තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අද සහ හෙට තවත් අවස්ථාවක්


තැපැල් ඡන්දය සලකුණු කිරීම පසුගිය 04, 05, 06 යන දිනයන්වල සිදු කෙරුණ අතර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූ පිරිස් සඳහා අද (11) සහ හෙට (12) දිනවල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව අවස්ථාව දී තිබේ.
ඒ අනුව තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව පවතින බවය මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් අමාත්‍යධූර පහක් ඉවතට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 5 ක් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ගීතා කුමාරසිංහ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, අමිත් තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී. චානක යන අමාත්‍යවරුන් මෙලෙස ඉවත් කරන අතර මීට පෙරද රාජ්‍ය අමාත්‍යවරුන් 4 ක් ඉවත් කෙරිණි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි


ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විය ඒ මහතා 65 වන වියේ පසුවුණි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සා.පෙල ප්‍රතිඵල ලඟදීම


2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කරයි.
ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අවසන් අදියරයේ පසුවන බවයි අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අනුර, සජිත් සහ රනිල්ලගෙ මුදල් ඇමතිවරු

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් ජනාධිපති ධූරයට පත් වුවහොත් ඔහු විසින්ම එම රජයේ මුදල් අමාත්‍ය වගකීම දරනු ඇති බව වාර්තා වේ .ඒත් සමඟම සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් ඔහුගේ කැබිනටුවේ මුදල් අමාත්‍ය ධුරය ඔහු හර්ෂ ද සිල්වා මහතාහට පවරන බව ත්, ඊට අමතරව එම තනතුර සඳහා එරාන් වික්‍රමරත්න හා කබීර් හසීම් යන මහත්වරුන්ද ආසන්නයෙන් සිටින බවත් සඳහන් ය. ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වුවහොත් ඔහුද මුදල් අමාත්‍ය ධුරයේ වගකීම නොදරණු ඇති අතර ඒ මහතා බීබීසී සේවය සමඟ සඳහන් කර තිබෙන්නේ සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ, අනිල් ජයන්ත, හර්ෂණ නානායක්කාර, සීතා බණ්ඩාර යන පිරිසෙන් අයෙක් එම වගකීම දරනු ඇති බවත් එමෙන් ම විශේෂ කමිටුවක් හරහා මුදල් අමාත්‍යාංශය හසුරුවන බවත්ය.

එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ආනයනික සිමෙන්ති සෙස් බද්ද රුපියලකින් අඩු කරයි


ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද අඩු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මුදල් අමාත්‍යංශය සඳහන් කර සිටියේ සැප්තැම්බර් මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා පැවති සෙස් බද්ද රුපියලකින් අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඉන්දියාවටත් මන්කිපොක්ස් ඇවිත්


ඉන්දියාවෙන් පළමුවරට මන්කිපොක්ස් (mpox) වෛරස ආසාදිත බවට සැකසහිත රෝගියකු හමුව ඇති අතර එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ mpox වෛරසය පැතිර පවතින රටක සංචාරය කළ පුද්ගලයෙකු එලෙස ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇති බවයි.
මෙම තරුණ පිරිමි රෝගියා රෝහලක හුදෙකලා කර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බවත්, මේ වනවිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර ඇත.
රට තුළ වෛරස පැතිර යෑම වැළැක්වීම සඳහා පූර්ව පියවර ක්‍රියාත්මක බව ද ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසා තිබේ.
එහෙත් ආසාදනය තහවුරු කිරීම සඳහා පරීක්ෂණ පවත්වනු ලැබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නවසීලන්ත සංචාරයෙත් පුහුණුකරු සනත්


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය එළැඹෙන නවසීලන්ත සංචාරය සඳහා තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.
එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරග ජයග්‍රහණයෙන් පසුව සනත් ජයසූරියට ඔහුගේ භූමිකාව වෙනුවෙන් වැඩි වගකීමක් ලබාදී තිබෙන බවටත් ඔහුගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ඓතිහාසික එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලබාගත්තේ වසර 27කට පසුවය.
ශ්‍රී ලංකාව පසුගියදා එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස පරාජය වුවද, ප්‍රබල එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ ප්‍රශංසනීය දස්කම් පිළිබඳව බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශිෂ්‍යත්ව පන්ති හෙට සිට තහනම්


5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් සියලුම උපකාරක පන්ති, දේශන හෝ වැඩමුළු සැප්තැම්බර් 11 මධ්‍යම රාත්‍රියේ සිට නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසා ඇත.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වාහන වල අලවා ඇති මැතිවරණ ප්‍රචාරණ ස්ටිකර් ඉවත් කිරීමට නියෝග

1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 74 වන වගන්තිය යටතේ එය වරදක් වන බැවින් වාහනවල අලවා ඇති ජනාධිපති අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයෙන් සියලු ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ.
පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල ජනාධිපති අපේක්ෂකයින් සහ පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර්, කොඩි යනාදිය ප්‍රදර්ශනය කිරීම පිළිබඳ පැමිණිලි ලැබී ඇති අතර අදාළ ස්ටිකර් ගලවා ඉවත් කිරීමට සෑම පොලිස් බලප්‍රදේශයක්ම ආවරණය වන පරිදි හදිසි පරීක්ෂා කිරීම් සිදුකරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව පොලීසිය වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart