ජනපති පුතා අධිකරණය ඉදිරියේදී වරද පිළිගනී.


අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ පුත් හන්ටර් බයිඩන්ට එරෙහිව එල්ල වූ ඩොලර් මිලියන 1.4ක බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාවලට ඔහු වරදකරු බව පිළිගෙන ඇති බව වාර්තා වේ.

ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණයකදී ජූරි සභිකයින් නඩු විමසුම අරඹන විටම හන්ටර් බයිඩන් තමන්ට එරෙහිව ඇති චෝදනා 9ටම වැරදිකරු බවත් පිළිගත් බවත් ඒ අනුව හන්ටර් බයිඩන් ට වසර 17ක සිර දඩුවමක් සහ ඩොලර් මිලියන ගණනක දඩයක් නියමවීම ඉඩ ඇති බවත් දඬුවම් නියම කිරීමේ දී ඔහු වරද පිළිගැනීමත් විශේෂිතව සලකා බැලීමට ඉඩ ඇති බවත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

හිරුණිකාට එරෙහි නඩුවක් යළි කැඳවීම ලබන වසරට


හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 12 දෙනෙකුට එරෙහි නඩුවක් ලබන ජනවාරි 10 වනදා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනිතැබූ දිනට, දින දෙකකට පෙර කළ උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩකල බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 12 දෙනාට චෝදනා එල්ලවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති හිරුණිකා ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ අද පෙනී සිට ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අපේක්ෂකයෙක් දිනවන්න තෙල්,ගෑස් පෝලිමක් නිර්මාණය කල අයෙක් අත්අඩංගුවට


ජනාධිපතිවරණ අපේක්‍ෂකයකුට සහාය පිණිස දැන්වීමක් නිර්මාණය කිරීමට තෙල් හා ගෑස් පෝලිමක් ව්‍යාජ ලෙස නිර්මාණය කොට ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට දර්ශන වීඩියෝගත කළ පුද්ගලයකු මැතිවරණ කොමිසම කළ පැමිණිල්ලක් මත කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල් පෝලිම් යුගය සිහිගන්වනු පිණිස දැන්වීම් නිර්මාණය කිරීමට අදාළව,දැන්වීම් සහ උත්සව සංවිධාන පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
දැන්වීම් නිර්මාණය කිරීම සඳහා මුදල් ගෙවා පිරිසක් යොදවා පෝලිම් නිර්මාණය කර ඇති අතර ඊට ත්‍රිරෝද රථ රියැදුරන් පිරිසක් ද යොදවා තිබින.
අදාළ කටයුත්ත සඳහා මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට පෙළගැසී සිටි අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් පිරිසක් මහනුවර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට කළ පැමිණිල්ල මත කටුගස්තොට පොලිසිය යොදවා අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

දඟ පන්දු පුහුණුකරු ලෙස රංගන හේරත් නම් කරයි

එළැඹෙන ඇෆ්ගනිස්තාන සහ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සඳහා නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත් නම්කර ඇත.

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉදිරි මාස දෙකේදී ආසියාවේදී ටෙස්ට් තරග 6කට සහභාගී වීමට නියමිතව ඇති අතර ඉන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග ඉන්දියාවේ පැවැත්වෙන තරගය සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සඳහා රංගන හේරත් ගේ සේවය නවසීලන්ත කණ්ඩායමට හිමි වීමට නියමිතය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඇල්පිටියට පොහොට්ටුවෙන් ඇප තැන්පත් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කිරීමට ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වේ.
පසුගිය 26 වැනිදා ඒ සඳහා ඇප මුදල් භාර ගැනීම ආරම්භ වුවද ඊයේ (05) දිනය දක්වා කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් ඇප මුදල් තැන්පත් කර නොමැති අතර ඇප මුදල් භාර ගැනීම සැප්තැම්බර් 11 දින මධ්‍යහන 12.00 දක්වා සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍යධූර හතරක් ඉවතට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු ධූරවලින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව වරාය සහ ගුවන්සේවා සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලි හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මෙලෙස ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

තීරු බදු රහිත සාප්පු සංකීර්ණය වරාය නගරයේදී විවෘත කරයි.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (05) දින පස්වරුවේ දී කොළඹ වරාය නගරයේ ඉදිකළ “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කෙරුණ අතර මෙම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙය වේ.
මේ සාප්පු සංකීර්ණයෙහි One World, China Duty Free Group (CDFG) සහ Flemingo යන ලොව ප්‍රකට තීරුබදු රහිත වෙ‍ළෙඳ සැල් සිය මෙහෙයුම් කටයුතු ඇරඹීමට නියමිතව ඇත.
මෙහි භාණ්ඩ අලෙවිසැල්, ආපන ශාලා සහ අනෙකුත් වෙළෙඳසැල්වලින් එය සමන්විත වන අතර ඒ සමග කොළඹ වරාය නගරය මෙම කලාපයේ සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස පිළිගැනීමට ලක්වනු ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සජබ ආර්ථික ප්‍රතිපත්තිය Blueprint එළිදකියි


සමගි ජන සංධානයේ ආර්ථික ප්‍රතිපත්තිය Blueprint 3.0 නමින් ඊයේ එළිදක්වා තිබේ.
රට ණය උගුලෙන් මුදවාගෙන අන්තර්ග්‍රාහී තිරසර සංවර්ධනයක් කරා ගෙන යෑමට සැලසුම් කර තිබෙන වැඩපිළිවෙල මෙහි දක්වා ඇත.

මෙම Blueprint 3.0 ආර්ථික ප්‍රතිපත්තිය පහතින් 👇👇👇
https://drive.google.com/file/d/16SJmrEx3Ykhg-WnxYJNpd1jMdq0SfUU6/view

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනාධිපතිවරණයෙන් පසු මහමැතිවරණය තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලකුණු


ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයෙන් පසුව කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බව ජාඇළ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකට ඉදිරි මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කිරිමේ අවස්ථාව අහිමි වන බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය පවත්වන තෙක් ව්‍යවස්ථානුකූලව රට පාලනය කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අන්ත දූෂිත දේශපාලන හවුල්වලට නොයන බව සජිත් කියයි

ගාල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටියේ කිසිඳු අවස්ථාවක රට විනාශ කරන පුද්ගලයින් සමඟ එක් නොවන බවයි.
රට ගොඩනැගීම සඳහා හොඳම වැඩපිළිවෙල සමගි ජන බලවේගය සතු වන අතර, එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවිම සඳහා කැපවී සිටින බවත්, 21 වනදා මැතිවරණය ජයග්‍රහණය කර සමගි ජන බලවේගය එක්වන්නේ රටේ ලක්ෂ 220 ක් වූ ඡනතාව සමඟ පමණක් බවක් ඔහු සඳහන් කර ඇත.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ජරාජීරණ වුණු අන්ත දූෂිත දේශපාලන හවුල්වලට නොයන බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart