ඉන්දියාවේ අග්නි5 සාර්ථකවේ

ඉන්දියාව සිය හමුදා ශක්තිය විදහා දක්වමින්, කිලෝමීටර් 5,000 ක් දක්වා දුරක් සාර්ථකව යා හැකි අතරමැදි පරාසයක බැලස්ටික් මිසයිලය වන අග්නි-5 ඊයේ(20)දිනයේදී සාර්ථකව අත්හදා බලා තිබේ.

මෙම මිසයිලය ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානය (DRDO) විසින් සංවර්ධනය කරන ලද අතර, න්‍යෂ්ටික හිසක් ගෙන යා හැකි මෙය චීනයේ උතුරු කෙළවරේ ප්‍රදේශ ඇතුළුව ආසියාවේ මුළු මහාද්වීපයම පාහේ සහ යුරෝපයේ සමහර ප්‍රදේශ වලට යා හැකි ලෙස අත්හදා බලා ඇත.

මෙම අත්හදා බැලීම සිදු කරනු ලබන්නේ ඉන්දියාව සහ පාකිස්තානය අතර මිලිටරි ගැටුමකින් මාස හතරකටත් අඩු කාලයක් තුලදීය.

ජලයෙන් යටවුණු මුම්බායි නිසා මිලියනයකට පීඩා

ඉන්දියාවේ මුම්බායිහි මේ දිනවලට අයහපත් කාලගුණය හේතුවෙන් මිලියනයකට ආසන්න ජනතාවක් පීඩාවට පත්ව සිටියි.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ගෙවුණු දින හතරක කාලය තුළ මුම්බායි නගරයට මිලිමීටර් 800 කට ආසන්න වර්ෂාපතනයක් ලැබී තිබේ. මෙම සංඛ්‍යාව, සාමාන්‍යයෙන් මාස පුරා ලැබෙන වැසි ප්‍රමාණයටත් වඩා ඉහළ නිසා, නගරයේ දෛනික ජීවිතය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ.

ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව මෙම තත්ත්වය තවදුරටත් පවතින බවට අනතුරු අඟවමින්, මුම්බායි සහ අසල්වැසි දිස්ත්‍රික්කවලට රතු අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇත.

 

 

ගාසා නගරය අල්ලන්න ඊශ්‍රායල හමුදාව ගමනේ

ගාසා නගරය මුළුමනින්ම අල්ලා ගැනීමට සහ අත්පත් කර ගැනීමට සැලසුම් කළ ගොඩබිම් ප්‍රහාරයේ “මූලික ක්‍රියාමාර්ග” ආරම්භ කර ඇති බවත්, තදාසන්න ප්‍රදේශ දැනටමත් තම පාලනය යටතේ පවතින බවත් ඊශ්‍රායල හමුදාව පවසයි.

ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අඟහරුවාදා අනුමත කළ සහ මෙම සතිය අගදී ආරක්ෂක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රහාරයට සූදානම් වීමේ සැලස්ම සඳහා සයිටූව්න් සහ ජබාලියා ප්‍රදේශවල තම භට පිරිස් දැනටමත් ක්‍රියාත්මක වන බව හමුදා ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙහෙයුම සඳහා ක්‍රියාකාරී රාජකාරියේ නියුතු පිරිස් නිදහස් කිරීම සඳහා සැප්තැම්බර් මස මුලදී අමතර ස්වේච්ඡා භටයින් 60,000 ක් පමණ කැඳවනු ලැබ තිබේ.

“අහිංසක සිවිල් වැසියන්ට එරෙහි කුරිරු යුද්ධයක්” දිගටම කරගෙන යාම සඳහා සටන් විරාම ගිවිසුමකට ඊශ්‍රායලය බාධා කළ බවට හමාස් සංවිධානය චෝදනා කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

ඊශ්‍රායලය මෙම අත්පත් කර ගැනීමේ සැලැස්ම සඳහා සූදානම් වීමත් සමඟ ගාසා නගරයේ සිටින ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ට ඉන් ඉවත් වී දකුණු ගාසා තීරයේ ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස නියෝග කිරීමට නියමිතයි.

පල්ලි නොයන පිරිමි හිරේ

වලංගු හේතුවක් නොමැතිව සිකුරාදා යාඥාවන් මඟ හරින පිරිමින් වසර දෙකක් දක්වා සිරගත කරන බවට මැලේසියානු රජය තිරණය කර තිබේ.

මැලේසියානු ෂරියා නීතියට අනුව, මෙම සතියේ සිට ක්‍රියාත්මක වූ නව නීතිරීතිවලට අනුව, පළමු වරට වැරදිකරුවන්ට වසර දෙකක් දක්වා සිර දඬුවම් නියම කළ හැකි අතර, රිංගිට් 3,000 (£527) හෝ දෙකම දඩ නියම කළ හැකිය.

මෙම නව නීති හඳුන්වා දීම පාලක පෑන්-මැලේසියානු ඉස්ලාමීය පක්ෂය (PAS) විසින් සිදු කර ඇති අතර එම පක්ෂය විසින් පාලනය කරන මැලේසියානු ප්‍රාන්ත 13 න් හතරක් පුරා ආගමික බලාත්මක කිරීම දැඩි කිරීමට උත්සාහ දරා ඇත. මෙම නීති හඳුන්වා දෙමින් ඔවුන් ප්‍රකාශ කර තිබුණේ, සිකුරාදා යාඥාවන් ආගමික සංකේතයක් පමණක් නොව මුස්ලිම්වරුන් අතර කීකරුකමේ ප්‍රකාශනයක් ද වන බැවිනි.

කෙසේ නමුත්, අගමැති අන්වර් ඉබ්‍රාහිම් දඬුවම් අවලංගු කළ යුතු බව සඳහන් කරමින් ප්‍රකාශ කර තිබුණේ, ආගමේ සහ විශ්වාසයේ නිදහස යනු විශ්වාස නොකිරීමට හෝ සහභාගී නොවීමට ඇති නිදහසයි, එබැවින් මෙම කුරිරු නීතිය සමඟ මානව හිමිකම් අමු අමුවේ අපයෝජනය කරමින් සිටින බවයි.

මුස්ලිම් බහුතරයක් සිටින මැලේසියාවේ ද්විත්ව නීති පද්ධතියක් ඇති අතර, එහි ඉස්ලාමය නිල ආගම වන නමුත් සිවිල් නීතිය සමඟ ක්‍රියාත්මක වේ. මිලියන 34 ක් වන රටේ ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ වන මුස්ලිම්වරුන්ගේ පුද්ගලික සහ පවුල් කටයුතු සම්බන්ධයෙන් ෂරියා අධිකරණ බලය දරයි.

පිටුවල් ඇෆ්ගන් ජාතිකයෝ 71ක් මරුට

ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් සරණාගතයන් රැගත් බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් ඇතිවූ ගින්නක් හේතුවෙන් බටහිර ඇෆ්ගනිස්ථානයේ හෙරත් පළාතේ ළමුන් 17 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 71 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම අනතුර බස් රථ රියදුරුගේ අධික වේගය හා නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුව ඇති බව හේරත් පළාතේ පොලිසිය නිවේදනය කර තිබේ.

ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනයත් සමඟ සෑම වසරකම, ගැටුම්, පීඩා, දරිද්‍රතාවය සහ ඉහළ විරැකියාව හේතුවෙන් විශාල ඇෆ්ගන් ජාතිකයින් කිලෝමීටර් 300 (සැතපුම් 186) ඉස්ලාම් ක්වාලා දේශසීමාව හරහා ඉරානයට පැමිණෙන අතර මේ වන විට මිලියන 4කට අධික ලේඛනගත නොකළ ඇෆ්ගන් ජාතිකයින් හඳුනාගෙන ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ තවත් ඇෆ්ගන් සරණාගතයන් තවත් 800,000 කට වැඩි පිරිසකට රට හැර යාමට සිදුවන බව ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්කන්දර් මොමේනි නිවේදනය කිරීමෙන් දිනකට පසුවය.

දශක ගණනාවක යුද්ධයෙන් පසු දුර්වල මාර්ග, මහාමාර්ගවල අනතුරුදායක රිය පැදවීම සහ නියාමනයක් නොමැතිකම හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ රථවාහන අනතුරු බහුලව දක්නට ලැබේ.

අහසින් පහරදුන් රුසියානු ඩ්‍රෝන – යුක්‍රේනයේ ජීවිත 14ක් මරු තුරුළට

යුක්‍රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් කාර්කිව් නගරයේ පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂය පත් වී තිබෙන අතර තවත් 23 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරය සිදු වූ ස්ථානයේ පස් මහල් ගොඩනැගිල්ලක කොටසක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, තවත් තුන් මහල් ගොඩනැගිලක ගින්නක් ද පැවති බව සඳහන් වෙයි.

අතිශයින්ම කනගාටුදායක තත්ත්වය වන්නේ, මෙම ප්‍රහාරය නිසා කුඩා ළමුන් දෙදෙනෙකුගේ ජීවිතය කඩා වැලඳී යාමයි.**

මෙම හදිසි ප්‍රහාරය, ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර වොෂින්ටනයේ පැවති සාකච්ඡාවට පෙර සිදු වූ බවද වාර්තා වේ.

යුක්‍රේනයේ සිවිල් ජනතාවගේ ආරක්ෂාව සහ ප්‍රහාරයට ලක් වූ ගොඩනැගිලිවල ආරක්ෂාව තවමත් දැඩි අවදානමකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියන්මාරයේ මහ මැතිවරණයට දින නියමවෙයි

2021 පෙබරවාරි මාසයේ කුමන්ත්‍රණයක් මගින් බලය අත්පත් කරගත් හමුදාව, ජනතාවට දී ඇති පොරොන්දුව යටතේ මෙය පළමු මහ මැතිවරණය වන අතර, එය සම්පූර්ණයෙන්ම හමුදා බලය තහවුරු කරගැනීමට උත්සාහයක් බවට විවේචන එල්ලවෙයි.

කූටාණ්ඩයෙන් පසු නායකිනි අවුන්ග් සාන් සු කී සිරගත කරනු ලැබූ අතර, එතැන්පටන්ම රට පුරා දැවැන්ත සිවිල් අරගලයක් උද්ගත විය. හමුදාව සහ කැරලිකාර කණ්ඩායම් අතර ගැටුම් හේතුවෙන් සිය ගණනක් මිය ගොස්, දහස් ගණනක් අවතැන් වී ඇත.

ආරම්භයේ සිටම විශාල විරෝධයට මුහුණ දුන් හමුදා පාලනය, පසුගිය අවුරුදු තුන තුළ මැතිවරණය නැවත නැවත කල්දමා තිබුණු නමුත්, නව දින පත් කිරීමෙන් හමුදාවට යළිත් ලොව මූලික අවධානය යොමු වී තිබේ.

මේ වනවිට මැතිවරණයට දේශපාලන පක්ෂ 55 ක් ලියාපදිංචි වී ඇති බවත් වාර්තා වෙයි.

මෙම මැතිවරණය මියන්මාරයේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයක් ගොඩනගන අවස්ථාවක් වනු ඇතැයි විශ්වාස කරන අතර, අනිත් අතට බොහෝ දෙනා මෙය හමුදා බලය නීතිගත කිරීමට කරන උත්සාහයක් බවට සැක ප්‍රකාශ කරයි.

EV අඩුවෙද්දි Hybrid ඉහළ යයි

විද්‍යුත් වාහන (EV) පමණක් නොව, විදුලියත්, ඉන්ධනයත් එක්ක ක්‍රියාකරන Hybrid වාහන මේ වනවිට ලොව පුරා විශාල ඉල්ලුමක් දිනා ගනිමින් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

2025 මුල් අර්ධය තුළ චීනයේ Hybrid වාහන අපනයනය, 2024ට සාපේක්ෂව, 210%කින් තුන්ගුණයක් ලෙස වැඩි වී ඇත. ඒ අතර, එහිදී බැටරි මත පමණක් ක්‍රියාකරන EV වාහන අලෙවිය ඉහළ ගියේ 40%කින් පමණය.

විශේෂයෙන්ම යුරෝපීය වෙළෙඳපොළ Hybrid වාහන සඳහා ප්‍රධාන ගනුදෙනුකරුවන් බවත්, එම වෙළෙඳපොළට ආනයනය වූ සම්පූර්ණයෙන්ම විදුලිය මත ක්‍රියාකරන EV සංඛ්‍යාව 2%කින් පහත වැටී තිබෙන බවත් වාර්තා වෙයි.

චීන EV නැතහොත් විද්‍යුත් වාහන සඳහා යුරෝපා රටවල් මෙලෙසින් වැඩි වශයෙන් යොමුවන්නේ 2035 වනවිට වායු දූෂණය ශුන්‍ය කිරීමේ ඉලක්කය කරා ළඟාවීම ගැටලුකාරී තත්ත්වයක තිබියදීය.

 

චීනය හදන්න යන ගර්භණී රොබෝවරුන්

ගර්භණී මවකගේ කුස මෙන් කළලය පැළඳ ගෙන උපත දක්වා රැඳවිය හැකි මානවරූපී ගර්භණී රොබෝවරුන් නිපදවීමේ තාක්ෂණය පිළිබඳව චීනයේ ග්වැන්ජෝ නගරයේ තාක්ෂණ ආයතනයක් දැනටමත් අත්හදා බැලීමේ අවධියට පියවර ගෙන ඇත.

මෙම නවෝත්පාදනය සාර්ථක වුවහොත්, මව්ගැබේ පිළිසිඳගැනීමේ දක්වා උපතේ දක්වා වූ සම්පූර්ණ ගර්භණී ගමනක් යාන්ත්‍රිකව සංකල්පනය කිරීමට හැකිවනු ඇතැයි පර්‍යේෂකයන් සදහන් කරයි.

එහෙත් මේ වන විට ඩිම්බ සංසේචනය කෙසේ සිදුකරන්නේද යන්න පිළිබඳ පැහැදිලි විස්තරයක් සොයාගැනීමට හැකි වී නොමැති බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත්, අනාගතයේ පරිගණක, රොබෝ සහ ජෛව විද්‍යාව එක්ව මනුෂ්‍ය ජීවිතයේ විශාල වෙනසක් ගෙන ඒමට සූදානම් වෙමින් සිටින බව විශේෂඥයන් පෙන්වා දෙයි.

චීන-ඉන්දීය සබඳතා යළි අලුත් කරගත් විදේශ ඇමතිවරු

මෙම මාසයේ අවසන් දිනයන් සමග ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ චීන සංචාරය නිසා දෙරට සබඳතා යළි ශක්තිමත් වන ආකාරයක් දක්නට ලැබේ.

එයට පෙර චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ඉන්දියාවට කළ සංචාරයත් මේ වන විට විශේෂ අවධානයක් ගත් අතර, ඔහු ඉන්දීය විදේශ අමාත්‍ය Subrahmanyam Jaishankar මහතා සමග පැවැත්වූ සාකච්ඡාව තුළ ද්විපාර්ශ්වික සබඳතා නව පියවරකට ගෙන යෑම පිළිබඳව දෙපාර්ශ්වයම එකඟතාව දක්වා ඇත.

Wang Yi මහතා තර්ජන හෝ තරඟකරුවන් ලෙස නොව, හවුල්කරුවන් සහ අවස්ථා ලෙස එකිනෙකා බලමින් නිවැරදි උපායමාර්ගික දැක්මකින් ක්‍රියා කිරීමට අවශ්‍ය බව අවධාරණය කර තිබේ. එමෙන්ම දෙරට නායකයන්ගේ මඟපෙන්වීම් යටතේ, නව සංවාද හා හුවමාරු යළි ආරම්භ කිරීමට චීනය සූදානම් බව ද ඔහු ප්‍රකාශ කරයි. ඉන්දීය බැතිමතුන්ට චීනයේ Xizang ප්‍රදේශයේ ආගමික ස්ථානවලට වන්දනා ගමන් යළි ආරම්භ කිරීමටද සහයෝගය ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර Subrahmanyam Jaishankar මහතා සඳහන් කළේ දෙරට නායකයින්ගේ මඟපෙන්වීම යටතේ ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වැඩිදියුණු වන බවත්, සියලු අංශවල සහයෝගීතා නව තත්ත්වයකට පත් වන අතර, දේශපාලන විශ්වාසය ශක්තිමත් කරගෙන ආර්ථික සහ වෙළඳ කටයුතුත් ඵලදායී කරගැනීමට ඉන්දියාව උනන්දු වන බවත් ඔහු අවධාරණය කරයි.

මෙම වසරේදී චීන – ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික සබඳතා 75 වැනි සංවත්සරයට පත් වීමත්, අතීත පාඩම් මත පදනම්ව නව සම්බන්ධතා ගොඩනගා ගන්නා බවත් යළි සිහිපත් කළේය.

විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ අසල්වැසි විශාල රටවල් ලෙස ගරුත්වය, විශ්වාසය සහ පොදු සංවර්ධන අරමුණු මත පදනම් වූ නව කාල පරිච්ඡේදයකට දෙරට පිවිසෙමින් සිටින බවය.

Add to cart