තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාරගැනීම අද (08) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වේ.
එමෙන්ම මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මෙතෙක් තැපැල් ඡන්ද අයැදුම්පත් භාර නොදුන් රාජ්‍ය සේවකයින් තමන්ගේ ආයතන ප්‍රධානියා මගින් සහතික කළ අයැදුම්පත් තමන්ගේ නිවස පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියාට අද (08)දා ලබාදිය යුතු බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොහොර සහනාධාරය ලබා දීම ලබන සදුදා සිට

අද (08) දිනයේදී කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවති අතර එහිදී වී ගොවීන් සඳහා ලබාදෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීම එළැඹෙන සඳුදා අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයේ කටයුතු කළ ඩබ්.ඒ.කේ. විජයරත්න මහතා ඉල්ලා අස්වී තිබේ.
ඊට අදාළ ලිපිය ජනාධිපති අනුර දිසානායක මහතා වෙත අද දිනයේ යොමු කර ඇති අතර එය ඔහුගේ නීතිඥවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දී තිබේ.අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකමක් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක්


සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක් හිමිවන පුළුල් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් නිර්මාණය කරන බව අග‍්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
අදට යෙදී ඇති ජාතික විශ්‍රාමික දිනය නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ඇය මෙම අදහස් පල කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සුරාබදු කොමසාරිස් ජනරාල් ඉවත් කරයි

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත්කර තිබේ.
ඒ අනුව කොන්ත්‍රාත් පදනම මත සේවය කළ එම්. ජේ. ගුණසිරි වෙනුවට සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කරන යූ.ඩී.එන්.ජයවීර වැඩබලන පදනමින් පත්කර ඇත.
මෙම තීරණය පිළිබඳව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත හේරත් මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී දැනුම්දී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

දේශීය කිරි ගොවියාට සහන රැසක්


ඉදිරියේදී දැනට වඩා කිරි ගොවියාට වැඩි මිලක් ලබාදීමට කටයුතු කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසා ඇත. ඉදිරියේදී රජය සමඟ මේ පිළිබඳ සාකච්ඡා කරන බවත් පසුගිය රජය මේ වනවිට දේශීය කිරි මිල අඩුකර ඇති බවත් ඔහු වැඩි දුරටත් එම අවස්ථාවේ දී සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මන්ත‍්‍රීවරුන්ට නොමිලේ දුන් මුද්දර අවලංගු කරයි


පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට ඛාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.
තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම එම මුද්දර පාවිච්චි කිරීම තහනම් බවයි.
එමෙන්ම එම මුද්දර අවලංගු ඒවා හැටියට සලකන ලෙස ද තැපැල්පතිවරයා විසින් දිවයිනේ සියලුම තැපැල් කාර්යාලවලට දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මුද්දර නොමිලේ නිකුත් කෙරෙන අතර, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සපයා ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වී යන බවයි සඳහන් වෙන්නේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සර්වජන බලය පදක්කමෙන් තරඟ වදී

අද (07) පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කර සිටියේ සර්වජන බලය සන්ධානය පදක්කම ලකුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ කරන බවයි.
මෙරට ප්‍රධාන විපක්ෂයේ භූමිකාව කිරීමේ අවස්ථාව ලබා දෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු අවධාරණය කල අතරම අග්‍රාමාත්‍යධුරය අනිවාර්යයෙන්ම ජාතික ජනබලවේගය ලැබීය යුතු බවත්, පක්ෂ දෙකකින් ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු පත්වූවහොත් රට අස්ථාවර වනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබේ.
“සර්වජන බලය සන්ධානය පදක්කම ලකුණෙන් මෙවර මැතිවරණයට තරඟ කරනවා. අපි මෙවර බලාපොරොත්තු වන්නේ රන් පදක්කම නෙවෙයි. රිදී පදක්කම. මොකද අගමැතිකම අනිවාර්යෙන්නම යන්න ඕනේ මාලිමාවට. පක්ෂ දෙකකට ජනපතිකම සහ අගමැතිකම ගියොත් රට අස්ථාවර වෙනවා. ප්‍රධාන විපක්ෂයේ භූමිකාව අපි ජනතාවගෙන් ඉල්ලනවා.”

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජොනී පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන තිබෙන බව වාර්තා වේ.
ස්වයං ආරක්ෂාව සඳහා පුරවැසියන්ට නිකුත් කර ඇති සියලූම ගිනිඅවි සහ උණ්ඩ නැවත ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය 04වන දින තීරණය කරන ලදී.
ඒ අනුව ඔහු සතුව
01. AF 408 – 9mm cz 75
02. AHIBT 219 – 9mm Glock
03. ESM 893 – 9mm Glock
04. 24SLG2-0002 – 12Bore Repeter
05. 24SLG2-0151 – 12 Bore Repeter
06. 24SLG2-0010 – 12 Bore Repeter
07. 7000482/240888 – 12 Bore Repeter
08. 15333989 – 12 Bore Repeter
යන ගිනි අවි 8 ක් පැවති බව ඒවා නිකුත් කළ ලේඛන වල සඳහන් වී ඇති බවට වාර්තා වේ.
මීට අමතරව, ඇවන්ගාඩ් නැමැති සමුද්‍ර ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන ගිය නිශ්ශංක සේනාධිපතිද ද පසුගිය රජයන්ගෙන් ගිනි අවි 9ක් ලබාගෙන ඇති අතර එහි මි.මි 9 පිස්තෝල 7ක් සහ බෝර රිපීටර් 2ක් එම ගිනි අවි අතර වන බවයි වාර්තා වන්නේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පළ­මු­ව­රට CID අධ්‍ය­ක්ෂ ­ධු­ර­යට කාන්තා නිල­ධා­රි­නි­යක්


අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ (CID) ප්‍රථම කාන්තා නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස මේ වන විට සේවයේ නිර­තව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ඉමේෂා මුතු­මාලගේ නම යෝජනා වී තිබෙන බව වාර්තා වේ.මෙලෙස ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ පළ­මු­ව­රට CID අධ්‍ය­ක්ෂ ­ධු­ර­යට කාන්තා නිල­ධා­රි­නි­යක් පත්කි­රී­මට යෝජනා වී ඇත.
ඇය රුහුණු විශ්ව­වි­ද්‍යා­ල­යෙන් විද්‍යා­වේදී උපා­ධිය (BSc) සහ විවෘත විශ්ව­වි­ද්‍යා­ල­යෙන් නීති­වේදී (LLB) උපා­ධිය ලබා ඇති අතර පොලිස් සේව­යට එක්වී­මෙන් අන­තු­රුව නුගේ­ගොඩ පොලිස් කොට්ඨා­සයේ සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යක් ලෙස සේවයේ නිර­තව සිට ඇති ඉමේෂා මුතු­මාල පොලිස් නිෂ්කා­ශන අංශ­යේත් කලක් සේවය කර තිබේ.අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන අංශ අධී­ක්ෂණ නිල­ධා­රි­නිය ලෙසද ඇය කලක් කට­යුතු කර ඇති අතර ඇයව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස පත්ක­රනු ලබන්නේ 2021 වසරේ ජූනි මාස­යේ­දීය.
පොලිස් සේව­යට එක්වී­මෙන් අන­තු­රුව අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ හවායි පොලිස් අභ්‍යාස විද්‍යා­ලයේ අර්බුද කළ­ම­නා­ක­රණ පාඨ­මා­ලාව ද තායි­ල­න්තයේ දී FBI ආය­ත­නය මගින් පව­ත්වන මුදල් විශු­ද්ධි­ක­රණ වැළැ­ක්වීමේ පාඨ­මා­ලාව ද මැලේ­සි­යාවේ රාජ­කීය පොලිස් ඇක­ඩ­මියේ ප්‍රජා පොලි­ස්ක­ර­ණය පිළි­බඳ පාඨ­මා­ලාව මෙන්ම ඉන්දි­යාවේ හයි­ද්‍රා­බාද් පොලිස් ඇක­ඩ­මියේ ප්‍රජා පොලි­ස්ක­ර­ණය පිළි­බඳ පාඨ­මා­ලාව ඇය හදාරා තිබේ.
මේ හැරුණු කොට ඉන්දි­යාවේ දී අන්ත­ර්ජාල අප­රාධ පිළි­බඳ පාඨ­මා­ලාව ද ඇය හදාරා ඇත.
ඉමේෂා මුතු­මාල අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස යෝජ­නා­වන විට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය පොලි­ස්පති ධුර­යට මේ වන විට නියෝජ්‍ය පොලි­ස්පති පී. අම්පා­විල නම් කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart