නව අමාත්‍යාංශවල විෂයයන් හා ආයතන ගැසට් කරයි


නව අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතලවලට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නවසීලන්ත පළමු ඉනිම ලකුණු 88කට සීමා වෙයි


ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (28).
අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 22 ක් ලබා
සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 88 ක් පමණයි.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 29 ක් රැස් කළ මිචෙල් සැන්ට්නර්. ඩැරල් මිචෙල් ලකුණු 13 ක් හා රවින් රවීන්ද්‍ර ලකුණු 10 ක් ලබා ගෙන තිබේ.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 602 ක් ලබා සිටියදී ඉනිම අත්හිටු වීමට තීරණය
කළේය.ඒ අනුව නවසීලන්තය මේ වන විට පිටු පසින් පසුවන ලකුණු සංඛ්‍යාව 514ක්.
පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 42 කට කඩුලු 6 ක් දවා ගත් අතර, සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන නිශාන්
පීරිස් ලකුණු 33 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

‘ඊ-වීසා වංචාව’ ගැන රජය පරීක්ෂණ ආරම්භයි

හිටපු මහජන ආරක්ෂක ඇමතිවරයා සහ හිටපු ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සිදුවූ වීසා ගනුදෙනුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන පාඨලී චම්පික රණවක,රවුෆ් හකීම් සහ එම්.ඒ.සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල “ඊ-වීසා” වංචාව පෙත්සම සම්බන්ධව රජය පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම කොන්ත්‍රාත්තුව පාරදෘශ්‍ය ලෙස ලබාදී නැති බවත්, වසර 16ක කාලයක් තුළ ඩොලර් බිලියන 2.75ක් දක්වා උපයා ගැනීමට කොන්ත්‍රාත්තුව ලබාදී තිබූ බවටත් එම මන්ත්‍රීවරුන් චෝදනා ගොනුකර තිබින.
දැන්, ආගමන බලධාරීන් විසින් අප්‍රේල් 17 ට පෙර පැවති නිර්ණායකයට අනුව පැමිණීමේ වීසා නිකුත් කිරීමේ ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර ක්‍රියාවලිය නැවත ස්ථාපිත කර ඇති අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව භාර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් වෝහාරික විගණනයක් සිදු කරන බව තහවුරු කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මැතිවරණ කොමිසම අද රැස්වෙයි


ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යන පිරිවැය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද(28) රැස්වෙන බව වාර්තා වේ. මුදල් අමාත්‍යාංශය හරහා එම මුදල් ලබා ගැනීිම සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන බව වැඩිදුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

හිටපු මැති ඇමැතිලාගේ ආරක්ෂාවට සිටි පොලීසිය ඉවත් කරයි

පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා ඇති පසුබිමක හිටපු පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට අනුයුක්ත කර සිටි සියලුම පොලිස් ආරක්ෂක නිලධාරීන් යළි කැදවා ඇති බව පොලීසිය පවසයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලලිත් පතිනායක පවසන්නේ හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායකවරයාට ලබාදී ඇති පොලිස් ආරක්ෂාව තවදුරටත් පවතින බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොලී අනුපාත වෙනස් නොකිරීමට මහ බැංකුව තීරණය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (26) රැස්වූ අතර එහිදීයි ඔවුන් තීරණය කර ඇත්තේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමටයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඒ අනුව දැනට පවතින සියයට 8.25 ක නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ සියයට 9.25 ක් වන නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන යන බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කුකුළු මස් මිලත් අඩුවන ලකුණූ


කුකුළු මස් සඳහා පවතින ඉල්ලුම විශාල ලෙස අඩු වී තිබෙන බවත්, මේ නිසා ඉදිරි සති දෙකක කාලය තුළද, කුකුළු මස් කිලෝවක මිල රුපියල් සියයත්, රුපියල් එකසිය පනහත් අතර මුදලකින් අඩු විය හැකි බවත් සමස්ත ලංකා කුඩා කර්මාන්ත හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
කුකුළු මස් කිලෝවක සිල්ලර මිල මේ වන විට රුපියල් දහසත්, රුපියල් එක්දහස් එකසියත් අතර මිලක පවතින බවද එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කර ඇත.
ඉදිරි දෙසතිය තුළදී මෙම මිල රුපියල් 900ත් රුපියල් 850ත් අතර මිලක් දක්වා පහත වැටිය හැකි බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ADB සභාපති ධුරයට හිටපු ජනපති යෝජනා වේ

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධුරයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී තිබේන බවට වාර්තා වේ.
එම ධුරය සඳහා හිටපු ජනාධිපතිවරයාගේ නම යෝජනා කීරිමට තීරණය වූයේ ඔහු ජනාධිපති ධුරයේ කටයුතු කරන කාලයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩ කටයුතු කළ ආකාරය බව ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් සඳහන් කර ඇති.

එම ධුරය එළැඹෙන වසරේ මාර්තු මස සිට භාරගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලීමක් දැනටමත් ඉදිරිපත් වී ඇති නමුත් නමුත් වික්‍රමසිංහ මහතා මේ දක්වා එයට කැමැත්ත පළ කර නොමැති බවත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනපති මැදුර අසල වසා තිබූ මාර්ග ජනතාවට විවෘත කරයි.


ජනාධිපති මන්දිරය අසල පිහිටි ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ මීට පෙර මෙම මාර්ග භාවිත කිරීමට අවසර ලබාදී තිබුණේ බලයලත් වාහනවලට පමණක් බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

25 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) සිට, කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදේ ආරම්භ වේ.
පොත් ප්‍රදර්ශනය ඔක්.06 වනදා දක්වා උදෑසන 09 සිට රාත්‍රී 09 දක්වා විවෘතව පවතියි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart