නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම හෙටින් අවසන්


නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම හෙටින් (14) අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 80%ක් මේ වනවිට බෙදා අවසන් කර ඇති බවත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට ලබන 18 වැනි දා සිට 21 වැනි දා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර ලබා ගත හැකි බවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කරනවා.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අනුර ජනාධිපති වුවහොත් ඔහු සමඟ වැඩ කිරීමට සූදානම් – සුමන්තිරන්


ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වුවහොත් ඔහු සමඟ එක්ව වැඩ කිරීමට සිය පක්ෂය සූදානම් බව එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසා ඇත.
ජාතික ජන බලවේගය බලයට පැමිණි පසු තමන් විපක්ෂයේ සිටියද, ඔවුන් සමඟ කටයුතු කළ හැකි බොහෝ කරුණු තිබෙන බවත්, දූෂණය පිටු දැකීමේ ක්‍රියාවලිය ඉන් එකක් බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
දැවැන්ත සීනි බදු වංචාවට එරෙහිව ජාතික ජන බලවේගයේ සුනිල් හදුන්නෙත්ති විසින් පවරා තිබෙන නඩුවේ ඔහුගේ නීතීඥයා ලෙස කටයුතු කරන්නේද තමන් බව එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රජයේ වෛද්‍ය සංගමය දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට සැරසෙයි.


එළඹෙන බදාදා දිනයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම වැඩවර්ජනය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලකින් තොරව ගෙන ඇති විනය පරීක්ෂණයට එරෙහිව ක්‍රියාත්මක කිරීමට සූදානම් අතර එළඹෙන දින 07ක කාලය තුළ මෙම ගැටලුවට සාධාරණ විසඳුමක් අපේක්‍ෂා කරන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කතානායකවරයා විසින් අවම වේතන පනත සහතික කරයි

සේවකයන්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන අද සිය සහතිකය සටහන් කර තිබේ.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය පසුගිය 3 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත් වින.
එහිදී එය සංශෝධන රහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත වී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

විශේෂ රාජ්‍ය සමාවක්

අද දිනට යෙදී තිබෙන සිරකරු දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත වූ රැඳවියන් 350 දෙනෙකු සඳහා විශේෂ රාජ්‍ය සමාවක් හිමිව තිබේන බව වාර්තා වේ. අතිගරු ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව එම රාජ්‍ය සමාව පිරිනැමෙනු ඇත. එමෙන්ම ඊට සමගාමීව සිරකරුවන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානයක් ද අද දවසේ සිදු කෙරෙනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

තුන්වන වටයට පිවිසීමට වරම් ලැබූ පාපන්දු ශූරයින් දිවයිනට


ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන්වන වටයට පිවිසීම සදහා සුදුසුකම් ලබා ගත් අතර එම කණ්ඩායම ඊයේ (11) රාත්‍රියේ දිවයිනට පැමිණි අවස්ථාවේදී ඔවුන් පිළිගැනීම සදහා පාපන්දු ක්‍රීඩකයින් සහ පාපන්දු ලෝලීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ තිබෙන අයුරු දක්නට ලැබිණි.
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉකුත් 05 දින කාම්බෝජය සමග කොළඹ දී පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග එහි තවත් තරගයක් කාම්බෝජයේ නොන්පෙන් නුවර දී පසුගිය 10 දින පැවැත්වූ අතර එහිදී දෙරටම 2-2 ක් ලෙස සමාන ආකාරයෙන් ගෝල වාර්තා කිරීම නිසා ඔවුන්ට හිමි වූ දඩුවම් පහර ශ්‍රී ලංකා කණ්ඩායම 4-2 ක් ලෙස සාර්ථක කර ගැනීමත් සමග මෙම ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් විය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කෙහෙළියට ඇප ලැබෙයි

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප ලබාදීමට නියෝග කර තිබේ.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉකුත් පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර ඊට පසුදින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ගීතාගේ තනතුර සීතාට


සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ සමගි ජන බලවේගයට සහාය දැක්වූ ගීතා කුමාරසිංහ වෙනුවෙට එම අමාත්‍ය ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා අරඹේපොළ පත් කර තිබේ.
ඒ අනුව ඇය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට කාම්බෝජයට එරෙහිව තියුණු ජයක්

නොම් පෙන් ඔලිම්පික් ක්‍රීඩාංගණයේ පැවති AFC ආසියානු කුසලාන 2027 සුදුසුකම් ලැබීමේ ප්‍ලේඕෆ් වටයේදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ත්‍රාසජනක දඬුවම් පහරකින් කාම්බෝජයට එරෙහිව ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.
මෙම තරගයේදී නියමිත කාලය තුළදී ගෝල 2-2ක් ජය පරාජයෙන් තොරව තරගය නිමාවීම හේතුවෙන් ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා දඬුවම් පහර වෙත යොමුවීමට සිදුව ඇති අතර එහිදී 4-2ක් ලෙස ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකිවී තිබේ.
ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා දඬුවම් පහරවලදී තීරණාත්මක රැකගැනීම් සිදු කළ ගෝල රකින ක්‍රීඩක සුජාන් පෙරේරා එදින තරගයේ වීරයා සම්මානයද දිනාගත්තේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

දිලිත්ගෙන් අලුත් බලාපොරොත්තුවක්


විදේශ ගත වන තරුණ්‍ය රටේ තුළ රඳවා ගැනීම සඳහා තමා ඉදිරිපත් කළ උපායමාර්ගික වැඩපිළිවෙළ තුළ සැලැස්මක් පවතින බව සර්වජනබලය සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක, දිලිත් ජයවීර මහතා කන්තලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අදහස් පළ කළේය.

“ලංකාවේ තාරුණ්‍ය හිතනවා මේකේ ඉඳලා වැඩක් නෑ කියලා අපි යන්න ඕනේ රට කියලා. අපි ඉදිරිපත් කරපු උපාය මාර්ගික වැඩපිළිවෙලට අපි හැමතිස්සේම කියන්නේ කෙටි කාලීන, මධ්‍ය කාලීන, දීර්ඝ කාලීන වැඩපිළිවෙලක්. කෙටි කාලීනව අපිට තාරුණ්‍ය රඳවා ගැනීමට අවශ්‍යයයි. ඒකට ඉක්මන් වැඩක් තියෙන්න ඕනේ. ඒකේ වැඩක් කියලා වැඩක් නෑ ළමයා යුනිවර්සිටි යනකොට හොඳ යුනිවර්සිටි එකක් හදනවා ඒ නිසා ඔයා ඉන්න කිව්වට වැඩක් නෑ. එයාට දැන් මොනවා හරි ඕනේ. ඒ අතරේ ඔවුන් පිටරට යන මුලික අවශ්‍යතා දෙකක් ඉටුකරගන්න උත්සාහ ගන්නවා. එකක් තමා වාහනයක්. දෙවැනි එක ගෙයක්. තාරුණ්‍යයට අපි කියන්නේ වාහන ආනයනය කරනවා. ඔබ උපයපු ධනයෙන් වාහනයක් ගන්න පුළුවන්. අපි මේ පිළිබඳ ගණන් හදලා, මේකෙන් රජයට අහිමි වීමට හැකි බදු ආදායමට වැඩියි මොවුන් රඳවා ගත්තොත් අපිට තියෙන වටිනාකමේ අගය එකතු කිරීම. එතකොට අපි කරන්නේ ආයෝජනයක්. ඇත්තටම මුකුත් පාඩුවක් නෑ. මෙයාලව තියා ගන්න අපි ආයෝජනය කරනවා. ඒකටත් කන්ඩිෂන් කිහිපයක් තියෙනවා. ඒවා අතරේ තමා තීරුබදු රහිත වාහන ලබාදිය යුතු බව අපි කියන්නේ. එයාලට හේතුවක් තියෙනවා අපිට සුවිශේෂි අවස්ථාවක් තියෙනවා ඒ නිසා අපි ලංකාවේ තව පොඩ්ඩක් ඉඳලා බලන්න ඕනේ අපිට චාන්ස් එකක් තියෙනවා කියලා.”

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart