මෛත්‍රීට එරෙහි වාරණය ලබන මස 12 දක්වා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන මස 12 වන දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk

මැතිවරණය නියමිත කාලයේදී

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ජනාධිපතිවරණය නියමිත කාලසීමාව තුළ අනිවාර්යෙන් පවත්වන බවත් කිසිදු අයුරකින් එය කල් දැමීමට සූදානමක් නැති බවත් ය.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය නියමිත කාලයේදී පැවැත්වීමට රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වී ඇති බවයි.

වසර දෙකකින් ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීමට යෝජනාවන් ඉදිරිපත් කිරීම තම තමන්ගේ කැමැත්ත බවත් විවිධ මතයන් ඉදිරිපත් කිරීමට අනෙක් පාර්ශවයන්ට හැකි බවත් ඔහු මෙම මාධ්‍ය හමුවේදී පවසා ඇත.

ඔහු මෙම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මැතිවරණ පැවැත්වීමේ පූර්ණ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසමට බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

දේශපාලන පිංකම සිදුකරන සර්වජනබලය

දක්ෂිණාංශික ලිබරල්වාදය සහ වාමාංශික ලිබරල්වාදය යන දේශපාලන නිවුන් සොහොයුරන් එකටතබා පැරදවිය හැකි මේ රටේ එකම දේශපාලන කඳවුර වන ජාතිකවාදී දේශපාලන කඳවුර ලෙස “සර්වජන බලය” නව දේශපාලන සන්ධානය පිහිටා ඇතිබව උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
ඉහත කී දේශපාලන නිවුන් සොහොයුරන් එකටතබා පරදවන දේශපාලන පිංකම සිදු කිරීමට “සර්වජන බලය” සමඟ රොද බැඳගන්නා ලෙස මේ රටේ සියලුම සැබෑ ජාතිකවාදීන්ට ඇරයුම් කරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය,

උත්තර ලංකා සභාගය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ මව්බිම ජනතා පක්ෂය සහ ස්වාධීන මන්ත්‍රී සංසදය සමඟ එක්ව “සර්වජන බලය” නමින් නව දේශපාලන සන්ධානයක් සඳහා 27 දින කොළඹදී මූලික ප්‍රතිපත්ති දහයකින් යුත් ප්‍රතිපත්තිමය සම්මුතියකට අත්සන් තැබීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ජ.වි.පෙ න් ඇයි මෙච්චර ආර්ථික විවාදය මඟහරින්නෙ


විවාදය සඳහා සමගි ජන බලවේගය යෝජනා කළ දිනවලින් ආර්ථික කමිටු විවාදයට ලබාදෙන දින පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ජාතික ජන බලවේගයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමු කරමිනි.

මෙහිදී නලීන් බණ්ඩාර ඇමතිවරයා දැනුම් දී තිබෙන්නේ ආර්ථික කමිටු විවාදයට ඇරයුම් කර තිබිය දී එයට ඉදිරිපත් නොවී නායකත්ව විවාදයට කළ යෝජනාව කිසිදු පැකිලීමකින් තොරව සිය පක්ෂය පිළිගෙන ඇති බවයි. මෙහිදී ආර්ථික විවාදය පළමුව පවත්වා දෙවනුව නායකත්ව විවාදය පැවැත්වීම පිළිබඳව සිය ස්ථාවරය එලෙසම පවතින බවයි. ඒ අනුව
ආර්ථික කමිටු විවාදයට ලබාදෙන දිනය නොපමාව දැනුම් දෙන ලෙස අදාළ ලිපිය මඟින් මන්ත්‍රීවරයා මෙහිදී දැනුම් දී ඇත. අදාළ විවාද සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරයේ ද කිසිදු වෙනසක් නොමැති බව ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී සඳහන් කොට ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

වැටුප් විෂමතා හොයන කමිටුවට කැබිනට් අනුමැතිය.

රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.
එම සේවක කණ්ඩායම් හා අදාල වෘත්තිය සමිති විසින් වරින් වර ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාවන් සැලකිල්ලට ගෙන එම වැටුප් විෂමතාවයන් පිළිබද කරුණු අධ්‍යයනය කිරීමට හා 2025 වර්ෂය සඳහා වන අයවැය තුළින් මෙම විෂමතා නිවැරදි කිරීමට හැකිවන ලෙස වාර්තාවක් ඉදිරිපත් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

සජබයට ටටා කියූ සන්ධාන

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සමඟි ජනබලවේගයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ සමඟි ජන බලවේගයේ නායකත්වය සම්බන්ධයෙන් ඇති කලකිරීමයි.

පක්ෂය සහ සන්ධානය ගොඩනැගීමට කිසිදු උත්සාහයක් නැති බවත් පක්ෂ නායකයා තම ප්‍රතිරූපය පමණක් ගොඩනඟා ගැනීමට උත්සාහ කරන බවත් එම පක්ෂ විසින් චෝදනා එල්ල කරන බවයි සඳහන් වී ඇත්තෙ.

ඒ අනුව දේශපාලන වශයෙන් තීරණයක් ගැනීමට මෙම පක්ෂ දෙකම තීන්දුවක් ගෙන ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

පැරණි ආර්ථික දේශපාලන ගමන වෙනස් විය යුතුයි

රට ගොඩනැඟීමට නම් පැරැණි ආර්ථික ගමන මෙන්ම දේශපාලන ගමන ද වෙනස් විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරණමඩු නෙළුම් පියස ශාලාවේ පසුගියදා සංවිධානය කර තිබූ කිළිනොච්චි දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ,
මෙරට විරැකියාව ඇති වුණේ පැරැණි ආර්ථික ක්‍රමය නිසා බවත්, එම නිසා අලුත් ආර්ථික ක්‍රමයක් ඇති කිරීම තුළින් නව රැකියා අවස්ථා බිහි කරගැනිමට හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුර පැවසිය. එමෙන්ම මෙහිදී කිළිනොච්චි දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සහ ගැටලු ජනාධිපතිවරයා වෙත සෘජුවම යොමු කිරීමට ද අවස්ථාව සලසා දී තිබුණි.

මෙම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන්, තරුණ කටයුතු හා තිරසර සංවර්ධනය පිළිබද ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේධීර, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අයියාතුරෙයි තවේන්ද්‍රන් යන මහත්ම මහත්මීන්, තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ඉදිරි වසර තුන තුළ නව තාක්ෂණයෙන් ජනතාවගේ අදායම වැඩි කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

කෘෂි නවීකරණ වැඩපිළිවෙලෙහි ආරම්භය ලෙස උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම සිදුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.
ඉදිරි වසර තුන තුළ නවීන කෘෂිකර්මාන්තය ගමට ගෙන යාමට හා නවීන තාක්ෂණය භාවිතයෙන් නිෂ්පාදන වැඩි කර ආදායම් ඉහළ නංවා ගැනීමට ජනතාවට අවස්ථාව උදාකර දීමට මෙම වැඩහනෙන් බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමෙන් රජය සතු දේපල පුද්ගලීකරණය කිරීමක් සිදුවන බවත් එය රටේ ආර්ථිකය වැඩිකර ගැනීමට සෘජුව දායක කර ගත හැකි බව පළමු අදියර යටතේ ඔප්පු ලබා දුන් අවස්ථාවේදී පවසා ඇත.
ඒ අනුව “උරුමය ” වැඩසටහනට සමඟාමීව වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්ක වලට සින්නක්කර ඔප්පු 5400ක් ලබාදීමට නියමත බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ඡන්ද උණුසුම මැද තවත් සජබයක් කරළියට

අද සිට(27) සර්ව ජන බලය නමින් නව ව්‍යාපාරයක් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග පවසා ඇත.එ අනූව එක්ව නංවන රටක් සතුටු පිරුණු දැයක් යන පාඨය තේමා කරගනිමින් මෙම සන්ධානය පිහිටුවීමට කටයුතු කර ඇති බව ද සඳහන්ය.

ඒ අනුව පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් එහි නියෝජ්‍ය ලේකම් ඩී.බී.ඩී තිලකසිරි මහතා , ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා,ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී වීරසිංහ මහතා, යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා සහ මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා යන මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නියෝජනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා මෙම සන්ධානය වෙනුවෙන් අත්සන් තැබීම සිදුකර ඇත.

ඒ අනූව මීට අදාල ලිඛිත ගිවිසුම අද (27) කොළඹදී අත්සන් තැබූ බව ද වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ජල මට්ටම් ගැන අවධානයෙන්

කැලණි, කළු, ගිං, නිල්වලා සහ අත්තනගලු ඔය ඇතුළු ගංගාවන් අද (27) උදෑසන වන විට ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
අද උදෑසන කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කර තිබෙන අතර ඉන් තත්පරයට ඝන අඩි 7000ක පමණ ධාරිතාවයකින් ජලය මුදා හැරේ.ඒ් හේතුවෙන් ඉහත කී ගංගා ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව වැඩි අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා පවසයි.කුකුලේ ගඟ විදුලි බලාගාර ජලාශයේ වාන් දොරටු ද තත්පරයට ඝන අඩි 80ක පමණ ධාරිතාවයකින් ජලය මුදාහරින ලෙස විවෘත කර තිබෙන අතර ඒ හේතුවෙන් කුඩා ගඟේ ජල මට්ටම් ඉහළ යා හැකිය. එම නිසාවෙන් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලප්‍රදේශය තුළ වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වැඩි දුරටත් දැනුම්දෙයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk

Add to cart