පියල් නිශාන්තට අල්ලස් පැමිණිලි


බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත හිටපු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ. ඊට හේතුව වී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ හා චීනයේ හිටපු රාජතාන්තිකයෙකුට තර්ජනය කළ බවට වන සිදුවීමකි .හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අපරාධ හා අල්ලස් නඩුවක් ගොනු කිරීම හේතුවෙන් අවස්ථා කිහිපයකදී පියල් නිශාන්ත මහතා තමන්ට තර්ජනය කළ බව එම පැමිණිල්ලේ සදහන් වී ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.කෙසේ වෙතත් පියල් නිශාන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරය දරන කාලයේ පැමිණිලිකරු සීනෝර් පදනමේ සභාපති වශයෙන් කටයුතු කර ඇති අමාත්‍යවරයාගේ තර්ජන හේතුවෙන් ඉකුත් මාර්තු මාසයේදී එම දුරයෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන් ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඉන්දීය විදේශ ඇමති දිවයිනට

නිල සංචාරයක් සඳහා අද (04) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා දිවයිනට පැමිනෙන බව වාර්තා වේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියේ, ඔහු එම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවීමට නියමිත බවයි.
පසුව ඔහු විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

උප්පැන්න නොමැති දරුවන් සඳහා උප්පැන්න ලබාදීමේ වැඩසටහනක්

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් උප්පැන්න ලියාපදිංචි කර නොමැති දරුවන් සඳහා උප්පැන්න සහතික ලබාදීමේ වැඩසටහනක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරීන්ට එවැනි දරුවන් හඳුනා ගැනීමට සහ ඔවුන්ට පාසල්වලට ඇතුළු වීම සඳහා සහාය වී ඇත.
උප්පැන්න සහතික නොමැති දරුවන්ගේ මව්පියන්ට හෝ භාරකරුවන්ට ඒ ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ළමා ආරක්ෂක නිලධාරීන්ගේ සහාය ලබා ගන්නා ලෙස ඔවුන් දන්වා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනපති කෘෂිකර්ම අමාත්‍යංශයේදී වැඩ භාරගනී


ජනාධිපති අනුර කුමාර දිසානායක කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස අද (03) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී වැඩ භාරගෙන තිබේ.එහිදී එම අමාත්‍යවරුන් සමග පැවති සාකච්ඡාවකදී ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදුනොවන බවයි.
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත.
කෘෂිකර්ම අමාත්‍යංශයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමඟ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

දේශපාලනයෙන් සමුගැනීමට සැරසෙන ධම්මික


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා දේශපාලනයෙන් සමු ගැනීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමත් සමග ඔහුගේ හිමිකාරීත්වයක් සහිත සමාගම් රැසක තනතුරුවලින් ඉවත් වී ඇති බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසු නැවතත් ඔහු එම ආයතනවල අධ්‍යක්ෂ තනතුරු සඳහා මේ වනවිට පත් කරමින් සිටින බවත් සඳහන් ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

විශ්‍රාම වැටුප් අහිමිවන මහබැංකු අධිපතිවරු

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව සඳහන් ය. ඒ අනුව, එම ගැසට් නිවේදනයේ සඳහන් වී ඇත්තේ මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකුට හෝ විශ්‍රාම වැටුප නොලැබෙන බවයි .ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් ඉකුත් සැප්තැම්බර් මස 11 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි වන බවත් එහි වැඩි දුරටත් සඳහන් කර ඇති බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මහ මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය


මහ මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කර ඇත.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගය පරිදි අදාළ කටයුතු සිදු කිරීමට කටුතු කරන බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදකයින්ට බලපත්‍ර ලබා නොදීමට තීරණය කරයි

හිඟ බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදකයින් හට ඉදිරි වර්ෂය සදහා බලපත්‍ර ලබා නොදෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසා ඇත.
මත්පැන් නිෂ්පාදන සමාගම් සහ සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් අතර හමුවක් ඊයේ (02) සිදුව තිබේ.
එහිදී බදු අය කරගැනීම, ඉදිරි නිෂ්පාදන කටයුතු ඇතුළු නව වැඩසටහන් පිළිබදව සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.
2023-2024 වර්ෂ සදහා මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අය විය යුතු හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 1.8 කට ආසන්න බව සුරාබදු දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 58ක්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 58ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මඩකලපුව, යාපනය, දිගාමඩුල්ල සහ කොළඹ දිස්ත්‍රික්කවලින් වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඇප තැන්පත් කර ඇති
අතර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම හෙට (04) ආරම්භ වේ. ලබන 11 වැනිදා මධ්‍යහන 12 දක්වා නාම යෝජනා භාරදිය හැකි වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අද

ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අද (03) ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇත.
අද රාත්‍රී 7.30 එම තරඟය පැවැත්වීමට නියමිතව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart