සේවකයන්ට ඡන්දය පාවිච්චි කිරීමට නිවාඩු දිය යුතුයි


පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් හට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු දෙන්නැයි පැෆරල් සංවිධානය සියලුම සේවායෝජකයන්ගෙන් ඉල්ලා සිටියි.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, යම් සේවායෝජකයකු මේ නීතිය නොසලකා හැර කටයුතු කර අධිකරණය ඉදිරියේ වරදකරුවකු වුවහොත්, රුපියල් ලක්ෂ දෙකක දඩයක් සහ මාසයක කාලයක් සඳහා සිර දඬුවම් හිමිවිය හැකි බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවසට බෙදීම අදින් අවසන්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීමේ කටයුතු අද (14) දිනයෙන් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
අද දිනයේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත්, තම ප්‍රදේශයේ පිහිටි තැපැල් කාර්යාලයට ගොස්, අනන්‍යතාව තහවුරු කර එය ලබා ගැනීමේ හැකියාව පවතින බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ වැඩිදුරටත් සඳහන් ක​ළේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

හෙට දවල් 1.30 තෙක් දේශපාලන රැස්වීම් එපා


හෙට(15) දිනයේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බැවින් දහවල් 01.30 පහුවන තුරු පාසල් අවට දේශපාලන රැස්වීම් ආදී කටයුතු සිදු නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියි.
එමෙන්ම 2025 වසරේ පාසල් ආරම්භය ජනවාරි 02වන දින සිදු කෙරෙන අතර, එම වසරට අදාල පළමු වාරය ආරම්භ වන්නේ ජනවාරි 20වන දින බවත් අමාත්‍යාංශය වැඩි දුරටත් නිවේදනය කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ලබන අයවැය යෝජනාවෙන් බදු අඩු කිරීමට තීරණයක්


2025 අයවැය යෝජනා ඔස්සේ උපයන විට ගෙවන බදු අඩුකිරීමේ යෝජනාව ඇතුළත් කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත.
ඒ අනුව රජය මගින් අදාළ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර එහි එකඟතාව ඊට ලබාගෙන ඇති අතර මේ හරහා වෘත්තිකයින්ට, පෞද්ගලික අංශයේ සේවකයින්ට සහනයක් ලැබෙන බවත් අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලංකාවට තවත් රන්පදක්කමක්

ඉන්දියාවේදී පැවති 2024 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 110 කඩුලු මතින් දිවීම පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ සඳුන් කෝසල විසින් දිනාගත් අතර ඔහු වාර්තා කළ කාලය තත්පර 14.06 කි.
එම තරඟයේම රිදී පදක්කම ඉන්දියාවට හිමි වූ අතර තත්පර 14.27 කාලයක් වාර්තා කළ ශ්‍රී ලංකාවේ විශ්ව තාරුකට ලෝකඩ පදක්කම හිමි විය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මැතිවරණ ප්‍රචාරක කටයුතු 18 මධ්‍යම රාත්‍රි යෙන් අවසන් වෙයි

ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බවත් 18 වනදායින් පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට අදාළ ආකාරයට ප්‍රචාරක කටයුතුවල නියැලීම තහනම් වන බවත් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන එළඹෙන 21 දාට පෙර පැය 48ක් තුළ සියලු ප්‍රචාරක කටයුතු නතර කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පත්වන රජය සමඟ IMF වැඩසටහන ඉදිරියට ගෙන යනවා – IMF

ජනාධිපතිවරණයෙන් පසුව පත්වන රජය සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට කරගෙන යාමට සූදානම් බව එහි මාධ්‍ය ප්‍රකාශක ජූලී කෝසැක් පවසා ඇත.
ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කර ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනය පවත්වන දිනය සම්බන්ධයෙන් පත්වන රජය සමඟ සාකච්ඡා කර තීරණය කරන බවයි .

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

උසස් පෙළට දින නියම වෙයි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසා තිබේ.
ඒ අනුව නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිතව ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඡන්ද පොළ තුළට දුරකථන රැගෙන යාම තහනම්

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද පොළවල් තුළට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක ප්‍රකාශ කර ඇත.

‘නිදහස් සහ සාධාරණ ජනාධිපතිවරණයක් සහතික කිරීමේ මාධ්‍ය භූමිකාව’ තේමා කරගනිමින් ශ්‍රී ලංකා පුවත්පත් සංගමය විසින් ඊයේ සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් අමතමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක කියා සිටියේ සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවල ඡායාරුප සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම නිසා මෙම පියවර ගෙන ඇති බවයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක කියා සිටියේ සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකාව සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඡන්ද පෙට්ටි පිටුපසින් යාමට අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට අවස්ථාව


ඡන්ද මධ්‍යස්ථානවල සිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථ පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාව ලබාදී ඇත.
ඡන්ද පෙට්ටි මාරුකිරීම සම්බන්ධයෙන් වූ මිත්‍යා මතය දුරු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර එසේ යාමට අවශ්‍ය නම්, අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ නම, පසුපසින් පැමිණෙන වාහනයේ අංකය සහ වාහනයේ සිටින නියෝජිතයාගේ නම ඇතුලත් විස්තර වාර්තාවක් ඡන්ද විමසීමේ දිනයට දින තුනකට පෙර බලයලත් නියෝජිතයකු විසින් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ලබාදිය යුතු සදහන් වේ.
ඒ සඳහා නිකුත් කරන වාහන බලපත්‍රය අදාළ ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිගෙන් ලබාගත හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart