රූපවාහිනී ආයතනයකට ගිනි තැබීමක්

බංගලාදේශ ජාතික රූපවාහිනි ආයතනයට ගිනි තැබීමක් සිදුකර ඇත. ඒ එරට රජයට විරුද්ධව විරෝධතා දක්වන විරෝධතා කරුවන් පිරිසක් විසිනි. ගිනි තැබීමත් සමග එහි සිටි බොහෝ දෙනෙකු ගින්නට කොටුවී ඇති අතර ගිනි නිවන හමුදා මැදිහත් වීමෙන් එම පිරිස් බේරාගෙන ඇත. විශ්ව විද්‍යාල සිසුන් විසින් සංවිධානය කරන මෙම විරෝධතාව මැඩ පැවැත්වීම සඳහා පොලිසියට වෙඩි තැබීම් කිහිපයක් ද සිදුකිරීමට සිදුවී ඇත. මෙම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් විස්සකට අධික පිරිසක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. බංගලාදේශ නිදහස් සටනට දායක වූ පුද්ගලයන්ගේ දරුවන්ට රජයේ රැකියාවලින් සියයට තිහක් වෙන් කිරීමට එරෙහිව මෙම විරෝධතාව පවත්වා ඇත. මෙම උණුසුම්කාරී තත්වය සාමාන්‍ය තත්වයකට පත්කිරීම සඳහා මේ වන විටත් බංගලාදේශයේ අන්තර්ජාල හා ජංගම දුරකථන පහසුකම් අත්හිටුවා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

බංගලාදේශයේ විරෝධතා රැල්ලක්


බංගලදේශයේ විශ්ව විද්‍යාල සිසුන් විසින් ආරම්භ කර ඇති විරෝධතා හේතුවෙන් දැඩි ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී තිබේ. ඒ හේතුවෙන් මෙතෙක් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. තවද ඇතිව ඇති තත්ත්වය නිසාවෙන් අන්තර්ජාල පහසුකම් හා ජංගම දුරකථන පහසුකම්ද අත්හිටුවා තිබෙන බව වාර්තා වේ. මෙම විරෝධතා වලට හේතු වී ඇත්තේ නිදහස් සටනට එක් වූ එරට පවුල්වල දරුවන්ට රජයේ රැකියාවලින් සියයට තිහක් වෙන් කිරීමට ගෙන ඇති තීරණය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටීමයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

බස් රථයක් පෙරළී 23 ක් මිය යයි

පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් 23 දෙනෙකු මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේම අනතුරින් තුවාල ලැබූ ගණන 14 කි. බස් රථය අඩි 656 පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් අනතුර සිදුවි ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ දී එහි 40කට අධික පිරිසක් සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

යුනෙස්කෝ අධ්‍යක්ෂකවරිය අද දිවයිනට


ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය සහ ඇයගේ දූත පිරිස ලෙස තවත් තිදෙනකු ගුවන් තොටුපොළ වෙත අද(16) අලුයම 02.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබේ. කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියහ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ගුවන් යානයක් කඩා වැටේ

රුසියාවේ අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන ගුවන් යානයක් කඩා වැටී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යානය කඩා වැටී ඇත්තේ මොස්කව්හි කොලොම්නා නගරයට නුදුරිනි. යානයේ සිට ඇත්තේ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් පමණක් බවත් ඔවුන් සියලු දෙනා අනතුරින් ජීවිතක්ෂයට පත් වී ඇති බවත් විදෙස් මාධ්‍ය තවදුරටත් සදහන් කරනවා.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

එක දුන්නයි මරණ තුනයි


බීබීසී හි ප්‍රකට ක්‍රීඩා විස්තර ප්‍රචාරකයෙක් වන ජෝන් හන්ට් ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා එංගලන්තයේ දී උතුරු ලන්ඩනයේදී දුන්නක් භාවිත කරමින් නිවසේදී ම ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පිලිපීනයේ භූමිකම්පාවක්


පිලිපීනයේ මින්දනාඕ දූපතට ආසන්නව කිලෝ මීටර් 630 ක් ගැඹුරු වූ මුහුදේ රික්ටර් මාපාංක 6.7 අගයකින් යුතු භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් වර්තා සඳහන් කරයි. කෙසේවෙතත් මෙමඟින් කිසිදු හානියක් සිදුව නොමැති බව ද විදෙස් වාර්තා වැඩිදුරටත් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

හමාස් යුද්ධයෙන් මිය ගිය පිරිස 38240 දක්වා ඉහළට

ඊශ්‍රායල් හමාස් යුද ගැටුම් හේතුවෙන් පලස්තීනුවන් 38,240 දෙනෙකු ඉක්මවා මියගොස් ඇති බව සහ ඊස්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරය හේතුවෙන් පලස්තීනුවන් 30කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් තවත් විශාල පිරිසක් තුවල ලැබ ඇති බවත් වාර්තා වේ. ඒ අනූව මෙම ප්‍රහාරය සිදු කර ඇත්තේ හමාස් සංවිධායන ප්‍රධානියෙකු ඉලක්ක කරගනිමින් බව සහ එය එල්ල කර ඇත්තේ ආබාධිත පුද්ගලයන් තුවාලකරුවන් රැඳී සිටින කඳවුරකට බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් මෙහිදී සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ළමා රෝහලකට මිසයිල ප්‍රහාරයක්


රුසියන් හමුදාව විසින් යුක්රේනයේ කීව් අගනුවර ස්ථාන කීපයකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් එක් ප්‍රහාරයක් හේතුවෙන් ඔහ්මට්යාඩ් නමැති ළමා රෝහල් ගොඩනැගිල්ල විනාශ වී එහිදී දෙදනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. රුසියන් ප්‍රහාරවලින් 36 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර, 140 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය පවසයි. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන සහ ඉන්ද්‍රයන් බද්ධ කිරීම් සිදු කරන කීව් අගනුවර ප්‍රධාන පෙළේ රෝහලක් ලෙස ඔහ්මට්යාඩ් ළමා රෝහල සැලකෙන අතර ප්‍රහාරයත් සමඟ රෝහල් ගොඩනැගිල්ලේ පිපිරීම් කීපයක් සිදුවුණු බව වාර්තා වී තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ගිය ලංකාවේ උමා

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට කම්කරු පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා සම්භාවයක් සහිත උමා කුමාරන් මහත්මිය ඡන්ද 19,145 ලබා ගනිමින් එරට පාර්ලිමේන්තුවට පත්වූ බව වාර්තා වේ. ඒ අනූව මෙම මැතිවරණයේ දී ඡන්ද 19,145 ක් ලබා ගනිමින් ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වීමට උමා කුමාරන් මහත්මිය එහිදී වාසනාවන්ත වී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart