පෘතුගාලයේ දුම්රියක් පීලිපනී 15ක් මරුට

පෘතුගාලයේ ලිස්බන්හි ග්ලෝරියා ෆිනිකුලර් දුම්රිය පීලි පැනීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 18 දෙනෙකු තවාල ලබා ඉන් 5 දෙනෙකුගේ තත්වය බරපතල බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

රටේ ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සූසා මෙම ඛේදවාචකයෙන් පීඩාවට පත් පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කර තිබු අතර පෘතුගාල රජය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ජාතික ප්‍රවාහන ආරක්ෂණ අධිකාරිය සහ අපරාධ පොලිසිය විසින් ආරම්භ කර ඇත.

අධිකරණ නියෝගයක් ලැබුණු ගූගල් සමාගම

ගූගල් සමාගමට එහි ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය විකිණීමට සිදු නොවන නමුත් තරගකරුවන් සමඟ තොරතුරු බෙදා ගත යුතු බව එක්සත් ජනපද ෆෙඩරල් විනිසුරුවරයෙකු නියෝග කර තිබේ.

මාර්ගගත සෙවුමේ ගූගල් ආධිපත්‍යය සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා පැවති අධිකරණ නඩු විභායකින් පසුව, දිස්ත්‍රික් විනිසුරු අමිත් මේතා විසින් තීරණය කරන ලදි.

මෙම නඩුව කේන්ද්‍රගත වූයේ ඇන්ඩ්‍රොයිඩ් සහ ක්‍රෝම් වැනි තමන්ගේම නිෂ්පාදන පරාසයක මෙන්ම ඇපල් වැනි සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද අනෙකුත් නිෂ්පාදනවල පෙරනිමි සෙවුම් යන්ත්‍රය ලෙස ගූගල්ගේ ස්ථානය වටාය.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ගූගල් ක්‍රෝම් විකුණන ලෙස ඉල්ලා තිබුණි.

ඊයේ ලබාදුන් නඩු තීන්දුවේ තීරණයෙන් අදහස් වන්නේ තාක්ෂණික දැවැන්තයාට එය තබා ගත හැකි නමුත් එයට සුවිශේෂී කොන්ත්‍රාත්තු තිබීම තහනම් වන අතර ප්‍රතිවාදීන් සමග සෙවුම් දත්ත බෙදා ගත යුතු බවය.

පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරවලින් 22ක් මරුට

පාකිස්ථාන දේශසීමා පළාත් වන බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා හි සිදු වූ ප්‍රහාර තුනකින් අවම වශයෙන් 22 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, නිරිතදිග පාකිස්ථානයේ ක්වේටා නගරයේ දේශපාලන රැලියක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.

එමෙන්ම තවත් 30 දෙනෙකු තුවාල ලබා තිබෙන බවද මාධ්‍ය වාර්තා කරයි.

බලුකිස්තාන් ජාතික පක්ෂ-මෙන්ගල් (BNP-M) හි ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන සජිඩ් තරීන් පවසා ඇත්තේ, රැලිය අවසන් වීමෙන් පසු රථගාලේ පිපිරීම සිදු වූ බවත්, පක්ෂ සාමාජිකයින් කිහිප දෙනෙකු තුවාල ලැබූ බවත්ය.

සූඩානයේ නායයෑමෙන් 1000ක් මරුට

බටහිර සුඩානයේ ඩාෆූර් ද අයත් හීමාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ.

සුඩාන විමුක්ති පෙරමුණු හමුදාවට අනුව මෙලෙස මෙම නායයාමෙන් දිවිගලවාගෙන ඇත්තේ එක් අයෙක් පමණක් බව වාර්තා වේ.

නායයාම සිදුව ඇත්තේ පසුගිය අගෝස්තු 31 වනදා වුවත් ඒ සම්බන්ධ නිල වාර්තා අනාවරණ වී ඇත්තේ අද දිනය.

 

ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් අධ්‍යක්ෂවරයෙක් ලෙස බොලිවුඩයට

බොලිවුඩ් සුපිරි තරුවක් වන ෂාරුක් ඛාන් තම දරුවන් තමන්ගේ වෘත්තීය ජීවිත තෝරා ගන්නා ආකාරය පිළිබඳව අදහස් ප්‍රකාශ කර තිබේ.

වැඩිමහල් පුත් ආර්යන් ඛාන් අධ්‍යක්ෂණය කළ ‘Bads Of Bollywood’ චිත්‍රපටය නුදුරු දිනයකදී නිකුත් කිරීමට සූදානමක් පවතින බව ෂාරුක් ඛාන් විදෙස් මාධ්‍යන්ට ප්‍රකාශ කර තිබේ.

වැඩිමහල් පුත් ආර්යන්ගේ පෙනුම සහ දෙබස් ඉදිරිපත් කිරීමේ හැකියාව රසිකයින්ගේ ප්‍රශංසාදට ලක් වූවත්, නළුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වීමට ඔහුගේ කිසිදු උනන්දුවක් නොමැති බව ෂාරුක් ඛාන් පැහැදිලි කර තිබේ.

ඒ වෙනුවට, ඔහු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු හෝ ලේඛකයෙකු ලෙස වෘත්තීය ජීවිතයක් ගොඩනැගීම සඳහා අවධානය යොමු කර ඇති බවයි සඳහන් වේ.

ෂාරුක්ගේ ප්‍රකාශයේ සඳහන් වන්නේ, “මගේ පුතා රඟපාන්න කැමති නැහැ, ඔහු චිත්‍රපට කරන්න කැමතියි. ඔහු ටිකක් ලියනවා, ඔහු හොඳින් ලියනවා. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු හෝ ලේඛකයෙකු වීමට ඉගෙන ගනිමින් සිටී. ” යනුවෙනි.

තම පුතාගේ අධ්‍යක්ෂක සිහින සැබෑ කර ගැනීමට සහයෝගය දක්වන ෂාරුක් විදෙස් මාධ්‍යට වැඩිදුරටත් පවසා තිබුණේ, ආර්යන් ඛාන්ගේ අනාගතය සඳහා තමන්ට සැළසුමක් පවතින බවයි.

ශාරුක් ඛාග්නේ දියණිය සුහානා ඛාන් රංගනයට පිවිස තිබෙන බවත් සඳහන් වෙයි.

ට්‍රම්ප්ගේ ජූනියර්ට ඉල්ලා අස්වෙන්නයි බලපෑම්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞඛ්‍ය ලේකම් රොබට් එෆ් කෙනඩි ජූනියර් ඉල්ලා අස්විය යුතු බවට් මහජන ඉල්ලීම වැඩි වන බව වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් ප්‍රකාශ කර තිබේ.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ජාවකදී බර්නි සැන්ඩර්ස් මේ බව ප්‍රකාශ කර තිබු අතර එක්සත් ජනපද සෞඛ්‍ය ආයතනවල මෑත කාලීන අවුල් සහගත තත්ත්වයෙන් හේතුවෙන් ඔහු ඇමරිකානු ජනතාවගේ සෞඛ්‍යය අනතුරේ හෙළන බවයි.

සාකච්ජ්ජාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් බර්නි සැන්ඩර්ස් අනතුරු අඟවා තිබුණේ, වෛද්‍ය ප්‍රජාවේ අතිමහත් විරෝධය නොතකා, ලේකම් කෙනඩිගේ මීළඟ ඉලක්කය ළමා ප්‍රතිශක්තිකරණ විය හැකි බවත්, එයට සරම්ප, පැපොල සහ පෝලියෝ ඇතුළු රෝගවලින් දරුවන් ආරක්ෂා කිරීම සඳහා නිර්දේශිත එන්නත් භාවිතයෙන් ඉවත් කළහොත් මේවන විට ආරක්ෂිත සහ ඵලදායී එන්නත් නිසා මුළුමනින් අතුගා දැමූ රෝග නැවත මතු වීමට ඉඩ ඇති වීමයි.

දිගුකාලීන එන්නත් විරෝධී උපදේශකයෙකු වන කෙනඩි, සෞඛ්‍ය ආයතන සේවකයින් සේවයෙන් පහ කරමින් සිටින අතර පසුගිය සතියේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ සුසන් මොනාරෙස් සේවයෙන් පහ කිරීමත් සමඟ සේවකයන් 750 දෙනෙකුගේ අත්සනින් කෙනඩි මහජන සෞඛ්‍යයට පැවැත්මේ තර්ජනයක් බවට ලිපියක් ජනාධිපති ට්‍රම්ප් වෙතද යොමුකර තිබේ.

ඊශ්‍රායල ප්‍රහාරයකින් හූති අගමැති මරුට

ඊශ්‍රායල විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හූති කැරලිකරුවන්ගේ අගමැති වන අහමඩ් අල්-රහාවි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සානාහි සිදු වූ ප්‍රහාරයකින් ඔහු ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මිය ගිය බව හූති කැරලිකරුවන් අද (30) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

2024 අගෝස්තු මාසයේ සිට හූති ප්‍රමුඛ රජයේ අගමැති ලෙස කටයුතු මොහු කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

අමෙරිකානු උසාවියෙන් ට්‍රම්ප් බද්දට තහංචි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව රටවල් රැසකට බලපාන පරිදි නිකුත් කර ඇති බදු රැසක් නීතිවිරෝධී බව එරට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
මෙම බදු පැනවීමට එරට හදිසි ආර්ථික බලතල පනතක් යටතේ අවසර ඇකි බවට ට්‍රම්ප් පාර්ශවය ගෙන ආ තර්කය අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ඨෘත් Sඔcඉඅල් සමාජ ජාලය ඔස්සේ මෙම අධිකරණය තීන්දුව විවේචනය කර ඇති ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම තීන්දුව ඉදිරියට ගෙන යාමට ඉඩකඩ ලැබුනහොත් එය ඇමෙරිකානු එක්සත් ජනපදයට දැඩි විනාශයක් අත් කර දෙන බවයි.

මෙම නඩු තීන්දුව ඔක්තෝබර් 14දා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර, ඒ අතර කාලයේදී මීට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය කරා යාමට ඇමෙරිකානු රජයට කාලය හිමිවේ.

තායිලන්ත අගමැති ධූරය අහිමි වෙයි

 

තායිලන්ත අග්‍රාමාත්‍ය පේතොංතා ෂිනවත‍්‍රා (Paetongta Shinawatra) මහත්මිය ධුරයෙන් පහ කිරීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය නියෝග කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඇය කාම්බෝජයේ හිටපු නායකයෙකු සමඟ සිදු කළ දුරකථන සංවාදයක තොරතුරු හෙළිවීමත් සමඟ මෙම තීරණයට එළැඹී ඇත.

අධිකරණය තීරණය කළේ මෙම සිදුවීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. ඒ අනුව, ඇයව වහාම අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට නියෝග කර තිබෙනවා.

බාලි දූපත් බලා ගිය ගුවන් ගමනේ ගින්නක්

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට බාලි දූපත් වෙත පියාසර කරමින් තිබූ එයාර් ඒෂියා ගුවන් සමාගමට අයත් යානයක ගින්නක් හටගෙන තිබේ.

එම ගුවන් යානයේ එන්ජිමෙන් ගිනි දැල් හටගැනීමෙන් පසු යානය යළි පර්ත් ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමටයි ගුවන් නියමුවන් කටයුතු කර ඇත.

මේ හේතුවෙන් ගුවන් යානයේ විදුලි පහන් සම්පූර්ණයෙන්ම නිවී ගොස් ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

Add to cart