සජබ ගිණි ඇවිලෙයි


පක්ෂයේ විධායක සභාව හෝ කෘත්‍යාධිකාරි මණ්ඩලය සමඟ සාකච්ඡා නොකොට තම ආණ්ඩුවක් යටතේ 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනෙක කිලිනොච්චිය ප්‍රදේශයේදී පවසා ඇත. මෙම ප්‍රකාශය හේතුවෙන් එම පක්ෂය තුළ බරපතල ගැටුමක් ආරම්භ වී ඇති බව සහ මේ පිළිබඳව ජේෂ්ඨයන් පිරිසක් සාකච්ඡා කිරීමට ද සූදානම් බව සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට පමණතරමක තද වැසි ද මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බව ද වාර්තා වේ.
ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

නැවත වතාවක් මෛත්‍රීට හරස් වූ සභාපති ධූරය

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ගොනුකරන ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කරනු ලැබූ වාරණ නියෝගය ලබන 19 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ දිසාධිකරණය නියම කර ඇත.
මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මහතා අධිකරණය හමුවේ පවසා ඇත්තේ තම සේවාදායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති නිසා මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ශ්‍රී ලංකාව T20 ත‍රගාවලියෙන් ඉවතට

ශ්‍රී ලංකාව හා නේපාලය අතර ලෝක කුසලාන තරගාවලිය අද පැවැත්වීමට නියමිතව තිබූ නමුත් වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබේ.ඒ කණ්ඩායම් දෙකටම සම ලකුණු ලබා දීමෙනි.
තරග සැලැස්මේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් ස්ථානයේ පසුවන අතර සුපිරි 8 දෙනාගෙ වටයට යාමට අවස්ථාවක් නැති තත්වයට පත්ව ඇත.
නෙදර්ලත්වය හා බංගලදේශය අතර පැවැත්වෙන තරඟයෙන් කුමක් ජයග්‍රහණය කළත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඊළඟ වටයට යාමේ කිසිදු අවස්ථාවක් නොලැබී යයි.
එම තරඟයට වර්ෂාවෙන් බාධා ඇති වුවත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව හා ශ්‍රී ලංකා කණ්ඩායම සිටින ස්ථානය අනුව නෙදර්ලන්තය හා තරගය ඉතා විශාල පරතරයකින් ජයගෙන දෙවන ස්ථානයට යාමට අවස්ථාව ඉතාමත් අඩුය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

වෙනත් කිසිදු පක්ෂයකට නැති ජනතා ප්‍රසාදයක් තියෙන්නේ පොහොට්ටුවට – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

මේ වන විට පොහොට්ටුව පිළිබඳ ජනතාවට විශාල බලාපොරොත්තුවක් ඇති බවත් පක්ෂය කැඩී වෙන් වුවද පක්ෂය දුර්වල නොවී වෙනදාටත් වඩා මෙවර මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එමෙන්ම පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා පිළිබඳ නියමිත වේලාවේදී දැනුම් දෙන බව හා වෙනත් කිසිදු පක්ෂයකට නැති ජනතා ප්‍රසාදයක් තම පක්ෂයට ඇති බවද එතුමා ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් ව්‍යවස්ථානුකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බැවින් එවැනි මෝඩකමක් එජාපය විසින් සිදු කරන්නේ නම් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය බව ඊයේ (11) බදුල්ලේදී පැවති උත්සවයකට සහභාගී වෙමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

රටේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වෙන්නෙ ඉදිරි ඡන්දයෙන්

ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික අධීක්ෂණ කමිටුවේ තරුණ නියෝජිතයන් සමඟ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය පෞද්ගලික ජයග්‍රහණ හෝ පරාජයට වඩා රටේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කරන බවයි

එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk..

සතුටු දැයක් වැඩපිළිවෙල ජයග්‍රහණය කරවනවා

ඔස්ට්‍රේලියාවේ මෙල්බර් නුවරදී ව්‍යාපාරික හමුවක් අමතමින් මව්බිම ජනතා පක්ෂයේ නායක සහ ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විමල් වීරවංශ උදය ගම්මන්පිල වැනි පිරිසක් සමඟ සන්ධානගත වූයේ සතුටු දැයක් වැඩපිලිවෙල ජයග්‍රහණය කරවීම උදෙසා බව පවසා ඇත. සන්ධානගත වූ පුද්ගලයන්ට විවිධ චෝදනා ඇති නමුත් කළමණාකරණය කර ගත හැකි පුද්ගලයන් බවත් ඔවුන්ට එල්ලවන චෝදනාවලින් සමස්තයක් ලෙස අඩු වගකීමක් පැවරෙන බවත් ඔහු මෙම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ජනපති රැගත් ගුවන්යානය අතුරුදන් වේ

මලාවි Mzuzu ගුවන්තොටුපළ වෙත අද(11) පස්වරුව වන විට ගොඩ බැස්වීමට නියමිතව තිබූ උප ජනාධිපති saulos chilima සහ තවත් 9 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
ඔවුන් ගමන් කර ඇත්තේ එරට ආරක්ෂක බලකායට අයත් ගුවන් යානයක බවත් උප ජනාධිපතිවරයා ගමන් ගත් ගුවන් යානය සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් මෙම සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් මලාවි ජනාධිපති Lazarus chakwera ප්‍රකාශ කර ඇත.
ඒ අනුව මෙම සිදුවීම සිදු වී ඇත්තේ ජනාධිපතිවරයා සංචාරය සඳහා බහමාස් රාජ්‍ය වෙත යාමට නියමිතව තිබූ අතර බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

නීතිපති මත විමසීමෙන් රනිල්ට තවත් අවුරුද්දක්.?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් ජනාධිපති ධුර කාලය හා පාර්ලිමේන්තු ධුර කාලය දීර්ඝ කිරීමට රජය උත්සාහ දරන බව dailymirro පුවත් පත වාර්ත කර ඇත.
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ 19 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ දුර කාලය වසර හයක සිට පහ දක්වා අඩු කළේ ජනමත විචාරණයකින් හෝ ජනතා අනුමතයකින් තොරව නිසා, ජනාධිපති දුර කාලය තුනෙන් දෙකක බහුතරයකින් පමණක් දීර්ඝ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසීමට කටයුතු කරනු ඇති බවද වාර්තා කර ඇත.
ඔවුන් පවසන්නේ ඒ අනුව වසර හයකින් ඔබ්බට ධුර කාලය දීර්ඝ කිරීමටද ජන මත විචාරණයක් පැවැත්විය යුතු වුවත් දැනට පවතින අවුරුදු පහක සීමාව වසර හයක් දක්වා ගෙන යාමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවනු ඇති බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබාදීම පිළිබඳ තීන්දුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දී ඇත. නමුත් මේ සම්බන්ධව ජනාධිපතිවරයාගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණු බව කථානායකවරයා සඳහන් කොට ඇත. මෙම ලිපියට පක්ෂය හා විපක්ෂයේ මන්ත්‍රීවරු 116 දෙනෙකු අත්සන් තබා ඇති අතර මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදීමේ ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ ද අනුමැතිය හිමි වී ඇති බව සඳහන් වේ. මේ අනුව මන්ත්‍රීවරුන් සඳහා වාහන බලපත්‍ර ලබාදීම හෝ නොදීම රජය තීරණය කරනු ලබන්නේ ඉදිරි සතියේදී බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

Add to cart