දේශපාලන පක්ෂ කිහිපයකට නාමයෝජනා අහිමි වෙයි.

දේශපාලන පක්ෂ 06ක ලේකම්වරු සම්බන්ධයෙන් පවතින අර්බුද නිසා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී එම පක්ෂ වලට නාමයෝජනා ලබාදීමට නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සනත්ගේ සේවා කාලය වසර දෙකකින් යලි දීර්ඝ කරයි

2026 T20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත්කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ජනමාධ්‍ය නිවේදනය මෙසේය.
‘ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ, ජයසූරිය ‘අතුරු ප්‍රධාන පුහුණුකරු’ ලෙස කටයුතු කළ ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තයට එරෙහිව පසුගියදා පැවැති සංචාරවලදී කණ්ඩායම දැක්වූ දස්කම් සැළකිල්ලට ගනිමිනි.
මෙම පත්වීම 2024 ඔක්තෝබර් 1 දින සිට බලාත්මක වූ අතර, 2026 මාර්තු 31 දක්වා පවතිනු ඇත.’

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීම්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇති අතර එම මෙම අනතුරු ඇඟවීම අද (07) පෙරවරු 9.30 සිට හෙට පස්වරු 9.30 දක්වා ක්‍රියාත්මක බව වාර්තා වේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ඇම්බර් පැහැයෙන් යුතු “අවදානයෙන් සිටින ලෙසට” අනතුරු අඟවා ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත “කහ පැහැයෙන් යුතු” විමසිලිමත් වන්න යන අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaB

ඩෙංගු යලි හිස ඔසවයි

සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසන පරිදි දැනට පවතින කාලගුණ තත්ත්වයත් සමඟ සැප්තැම්බර් මස අවසානයේ සිට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
එහි සභාපති නජිත් සුමනසේන සඳහන් කර ඇත්තේ මේ වනවිට ඩෙංගු රෝගීන් 38,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.
දැනට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20 ක රෝගීන් වාර්තා වීම වර්ධනය වී ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

IMF කණ්ඩායමෙන් නිල නිවේදනයක්

මෙරට සංචාරය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ඊයේ (04) සිය සංචාරය අවසන් කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත්කර තිබේ.
ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙන ආර්ථික හා මූල්‍ය අභියෝග පිළිබඳව ඔවුන් ජනාධිපති අනුර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවත්, ශ්‍රී ලංකාව ආර්ථිකව ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙන ඒමට ඉවහල් වූ දුෂ්කර ජයග්‍රහණ තවදුරටත් ආරක්ෂා කර ගැනීම සහ ගොඩ නැගීමේ වැදගත්කම පිළිබඳව සියල්ලන්ම එකඟ වූ බවත් ඔවුන් පවසා ඇත.
ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් දිගටම කරගෙන යාමට බලධාරීන්ගේ ඇති කැපවීම ඔවුන් දිරිමත් කරන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනේ තුන්වන සමාලෝචනය සඳහා දිනයක් නියම කිරීම සඳහා IMF කණ්ඩායම ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ සමීප සබඳතාවයක් පවත්වාගෙන යනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් රැසක්


ඊයේ (04) දිනය වනවිට මෙවර මහ මැතිවරණය අදාළව ස්වාධීන කණ්ඩායම් 122 ක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර ඊයේ දිනය තුළ පමණක් ස්වාධීන කණ්ඩායම් 36 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් පවසා ඇත.

මේවන විට මැතිවරණ කොට්ඨාස 22 න් 21 ක් සඳහා ස්වාධින කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇති නමුත් මාතලේ මැතිවරණ කොට්ඨාසය සඳහා කිසිදු පාර්ශවයක් ඊයේ දිනය වනවිට ඇප මුදල් තැන්පත් කර නොතිබූ බව හා ජනසෙත පෙරමුණ පක්ෂය යාපනය සහ වන්නි මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් නාම යෝජනා භාර දී ඇති අතර ස්වාධීන කණ්ඩායම් තුනක් ද ඊයේ නාමයෝජනා භාර දී ඇති බව ද වැඩි දුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

බස් මගීන්ට හදිසි දැනුම්දීම් අංකයක්


ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් බස්රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
එම කොමිසම සදහන් කළේ, බස් රථ වල ගමන් කරන විට මුදල් ලබාගෙන ටිකට් නොදීම, ඉතිරි මුදල් නොදීම, අපහසුතාවයට පත්වන අයුරින් ඇමතීම වැනි අවස්ථාවලදී ඒ පිළිබඳ 1955ට දැනුම් දෙන ලෙසයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකාව අද තරඟ බිමට


මෙවර කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවැනි තරඟය අද (05) දා ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිතව ඇති අතර B කාණ්ඩායේ තරඟයක් ලෙස පැවැත්වෙන මෙම තරඟය සාජා හි පැවැත්වේ.
පාකිස්තාන කාන්තා කණ්ඩායම සමඟ පැවති පළමු තරඟය අනපෙක්ෂිත ලෙස පරාජය වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරඟාවලියේ අවසන් පූර්ව තරඟ වටයේ සිය බලාපොරොත්තු තබා ගැනීමට මෙම තරඟය ජය ගැනීම අනිවාර්ය වී ඇත.
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා කාන්තා තරඟය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සිවිල් වැසියන්ට ලබාදී ඇති ගිනි අවි ආරක්ෂක අමාත්‍යාංශය යළි කැඳවයි

ශ්‍රී ලංකා රජය විසින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිවිල් වැසියන් වෙත නිකුත් කර ඇති සියලුම ගිනි අවි තාවකාලිකව ආපසු කැඳවීමට තීරණය කර තිබේ.
“සියලු බලපත්‍රලාභීන් විසින් නොවැම්බර් 7 වනදාට පෙර සිය ගිනි අවි සහ පතොරම් වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරන ද්‍රව්‍ය ගබඩා කිරීමේ මධ්‍යස්ථානය වෙත ආපසු භාරදිය යුතුය” යනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.
ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, දේපල ආරක්‍ෂාව / වගා හානි ආරක්‍ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති ගිනි අවි සඳහා මෙය අදාල ‍නොවන බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මහමැතිවරණයට නොඑන බන්දුල නැවතත් චිත්‍රපට නිර්මාණයට

ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ඇමැතිවරයකු වන බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි මහමැතිවරණයට තමා තරග නොකරන බවයි.
ඉදිරි කාලයේ තමන් ආචාර්ය උපාධියක් වෙනුවෙන් වෙහෙසීමට අපේක්ෂා කරන බවත්, තවත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් බන්දුල ගුණවර්ධන මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.
තමන් වසර 20කට වැඩි කාලයක් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් සිදුකළ බවත්, විශේෂයෙන් හෝමාගම කොට්ඨාශය තමාගෙන් විශේෂ මෙහෙයක් සිදුව ඇති බවත් ඔහු විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart