මහබැංකු වංචාව හා පාස්කු ප්‍රහාරය ගැන අලුතින් විමර්ශන අරඹයි


නව ආණ්ඩුවේ පළමු කැබිනට් තීරණ පිළිබඳ දැනුම්දීම සඳහා කැඳවා තිබෙන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්ෂණ සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

ඉහත විමර්ශන කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව මත එම පියවර ගත් බව ඇමැතිවරයා පෙන්වා දුන් අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති මුක්තිය අවසන්ව ඇති බැවින් ඔහුටද ඇතැම්විට නිතිය හමුවේ පිළිතුරු ලබාදීමට සිදුවනු ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එහෙත් මැතිවරණ සමයේ ඒ සඳහා පියවර නොතබන බවත් දුෂිත නිලධාරීන් සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගන්නා බවත් ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

බස් ගාස්තු පහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර ඇති අතර 4.24% කින් බස් ගාස්තු සංශෝධනය වන බවයි ජාතික ගමනාගමන කොමිසම සඳහන් කර ඇත .
අවම බස් ගාස්තුව රුපියලකින් අඩුවී ඇති අතර නව අවම ගාස්තුව රුපියල් 27 ක් බව වැඩිදුරටත් සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙක් පත් කරයි.


දුමින්ද හුලන්ගමුව සහ ආචාර්ය ඒ.ඒ.ජේ ප්‍රනාන්දු ආර්ථික කටයුතු හා මුදල් , ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළ අතර ඔවුන්ගේ සේවය ගරු සේවක් ලෙස මුදල් අය කිරීමකින් තොරව ලබාදෙන බව වැඩිදුරටත් සඳහන් වේ.
ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරවපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව මෙම පත්වීම් ලබා දී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

IMF නියෝජිතයින් පිරිසක් දිවයිනට


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් ඔක්තෝබර් 2-4 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කර අනුර කුමාර දිසානායක මහතා සහ අනෙකුත් නිලධාරීන් හමුවී මෙරට ආර්ථිකය සහ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් ගැන සාකව්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ.
සංචාරය අවසානයේ එම කණ්ඩායම නිවේදනයක් නිකුත්කරනු ඇති බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

විජේදාසගේ සහය අනුරට


ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනූව ඉදිරියේ දී නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ එම ආණ්ඩුවට සහය ලබා දෙන බවත් රට වැටී ඇති අවස්ථාවේ ආණ්ඩුවේ කකුලෙන් ඇදීමට තමන් සූදානම් නැති බවත් එම පක්ෂයේ උප සභාපති ගෝමික යසස් විජේසිරි මහතා වැඩිදුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ප්‍රභල අකුණු ගැන සැලකිලිමත් වන්න


අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද, ප්‍රභල අකුණුද ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නීති අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත්කරයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජේ.එම්.විජේබණ්ඩාර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය (PMD) සඳහන් කළේ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක විසින් පත්වීම් ලිපිය ප්‍රදානය කළ බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති අනුර මැද්දේගොඩ


ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ සහ උප සභාපති ලෙස ජනාධිපති නීතිඥ රසීක් සරුක් පත්කර ඇති බව එම සංගමයේ ලේකම්වරයා පවසයි.
හිටපු ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න සහ හිටපු නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස යන අයගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුරු පිරවීම සඳහා මෙම පත්කිරීම් සිදුකළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් චතුර ගල්හේන සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකා – කොදෙව් තරඟ කාලසටහන නිවේදනය කරයි


බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කර තිබෙන අතර ඒ අනුව කොදෙව්වන් සීමිත ඕවර තරග 6කට මෙරටදී සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුව කොදෙව් කණ්ඩායම ඔක්තෝබර් මස පළමු සතියේ මෙරටට පැමිණෙනු ඇත.
T20 තරග 3ක් සහ එක්දින තරග 3ක් මෙම සංචාරයට ඇතුළත් වේ.
T20 තරග තුනම දඹුල්ලේ දී පැවැත්වෙන අතර එක්දින තරග තුන පල්ලේකැලේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
T20 තරග තුන ඔක්තෝබර් මස 13, 15 සහ 17 යන දිනවල පැවැත්වෙන අතර එක්දින තරග පැවැත්වෙන්නේ ඔක්තෝබර් මස 20, 23 සහ 26 යන දිනවලයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ක්‍රීඩා අමාත්‍යංශයේ වියදම් ගැන විගණනයක් ඉල්ලයි


ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට පවසා තිබේ. ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රතිපාදන වියදම් කිරීම පිළිබඳ සංඛ්‍යා ලේඛන පැවතිය ද එහි ප්‍රගතිය සම්බන්ධයෙන් නිසි විගණනයක් අවශ්‍ය බවත්, කඩිනමින් ඒ පිළිබඳ අභ්‍යන්තර විගණනයක් සිදු කරන ලෙස ඇය උපදෙස් ලබා දී ඇත.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී අගමැතිනිය මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා ‍වන්නේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart