මහ මැතිවරණයට ඕනෑම අවස්ථාවක සුදානම්

මහ මැතිවරණය පැවැත්වීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මහ මැතිවරණයක් සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් බිලියන 11ක් පමණ වනු ඇති බවයි. එමෙන්ම මහ මැතිවරණය සඳහා ජනාධිපතිවරණයට සකස් කළ ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනයම යොදා ගන්නා බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි.

උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව නව ජනාධිපතිවරයා දිවුරුම්දීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරුන් 5 දෙදෙකු ඉල්ලා අස්වී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අගමැති සහ කැබිනට් මණ්ඩලය අද අලුත් වෙයි


ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (24) දිනයේදී නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
කැබිනට් මණ්ඩලයද අද දිනයේ පත් කරන අතර අනෙකුත් අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත් කිරීමද සිදු කෙරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්


අද (18) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වන අතර අද මධ්‍යම රාත්‍රී 12.00 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලයක් ක්‍රියාත්මක වේ.

මෙම කාලසීමාව තුළ, කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් සිදුකිරීම තහනම් වන අතර, මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශ්වයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කාසියේ වාසිය ලංකාවට


ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමි වූ අතර ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තිීරණය කර තිබේ.
ඒ අනුව තරඟ දෙකකින් සමන්විත මෙම තරඟාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාපිටියේදී පැවැත්වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

හර්ෂිතා සහ වෙල්ලාලගේ ICC සම්මානයට

අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද මාසයේ ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හා හර්ෂිතා සමරවික්‍රම නම් කර තිබේ.
අගෝස්තු මස පිරිමි ක්‍රිකට් ක්‍රිඩක සම්මානයට වෙල්ලාලගේ සමගින් දකුණු අප්‍රිකාවේ කේෂව් මහාරාජ් සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ජේඩන් සීල්ස් නිර්දේශ වී තිබිණි.
දුනිත් වෙල්ලාලගේ මේ වසරේ මාර්තු මසදීද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ක්‍රිකට් ක්‍රීඩක සම්මානයට කමිඳු මෙන්ඩිස් සමග නිර්දේශ වී තිබිණි.
මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල අගෝස්තු මස හොදම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රමට හිමිව ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

SL vs NZ ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නවසීලන්තයට එරෙහිව තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කර ඇත.
ඒ අනුව ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන්16 දෙනා ඇතුළත් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නැවතත් හිටපු ජනපති ඝාතනය කිරීමේ උත්සහයක්

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩා ගොල්ෆ් පිටියේදී ඝාතනය කිරීමේ උත්සහය ව්‍යර්ථ වී සැකකරුවෙක් අත්අඩංගුවට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නමුත් එහිදී හිටපු අමෙරිකානු ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදුව නොමැති අතර ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරුවෙකු යැයි සැලකිය හැකි පුද්ගලයෙකුව පසුව අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුර වාර්තා වෙයි. එමෙන්ම එරට මාධ්‍ය තවදුරටත් සඳහන් කළේ බුද්ධි අංශ නිලධාරීන් විසින් තුවක්කුකරුවෙක් සිටින බවට හඳුනාගෙන ඒ දෙසට වෙඩිතබා ඇති අතර එහිදී සැකකරු සිය තුවක්කුව සහ වෙනත් භාණ්ඩ කිහිපයක් එම ස්ථානයේ දමා පැනගොස් තිබුණි.

පසුගිය ජුලි මාසයේදී ද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල විය. ඒ ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී සහභාගී වූ මැතිවරණ රැලියක් අතරතුරදීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර දේශපාලකයන්ගේ ආරක්ෂාවත් ඉවත් කරනවා

අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අනුර කුමර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ, දිවයිනේ විවිධ ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදාහැරීම දේශපාලනඥයන්ගේ අනුග්‍රහයෙන් සිදුවන බව‍යි.
ඔහු එහිදී පෙන්වා දුන්නේ දරුවන් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වී ඇති බවත්, දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ විට මුළු පවුලම පීඩාවට පත්වන බවත් ය.
ජාතික ජන බලවේගය කිසිවකුට බියක් හෝ ණයගැති නොවන බවත්, මත්ද්‍රව්‍ය උවදුර තුරන් කළ හැකි එකම ආණ්ඩුව ජාතික ජන බලවේගය පිහිටුවන ආණ්ඩුව බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
පොලිසියට නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ජාතික ජන බලවේගය නිදහස ලබාදෙන බව පැවසූ අනුර කුමාර දිසානායක, දේශපාලනඥයන්ට ආරක්ෂාවට තර්ජන නොමැති නම් ඔවුන්ට ලබාදී ඇති ආරක්ෂාව ඉවත් කරන බවද පැවසුවේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඉස්ලාම් බැතිමතුන් හරසරින් සමරන මිලාද් උන් නබි උත්සවය අදයි

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන මිලාද් උන් නබි උත්සවය අදට යෙදී ඇති අතර ලොව පුරා විවිධ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද මෙම ජන්ම දිනය සැමරීම වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

ඉස්ලාම් චන්ද්‍ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබ්අල් – අව්වල් මාසයේ අද වැනි දිනක සෞදි අරාබියේ මක්කා නගරයේදී නබි නායකතුමන් උපත ලබා ඇති බව ඉස්ලාම් දහමේ දැක්වෙන අතර මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ ජන්ම දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අද දිනයේදී මහත් උත්සවාකාරයෙන් සහ ආගමානුකූලව සමරනු ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart