අතුරුදන් වූ සජිත්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද දින(06) පැවැත්වීමට නියමිත විවාදයට මේ වන විට සූදානම් බව දැනුම් දෙමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ස්වාධීන රූපවාහිනියට ලිපියක් යොමු කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව මෙම විවාදය සඳහා ප්‍රතිපාර්ශ්වය වන සමඟි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට සහභාගී වනවා ද යන්න වැඩිදුරටත් මෙම ලිපිය මගින් විමසා ඇති බව සඳහන්ය.

නමුත් සජිත් ප්‍රේමදාස මහතා දුරකථනයෙන් හෝ ලිපියකින් හෝ මේ වන විට සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇතැයි ස්වාධීන රූපවාහිනිය පවසයි.

සමඟි ජන බලවේගය සඳහන් කරන්නේ තම පක්ෂය විවාද දෙකටම සූදානම් නමුත් ජාතික ජන බලවේගය ආර්ථික කමිටු විවාදය මගහැරීමට උත්සාහයක් දරන බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ජනාධිපතිවරණයට අපි සූදානම්

ඉදිරි ජනාධිපතිවරණ දේශපාලන මෙහෙයුම් කටයුතු සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර තම දේශපාලන කාර්යාලය කොළඹදී සුභ මොහොතින් විවෘත කළ බව ආරංචි මාර්ග පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර ඇති බවට වාර්තා වේ.
ඒ, අනුව අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව මිල සංශෝධනය සිදුකොට ඇති බව වාර්තා වේ.
ඒ වගේම සංශෝධිත මිල ගණන් අද දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසා ඇත.

ඒ අනුව රුපියල් 4,115ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,940කි.

ඒ වගේම කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් අඩු කර ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 1,582 කි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 32 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 740කි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

විපතට පත් ජනතාවට සහන සැලසීමට ‍ජනපති යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය


පවතින අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට හා සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව රජයේ වියදමින් යළි ඉදිකර දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනාවක් ඊයේ (03) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදි.
ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර චකුලේඛ මත පදනම් නොවී විපතට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම හා විපතට පත් ජනතාව වෙනුවෙන් ලබා දෙන ආධාර මුදල් ප්‍රමාණය වැඩිකිරීම ද මෙම යෝජනාවට ඇතුළත්ව ඇත.
ඒ අනුව ජගත් පරිසර දින සැමරුම් උත්සවය අවළංගු කර ඒ සදහා වෙන් කර තිබූ මුදල් විපතට පත් ජනතාවට සහන සැලසීමට යොදා ගන්නා ලෙස ජනපති උපදෙස් දී ඇති බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

වැඩ බලන කෑලි අයින් කරලා නව ජවයකින් පක්ෂය ඉදිරියට ගෙන යනවා. – මහින්ද අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පක්ෂ කාර්යාලයේ අයිතිය තම කණ්ඩායමට ලැබී ඇති හෙයින් වැඩ බලන කෑලි සියල්ලම ළගදීම අවසන් කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා පැවසීය.
පක්ෂය ආරක්ෂා කරගැනීමට නීත්‍යානුකූල පියවර ගත් බව හා නව ජවයකින් පක්ෂය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව වලස්මුල්ල ප්‍රදේශයේ කෘෂිකර්ම වගා ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වැඩි දුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

අලියත් සටනට සූදානම්

පිටකෝට්ටේ පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (2) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්
කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වී ඇති බව වාර්තා වේ.

එහි දි මැතිවරණ ඉලක්ක කරගනිමින් නව නිලධාරී මණ්ඩලයක් පත්කරගෙන ඇති බව ද ආරංචි මාර්ග විසින් සඳහන් කර ඇත.

ඒ අනූව ජාතික මැතිවරණ ලේකම් ලෙස හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ද ජාතික මැතිවරණ සංවිධායක ලෙස අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා මැතිවරණ නියෝජ්‍ය මහ ලේකම් දුරයට පත් කර ඇත.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස ෆිරොස් ශාබ්දින් මහතා ද භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ මිස්බා සතාර් මහතා උප සභාපති ලෙස ද ක්‍රිෂාන් තියඩෝර් මහතා නියෝජ්‍ය මහ ලේකම් ලෙස ද පත්කර ඇත.

එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන , මහ ලේකම් පාලිත රංග බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන සහ ජාතික සංවිධායක සාගල රත්නායක, උපනායක අඛිල විරාජ් කාරීයවසම් මහත්වරුන් ප්‍රමුඛ සෙසු නිලධාරීන්ගේ තනතුරු වෙනස් නොවී පවත්වාගෙන යෑමට ද කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී තීරණය කරන බව ද වාර්තාවේ

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

විපතට පත් පුද්ගලයන් වෙනුවෙන් 117 හදිසි දුරකථන ඇමතුම් අංකයක්

විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක කර ඇති බව එම මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
ඒ අනුව ගාස්තු අය කිරීමකින් තොරව එම හදිසි දුරකථන අංකය හරහා සම්බන්ධ විය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ,
මෙමගින් සේවා සම්බන්ධයෙන් සෘජුව දායක කරගත යුතු සියලු රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සම්බන්ධ කිරීමටත්, පහසුකම් සැලසීමටත් කටයුතු සලසන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වාර්තා කරනවා.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

හැමෝම මට එන්න එන්න කියනවා

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකට සහභාගි වීමෙන් පවසා ඇත්තේ ආණ්ඩුවට එක් වෙන ලෙස තමන්ට ආරාධනා ලැබෙමින් පවතින බව සහ ඔහු එසේ ඔවුන් සමග එක්වුවහොත් ප්‍රබලම ඇමති ධුරයක් පවා ලබා ගැනීමට හැකියාව ඇති බවයි.

එසේම විපක්ෂය ද ඔවුන් සමඟ එක්වන ලෙස තමන්ට ආරාධනා කර ඇති බවයි එතුමා මෙම අවස්ථාවේදී ප්‍රකාශ කොට ඇත්තේ

දේශපාලන වාසිය සඳහා මතවාදයන් වෙනස් කිරීමට සූදානම් නැති බවත් තමන් දරන මතවාදය එලෙසම පවත්වාගෙන යන බවත් ඔහු වැඩිදුරටත් මෙම අවස්ථාවේදී පවසා ඇති බව සඳහන් ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

තාවකාලික අත්හිටුවීමක්

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය රග්බි සංගමය ,මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනය යන සංගම් වහාම ක්‍රියාත්මක වන පරිදි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සඳහන් වේ.

එහි දී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා මීට අදාළ නිලවරණය කැඳවීම සඳහා නිසි බලධාරී ලෙස පත්කර ඇති බව ද වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

අලුතෙන් දුන්න බාර් ලයිසන් සියල්ල අහෝසි කරනවා – සජිත් ප්‍රේමදාස

විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් රජයෙන් ගත්තේයැයි කියන බාර් ල‍යිසන් නැවත රජයට බාර දෙන ලෙස දැනුම් දී තිබුනද මෙතෙක් කිසිවෙකුත් එම බලපත්‍ර රජයට යළි බාර නොමැති බව ආරංචි මාර්ග පවසයි.
බදුල්ල රිදීමාලියද්ද ප්‍රදේශයේ මෑතදී විවෘත කිරීමට මත්පැන් අලෙවිසැල් හයක් සඳහා බලපත්‍ර රජය විසින් ලබා දී ඇති අතර ඉන් එකක් විපක්ෂ මන්ත්‍රීවරයෙකු හරහා ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිළධාරියාගේ නමට ගෙන ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත් මේ පිළිබඳ එම ප්‍රදේශයේ නායක හිමිවරු සජිත් ප්‍රේමදාස මහතාට පුද්ගලිකව පැමිණිලි කර ඇත. මැතිවරණ ප්‍රකාශයට පත්වී ඇති කාලයකදී මෙලෙස අලුතෙන් නිකුත් කරන ලද සියලුම මත්පැන් බලපත්‍ර තම රජයක් යටතේ අහෝසි කරන බව හා එම බලපත්‍ර නිකුත් කළ නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ පිළිබඳ අදහස් දක්වමින් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk

Add to cart