බ්‍රිතාන්‍ය අගමැති ලෙස Keir Starmer පත්වේ.


ඊයේ (04) බ්‍රිතාන්‍ය මහ මැතිවරණය පැවැත්වුණු අතර එහි ප්‍රතිඵල මේ වනවිට නිකුත්වෙමින් පවතින බව වාර්තා වේ. එම ප්‍රතිඵල වලට අනුව කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එබැවින් එම පක්ෂයේ Keir Starmer එරට අගමැති ලෙස පත්වීමට නියමිතව ඇත. මේ අනුව කම්කරු පක්ෂය ආසන 410 ක් සහ පාලන බලය හිමිකරගෙන සිටි කොන්සර්වෙටිව් පක්ෂය ආසන 131ක් ලබාගැනීමට ඉඩ ප්‍රස්ථාව ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වායු දූෂණය හේතුවෙන් වසරකට මරණ 33000ක්

ඉන්දියාවේ නගර 10ක් තුළ වායූ දූෂණය හේතුවෙන් මරණ සිදුවීම වාර්තා වේ. ඒ හේතුවෙන් වසරකට ඉන්දියාව තුළ මරණ 33000ක් පමණ සිදුවන බවට “Lancet Plenary Health” සඟරාවේ වාර්තාවක් මඟින් මෙය අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ වාතයේ ගුණාත්මකභාවය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මතයන් ඉක්මවා ගොස් ඇති බව ද අදාළ වාර්තාව මඟින් පෙන්වා දී තිබෙන අතර අහමාදාබාද්, බැංග්ලෝර්, චෙන්නායි, දිල්ලි, හයිද්‍රාබාද්, කොල්කටා, මුම්බායි, පූණේ, ශිම්ලා සහ වරණාසි යන නගරවලින් එම මරණ වාර්තා වී ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කිසිම අවස්ථාවක ජනපති සටනින් ඉවත් වන්නේ නෑ

තමන් කිසිම අවස්ථාවක ජනපති සටනින් ඉවත් නොවන බවත් කවුරු මොනවා කීවත්, නොවැම්බර් පැවැත්වෙන ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බවත් ඇමෙරිකන් ජනාධිපති 81 හැවිරිදි ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ කටයුතු කරන වයස්ගතම පුද්ගලයා ජෝ බයිඩන්ය. මෙම වසරේ නෙවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට බයිඩන් ඉදිරිපත් වන්නේ, හිටපු ජනාධිපතිවරයකු වන රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිවය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

දක්ෂිණාංශික පක්ෂය ජයගනී


යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබූ පරාජය හේතුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසියේ මැතිවරණයක් පසුගිය දිනක පැවැත් වූ අතර එහි පළමු වටයෙන් එමානුවෙල්ගේ ප්‍රතිවාදියා වන දක්ෂිණාංශික පක්ෂය ජයග්‍රහණය ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කර ඇත. ඊයේ නිකුත් කළ ප්‍රති­ඵ­ල­ව­ලට අනුව විපක්ෂ නායිකා මැරින් ලේ පෙන්ගේ නාය­ක­ත්ව­යෙන් යුතු දක්ෂි­ණාං­ශික පක්ෂය 34% ක වැඩි ප්‍රති­ශ­ත­යක් ලබා ඇති අතර රෙනයිසන්ස් පක්ෂයට පළමු වටයේදී ලැබී ඇත්තේ 20.5% ක ඡන්ද ප්‍රතිශතයක් ද වාමාංශික පක්ෂ 29%ක ඡන්ද ප්‍රතිඵලයක් ද ලබා මැක්‍රෝන් අබිබවා ගිය බව තව දුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ෂැංග්හයි සහයෝගීතා සමුළුව 06 වෙනිදා දක්වා


24 වැනි වරටත් පැවැත්වෙන ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ, සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව මෙවර කසකස්තානයේ අස්තානා අගනුවරදී ආරම්භ වෙයි. මෙම සමුළුව ලබන මස 6 වැනිදා දක්වා පැවැත්වෙන අතර මෙහි ප්‍රධාන සාමාජිකයා චීනය වන අතර මේ සඳහා සහභාගී වීමේ අරමුණින් ද, චීන ජනාධිපති ෂී ජින්පින් කසකස්තානයේ නිල සංචාරයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. චීනය, කසක්ස්තානය, කිර්ගිස්තානය, රුසියාව, ටජිකිස්තානය, උස්බෙකිස්තානය, ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ට්‍රම්ප්ට නඩු නැ

2020 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එල්ලවූ චෝදනා අභියෝගයට ලක් කරමින් ගොනුකළ අභියාචනය විභාග වූ අතර ඇමෙරිකානු ජනාධිපතිවරයකු ධුරය දැරූ සමයේදී ගත් රාජාකාරී තීරණ අභියෝගයට ලක් කරමින් ඔහුට කිසිම විටකත් නඩු පැවැරිය නොහැකි බවත් එය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටද අදාළ වන බවත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ බවට විදේස් මාධ්‍ය වාර්තා කරයි.
විනිසුරුවන් 9 දෙනකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් යටතේ අභියාචනය විභාග වූ අතර විනිසුරුවන් 6 දෙනකුගේ එකඟත්වයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසාදය පළ කර ඇති අතර ජනාධිපති බයිඩන් එම තීන්දුව දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති බවත් වැඩිදුරටත් සදහන් වේ

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජංගියොන් ප්‍රදේශයේ සිට වොංජින් නඟරයට මිසයිලයක්

ගිනිකොණ දිග උතුරු කොරියාවේ ජංගියොන් නඟරයේ සිට ඊසාන දිශාවට මිනිත්තු 10ක කාලසීමාවක් තුළ උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල දෙකක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත. ඒ අනූව මෙය නැගෙනහිර වොංචින් නගරයට ඔබ්බෙන් කිලෝමීටර් 600ක් දුරින් දියත් කර ඇති බව ත් යුද අභ්‍යාසයක් සිදුකරන අතරතුර මෙම මිසයිලය අත් හදා ඇති බව ද වැඩිදුරටත් සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මැතිවරණයේ පළමු අධියර අවසන්


ප්‍රංශයේ පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු අදියරේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී ඇති අතර 33%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ආර්.එන් ඉදිරියෙන් සිටින බවත් එන්.එෆ්.පී පක්ෂයට 29% ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇති බවත් සඳහන් ය.ඒ අනූව ජනපති මැක්රොන්ගේ සන්ධානයට හිමි වී ඇත්තේ 20%ක ඡන්ද ප්‍රතිඵලයක් බවයි විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ.මෙහි දෙවන අධියර ලබන 7 වෙනිදා පැවැත්වීමට සූදානම් අතර එම්මානුවෙල් මැකෝන්ගේ සන්ධානයේ මෙවර බලය අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් ප්‍රකාශකොට ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කරච්චි නුවර උෂ්ණත්වය ඉහළ යයි

පසුගිය දින කිහිපයේදී දකුණු දිග පාකිස්ථානයේ කරච්චි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවා ගිය බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.ඒ අනුව මේ වන විට දකුණු දිග පකිස්ථානයේ පැතිරී යන දරුණු උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 568 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව සහ මළ සිරුරු 30-40 අතර ප්‍රමාණයක් දෛනිකව මෝචරියට ප්‍රවාහනය කරන බව ද විදෙස් වාර්තා තවදුරටත් වාර්තා කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

බලය අල්ලා ගැනීමේ උත්සහය ව්‍යාර්ථ වේ..

බොලිවියාවේ රජය පෙරළාදමා හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීමට එරට හමුදා ජෙනරාල්වරයෙක් ගත් උත්සාහය ව්‍යාර්ථ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි, මෙම කුමන්ත්‍රණයේ ප්‍රධානියා ලෙස හඳුනාගත් ජෙනරාල් Juan José Zúñiga ව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත, කුමන්ත්‍රණයට නායකත්වය දුන් ජෙනරාල්වරයා පවසා තිබුණේ එරට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිව්‍යුහගත කිරීම ඔහුගේ උත්සාහය බවයි. නමුත් ජනාධිපති ලුවී ආර්ස් පවසා ඇත්තේ මෙය සිය රට අස්ථායි කිරීමට ඔවුන් ගන්නා උත්සාහයක් බවයි එමෙන්ම ක්‍රමන්ත්‍රණකරුවන්ගේ ප්‍රකාශය තමන් ප්‍රතික්ෂේප කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart