ඊශ්‍රායල තානාපති කාර්යාල නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කරයි

වොෂින්ටනයේ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු බදාදා සවස යුදෙව් කෞතුකාගාරයක පැවති උත්සවයකින් පිටවෙමින් සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පලස්තීනයට සහයෝගය දක්වන ප්‍රකාශ සිදුකළ බව පොලිසිය පවසයි.

මෙට්‍රොපොලිටන් පොලිස් ප්‍රධානී පැමෙලා ස්මිත් මාධ්‍ය හමුවකදී පැවසුවේ මියගිය පුද්ගලයන් දෙදෙනා, එනම් පිරිමියෙකු සහ කාන්තාවක්, කැපිටල් යුදෙව් කෞතුකාගාරයේ උත්සවයකින් පිටවෙමින් සිටියදී සැකකරු සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට ළං වී වෙඩි තැබූ බවයි.

චිකාගෝහි 30 හැවිරිදි එලියාස් රොඩ්‍රිගස් ලෙස හඳුනාගෙන ඇති සැකකරු, වෙඩි තැබීමට පෙර කෞතුකාගාරය පිටත සැරිසරන අයුරු නිරීක්ෂණය වී තිබේ. වෙඩි තැබීමෙන් පසු ඔහු කෞතුකාගාරයට ඇතුළු වී උත්සව ආරක්ෂක අංශ විසින් රඳවාගෙන ඇති බව පැමෙලා ස්මිත් සඳහන් කළා ය.

ඔහුව භාරයට ගන්නා විට, සැකකරු පලස්තීනයට සහයෝගය දක්වන සканතයක් ආරම්භ කර ඇති බව ස්මිත් කීවාය. කෙසේ වෙතත්, ප්‍රජාවට අඛණ්ඩ තර්ජනයක් ඇතැයි නීතිය බලාත්මක කිරීමේ අංශ විශ්වාස නොකරන බවද ස්මිත් අවධාරණය කළාය.

බලොකිස්තාන් ජාතිකවාදී නායකයින් පාකිස්තානයෙන් නිදහස ප්‍රකාශ කරයි.

දශක ගණනාවක් තිස්සේ පැවති ප්‍රචණ්ඩත්වය, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් බලොච් ජාතිකවාදී නායකයින් පාකිස්තානයෙන් නිදහස ප්‍රකාශ කර ඇත. සමාජ මාධ්‍ය ජාලා බලොකිස්තානයේ යෝජිත ජාතික ධජයේ සහ ස්වාධීන බලොච් රාජ්‍යයේ සිතියම්වලින් පිරී ගොස් ඇති අතර, විවිධ වේදිකාවල ‘බලොකිස්තාන් ජනරජය’ යන හැෂ්ටැගය වේගයෙන් පැතිර ගියේය. ප්‍රකට බලොච් ක්‍රියාකාරිකයෙකු සහ ලේඛකයෙකු වන මීර් යාර් බලොච් ප්‍රකාශ කළේ පාකිස්තානය විසින් අත්පත් කරගෙන සිටින බලොකිස්තානය පුරා ජනතාව වීථි බැස මහජන විරෝධතා පවත්වමින් නිදහස සඳහා සිය ඉල්ලීම හඬ නඟන බවත්, “බලොකිස්තානය පාකිස්තානය නොවේ” යන්න ප්‍රකාශ කරන බවත්ය. සමාජ මාධ්‍ය සටහනක් මගින් මීර් මහතා ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහ එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියේ “බලොකිස්තාන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය” ස්වෛරී රාජ්‍යයක් ලෙස පිළිගන්නා ලෙසයි.

අකාශවානි වාර්තාකරු පවසන පරිදි, බලොච් නිදහස් ව්‍යාපාරයට ගැඹුරු ඓතිහාසික මූලයන් ඇති අතර, එය 1947 දී බ්‍රිතාන්‍ය ඉන්දියාව බෙදීමෙන් පසු රාජ්‍යය කෙටි කලකට නිදහස ප්‍රකාශ කිරීම දක්වා දිව යයි. 1948 දී බලොකිස්තානය බලහත්කාරයෙන් පාකිස්තානයට ඈඳා ගන්නා ලද අතර, එය බලොච් ජාතිකවාදීන් කිසි විටෙකත් පිළි නොගත් ක්‍රියාවකි. මීර් යාර් බලොච් ඇතුළු ක්‍රියාකාරීන් තර්ක කරන්නේ කලාපයේ විශාල ස්වභාවික සම්පත්, විශේෂයෙන් ගෑස් සහ ඛනිජ ලවණ ඉස්ලාමාබාද් පරිපාලනය විසින් සූරාගෙන ඇති අතර, ප්‍රදේශවාසීන් දිගින් දිගටම කොන් කර ඇති බවයි. අද වන විට බලොකිස්තානය, පාකිස්තානයේ දුප්පත්ම සහ අවම වශයෙන් සංවර්ධනය වූ පළාත ලෙස පවතී.

නිදහස් සටනට නායකත්වය දුන්, වසර 20ක් බංග්ලාදේශය පාලනය කළ ෂෙයික්ලාගේ පක්ෂය තහනම්..!

බංග්ලාදේශ මැතිවරණ කොමිසම විසින් හිටපු අගමැතිනී ෂෙයික් හසීනාගේ අවාමි ලීග් පක්ෂයේ ලියාපදිංචිය අහෝසි කර තිබේ. මේ නිසා, අවාමි ලීග් පක්ෂයට ඉදිරි ජාතික මැතිවරණවලට සහභාගී වීමට නොහැකි වෙයි.

නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් තාවකාලික රජය විසින් අවාමි ලීග් පක්ෂයේ සියලුම ක්‍රියාකාරකම් ත්‍රස්ත විරෝධී නීතිය යටතේ තහනම් කර තිබේ.

විරෝධතා වලදී සිදුවූ මරණ සම්බන්ධයෙන් අවාමි ලීග් නායකයින්ට එරෙහිව යුද අපරාධ විමර්ශනයක් සිදුවන අතර, එම පක්ෂය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව රජය පවසයි.

මැතිවරණ නීතිය අනුව, පක්ෂයකට මැතිවරණයට තරග කිරීමට නම් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි විය යුතු ය.

මේ තහනම නිසා, වසර 20කට වැඩි කාලයක් රට පාලනය කළ අවාමි ලීග් පක්ෂයට ඉදිරි මැතිවරණවලට සහභාගී වීමට නොහැකි වෙයි.

ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ විමර්ශන අවසන් වන තුරු අවාමි ලීග් පක්ෂයේ සියලුම දේශපාලන ක්‍රියාකාරකම් තහනම් කර තිබේ. හසීනා අගමැතිවරියට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ විරුද්ධවාදීන් මර්දනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

2024 මැතිවරණයේදී හසීනා ජයග්‍රහණය කළත්, ප්‍රධාන විපක්ෂය එය වර්ජනය කළේ ය.

පසුගිය වසරේ සිදුවූ විරෝධතා නිසා හසීනාට රටින් පලා යාමට සිදු වූ අතර, පසුව යුනුස්ගේ නායකත්වයෙන් යුත් තාවකාලික රජයක් බලයට පත්විය. යුනුස් පවසන්නේ, මැතිවරණය 2026 දක්වා කල් දැමිය හැකි බවත්, තමන් මැතිවරණයට ඉදිරිපත් වීමට අදහසක් නොමැති බවත්ය.

විපක්ෂය ඉක්මන් මැතිවරණයක් ඉල්ලා සිටින අතර, නව ශිෂ්‍ය පක්ෂය ප්‍රතිසංස්කරණවලින් පසු මැතිවරණයක් ඉල්ලා සිටියි.

1971 නිදහස් අරගලයට නායකත්වය දුන් පක්ෂය වන අවාමි ලීග් පක්ෂයේ එවකට නායකයා වූයේ ෂෙයික් හසීනාගේ පියා වන ෂෙයික් මුජිබර් රහ්මන් ය. ඔහු බංග්ලාදේශයේ නිදහස් සටනේ නායකයා ලෙස සැලකේ.

ඉන්දීය විදේශ ඇමති දිවයිනට

නිල සංචාරයක් සඳහා අද (04) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා දිවයිනට පැමිනෙන බව වාර්තා වේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියේ, ඔහු එම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවීමට නියමිත බවයි.
පසුව ඔහු විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නැවතත් හිටපු ජනපති ඝාතනය කිරීමේ උත්සහයක්

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩා ගොල්ෆ් පිටියේදී ඝාතනය කිරීමේ උත්සහය ව්‍යර්ථ වී සැකකරුවෙක් අත්අඩංගුවට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නමුත් එහිදී හිටපු අමෙරිකානු ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදුව නොමැති අතර ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරුවෙකු යැයි සැලකිය හැකි පුද්ගලයෙකුව පසුව අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුර වාර්තා වෙයි. එමෙන්ම එරට මාධ්‍ය තවදුරටත් සඳහන් කළේ බුද්ධි අංශ නිලධාරීන් විසින් තුවක්කුකරුවෙක් සිටින බවට හඳුනාගෙන ඒ දෙසට වෙඩිතබා ඇති අතර එහිදී සැකකරු සිය තුවක්කුව සහ වෙනත් භාණ්ඩ කිහිපයක් එම ස්ථානයේ දමා පැනගොස් තිබුණි.

පසුගිය ජුලි මාසයේදී ද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල විය. ඒ ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී සහභාගී වූ මැතිවරණ රැලියක් අතරතුරදීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඉන්දියාවටත් මන්කිපොක්ස් ඇවිත්


ඉන්දියාවෙන් පළමුවරට මන්කිපොක්ස් (mpox) වෛරස ආසාදිත බවට සැකසහිත රෝගියකු හමුව ඇති අතර එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ mpox වෛරසය පැතිර පවතින රටක සංචාරය කළ පුද්ගලයෙකු එලෙස ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇති බවයි.
මෙම තරුණ පිරිමි රෝගියා රෝහලක හුදෙකලා කර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බවත්, මේ වනවිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර ඇත.
රට තුළ වෛරස පැතිර යෑම වැළැක්වීම සඳහා පූර්ව පියවර ක්‍රියාත්මක බව ද ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසා තිබේ.
එහෙත් ආසාදනය තහවුරු කිරීම සඳහා පරීක්ෂණ පවත්වනු ලැබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඉන්ධන බවුසරයක් අනතුරට ලක්වීමෙන් 48 දෙනෙකු මියයයි

නයිජීරියාවේ අගේ ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහන බවුසරයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව සියයකට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන්ධන රැගත් බවුසරය, ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක ගැටීමෙන් මේම අනතුර සිදු වී ඇති බවටයි වැඩිදුර වාර්තා වන්නේ.
අනතුරින් ට්‍රක් රථයේ සිටි ගවයින් 50 දෙනෙකු ද, මියගොස් තිබේ. අනතුර සිදුවූ ස්ථානයේ අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළේ ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනපති පුතා අධිකරණය ඉදිරියේදී වරද පිළිගනී.


අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ පුත් හන්ටර් බයිඩන්ට එරෙහිව එල්ල වූ ඩොලර් මිලියන 1.4ක බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාවලට ඔහු වරදකරු බව පිළිගෙන ඇති බව වාර්තා වේ.

ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණයකදී ජූරි සභිකයින් නඩු විමසුම අරඹන විටම හන්ටර් බයිඩන් තමන්ට එරෙහිව ඇති චෝදනා 9ටම වැරදිකරු බවත් පිළිගත් බවත් ඒ අනුව හන්ටර් බයිඩන් ට වසර 17ක සිර දඩුවමක් සහ ඩොලර් මිලියන ගණනක දඩයක් නියමවීම ඉඩ ඇති බවත් දඬුවම් නියම කිරීමේ දී ඔහු වරද පිළිගැනීමත් විශේෂිතව සලකා බැලීමට ඉඩ ඇති බවත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

14 හැවිරිදි සිසුවෙක් විසින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් හතරදෙනෙකු මියයයි


ජෝර්ජියාවේ උසස් පාසලක 14 හැවිරිදි සිසුවෙක් විසින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් හතරදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එලෙස මියගොස් ඇත්තේ එම පාසලේම 14 හැවිරිදි සිසුන් දෙදෙනෙක් සහ ගුරුවරුන් දෙදෙනෙකි.
කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

තුන්වන ලෝක යුද්ධයේ ආරම්භය ද ?


යුක්රේනයට යුධ ආධාර ලබාදී රුසියාවට පහර දීමට ඉඩ සැලසීමෙන්, තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ විය හැකි බවට රුසියාව, අමෙරිකාවට අනතුරු අඟවා තිබේන බවට විදේස් මාධ්‍ය වාර්තා කරනවා.
රුසියාව වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ එය සිදු වුවහොත් එය යුරෝපයට පමණක් සීමා නොවනු ඇති බවයි.

යුක්රේනය පසුගිය 06 වැනිදා රුසියාවේ බටහිර කර්ස්ක් ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කර ආක්‍රමණයක් සිදු කළේය.
දෙවන ලෝක යුද්ධයෙන් පසු රුසියාවට එල්ල වූ විශාලතම ආක්‍රමණය එය වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart