව බලා පිටත් වූ බවත් පාලක මැදිරි කාර්යාලයේ නිලධාරියකු පවසා තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

වෙඩි තියාගෙන කැනඩා පැනලා


අනුරාධපුර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථය ඉලක්ක කරගෙන ඉකුත් අවුරුද්දේ දෙසැම්බර් මස 17 වෙනිදා කරන ලද වෙඩි ප්‍රහාරය ඔහු විසින්ම සැලසුම් කරන ලද්දක් බව මේ වනවිට හෙළි වී ඇත.ඒ අනූව මෙම ප්‍රහාරයට මන්ත්‍රීවරයා සහ එම ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ද සම්බන්ධ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කර ඇත්තේ.මේ වන විට උද්ධික ප්‍රේමරත්න සහ සිදුවීමට සම්බන්ධ පොලිස් අධිකාරිවරයා රටින් පිටව ගොස් ඇති බවද වෙනත් පොලිස් නිලධාරියෙකු අත ඔහුගේ ගිනි අවිය පොලිසියට ආපසු භාරදී ඇති බවද සඳහන් ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

NPP තුලින් නව ව්‍යවස්ථාවක් ?

ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් මෙරට ජාතික ගැටලුවට තිරසාර විසඳුමක් ඇතුලත් කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කර තිබේ. සියලු පාර්ශවයන් සමග ජාතික ගැටලුවට සම්බන්ධයෙන් සාකච්ඡා කර ප්‍රසිද්ධියට පත් කරන බවද ඒ පිළිබඳ තවමත් සාකච්ඡා ආරම්භ කර නැති බවත් එතුමා පවසා තිබේ. මෙරට පවතින්නෙ යල්පැන ගිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බැවින් ජාතික ජන බලවේග රජයක් විසින් රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා. ඒ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

සජබ ගිණි ඇවිලෙයි


පක්ෂයේ විධායක සභාව හෝ කෘත්‍යාධිකාරි මණ්ඩලය සමඟ සාකච්ඡා නොකොට තම ආණ්ඩුවක් යටතේ 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනෙක කිලිනොච්චිය ප්‍රදේශයේදී පවසා ඇත. මෙම ප්‍රකාශය හේතුවෙන් එම පක්ෂය තුළ බරපතල ගැටුමක් ආරම්භ වී ඇති බව සහ මේ පිළිබඳව ජේෂ්ඨයන් පිරිසක් සාකච්ඡා කිරීමට ද සූදානම් බව සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට පමණතරමක තද වැසි ද මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බව ද වාර්තා වේ.
ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

නැවත වතාවක් මෛත්‍රීට හරස් වූ සභාපති ධූරය

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ගොනුකරන ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කරනු ලැබූ වාරණ නියෝගය ලබන 19 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ දිසාධිකරණය නියම කර ඇත.
මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මහතා අධිකරණය හමුවේ පවසා ඇත්තේ තම සේවාදායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති නිසා මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ශ්‍රී ලංකාව T20 ත‍රගාවලියෙන් ඉවතට

ශ්‍රී ලංකාව හා නේපාලය අතර ලෝක කුසලාන තරගාවලිය අද පැවැත්වීමට නියමිතව තිබූ නමුත් වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබේ.ඒ කණ්ඩායම් දෙකටම සම ලකුණු ලබා දීමෙනි.
තරග සැලැස්මේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් ස්ථානයේ පසුවන අතර සුපිරි 8 දෙනාගෙ වටයට යාමට අවස්ථාවක් නැති තත්වයට පත්ව ඇත.
නෙදර්ලත්වය හා බංගලදේශය අතර පැවැත්වෙන තරඟයෙන් කුමක් ජයග්‍රහණය කළත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඊළඟ වටයට යාමේ කිසිදු අවස්ථාවක් නොලැබී යයි.
එම තරඟයට වර්ෂාවෙන් බාධා ඇති වුවත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව හා ශ්‍රී ලංකා කණ්ඩායම සිටින ස්ථානය අනුව නෙදර්ලන්තය හා තරගය ඉතා විශාල පරතරයකින් ජයගෙන දෙවන ස්ථානයට යාමට අවස්ථාව ඉතාමත් අඩුය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

වෙනත් කිසිදු පක්ෂයකට නැති ජනතා ප්‍රසාදයක් තියෙන්නේ පොහොට්ටුවට – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

මේ වන විට පොහොට්ටුව පිළිබඳ ජනතාවට විශාල බලාපොරොත්තුවක් ඇති බවත් පක්ෂය කැඩී වෙන් වුවද පක්ෂය දුර්වල නොවී වෙනදාටත් වඩා මෙවර මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එමෙන්ම පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා පිළිබඳ නියමිත වේලාවේදී දැනුම් දෙන බව හා වෙනත් කිසිදු පක්ෂයකට නැති ජනතා ප්‍රසාදයක් තම පක්ෂයට ඇති බවද එතුමා ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් ව්‍යවස්ථානුකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බැවින් එවැනි මෝඩකමක් එජාපය විසින් සිදු කරන්නේ නම් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය බව ඊයේ (11) බදුල්ලේදී පැවති උත්සවයකට සහභාගී වෙමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

Add to cart