බස් ගාස්තු ගැන තීරණය අද


ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බස් ගාස්තු වල වෙනසක් සිදුවන්නේද යන තීරණය
අද (02) දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව වාර්තා වේ.
ඉන්ධන මිලෙහි සිදු වූ රුපියල් 10ක වෙනස, 4% ප්‍රතිශතයට ප්‍රමාණවත් නොවන බැවින් මෙවර බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනපතිවරණයත් සමඟම මහමැතිවරණයකුත් එන ලකුණු

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර සිටියේ ජනාධිපතාවරණයෙන් දින 66 කට පසුව මහමැතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩකඩක් ඇති බවයි.
ජනාධිපතිවරණයෙන් පසුව පත්වන ජනාධිපතිවරයාට සුදුසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොමැති වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ වැඩි ඉඩක් පවතින අතර එසේ වුවහොත් සති පහත් හෝ හතත් ඇතුළත නාමයෝජනා කැඳවා දින 66ක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවන බව සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ක්ලබ් වසන්ත ඝාතනයට පහසුකම් සැපයූ හිටපු මන්ත්‍රී අමල් සිල්වා රිමාන්ඩ්


බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා සැප්තැම්බර් 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව එම ඝාතනය සිදුකිරීමට පැමිණි පිරිසට නවාතැන් පහසුකම් හා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඔහුව ඉකුත් 29 වනදා උදෑසන අත්අඩංගුවට ගත් අතර කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

තැපෑලෙන් නොමිලේම එන ජනපතිවරණ ප්‍රතිපත්ති

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් තැපැල් මාර්ගයෙන් ඡන්ද දායකයින් වෙත බෙදා හැරීමට පහසුකම් සලසා ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත.
එමෙන්ම මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එල්.ඒ.එම්. රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේ අවශ්‍ය ලිපිලේඛණ ද තැපෑල හරහා නොමිලයේ ජනතාව වෙත බෙදා හැරීමට හැකියාව ඇති බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනපති අපේක්ෂකයෙකු කොමිසම් සභාවෙන් ඉවත් කරයි

2024 ජනාධිපතිවරණයේ අපෙක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්ව සිටින මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි කිර්ති වික්‍රමරත්න මහතා එම තනතුරෙන් ඉවත් කර ඇත.
කිර්ති වික්‍රමරත්න මහතා කිසිදු පුර්ව දැනුම් දිමකින් සහ අවසරයකින් තොරව 2024 ජනාධිපතිවරණයේ අපෙක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් විම නිසා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් ඔහු එම තනතුරෙන් ඉවත් කර ඇත.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙකු වශයෙන් කටයුතු කල කිර්ති වික්‍රමරත්න මහතා මෙවර ජනාධිපතිවරණයේ අපෙක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වි ඇති බවට මහනුවර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලිඛිතව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත කරන ලද දැනුම් දිමක් මත ආණ්ඩුකාරවරයා විසින් කිර්ති වික්‍රමරත්න මහතා තනතුරෙන් ඉවත් කල බවට ලිඛිතව දැනුම් දි ඇති බවයි වාර්තා වන්නේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සර්වජන බලයෙහි ප්‍රතිපත්ති ප්‍රකාශය අද


සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ජනාධිපතිවරණ උපායමාර්ගික වැඩපිළිවෙල ජනගත කිරීම අද (31) දින සිදු වන බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අදත් තද වැසි


බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරනවා. එමෙන්ම දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර, උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට වැඩිදුරටත් දන්වා සිටියි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

එංගලන්ත පළමු ඉනිමට ලකුණු 427ක්

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 427ක් රැස් කරගෙන තිබේ.
ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි එංගලන්ත කණ්ඩායම පළමු දිනය නිමාවන විට කඩුළු 7ක් දැවී ලකුණු 358ක් රැස් කළ අතර දෙවැනි දිනයටත් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම අද (30) සියලු දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 427ක් පමණයි.
ඒ අනුව මෙම ඉනිමේදී ලකුණු 102කට කඩුලු 5ක් දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් විය.
අද ඔවුන් තවත් ලකුණු 69ක් සිය ඉනිමට එක්කර ගැනීමට සමත්විය.
එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් ලකුණු 143ක් රැස්කළ අතර ගස් ඇට්කින්සන් ලකුණු 108යි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක රනිල්,අනුර සහ සජිත් හමුවෙයි

අද (30) ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ජනපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබේ.මෙම හමුව සිදුව ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත්තේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආර්ථික සබඳතා සම්බන්ධයෙන් එහිදී අදහස් හුවමාරු කරගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ඉන් අනතුරුව ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකද හමුවී තිබෙන බවට වාර්තා වේ.
පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද හමුවී තිබේ.
ඒ අනුව කොළඹදී මෙම හමුව සිදු වී ඇතයි වාර්තාවේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රංගෙ ඉවත් කළ බවට නිල දැනුම්දීමක් ලැබී නැතිලු

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් තමන් ඉවත් කළා යැයි සමාජ මාධ්‍ය වලින් පැවසුවද එවැනි ලිපියක් තමා වෙත නොලැබුණ බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ප්‍රකාශ කර තිබේ.

අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර, එවැනි කාරණාවක් සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් නිල දැනුම්දීමක් ලැබී නොමැති බවත් මහලේකම් ධුරයෙන් ඉවත් කළද තමන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart