චීන-ඉන්දීය සබඳතා යළි අලුත් කරගත් විදේශ ඇමතිවරු
මෙම මාසයේ අවසන් දිනයන් සමග ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ චීන සංචාරය නිසා දෙරට සබඳතා යළි ශක්තිමත් වන ආකාරයක් දක්නට ලැබේ.
එයට පෙර චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ඉන්දියාවට කළ සංචාරයත් මේ වන විට විශේෂ අවධානයක් ගත් අතර, ඔහු ඉන්දීය විදේශ අමාත්‍ය Subrahmanyam Jaishankar මහතා සමග පැවැත්වූ සාකච්ඡාව තුළ ද්විපාර්ශ්වික සබඳතා නව පියවරකට ගෙන යෑම පිළිබඳව දෙපාර්ශ්වයම එකඟතාව දක්වා ඇත.
Wang Yi මහතා තර්ජන හෝ තරඟකරුවන් ලෙස නොව, හවුල්කරුවන් සහ අවස්ථා ලෙස එකිනෙකා බලමින් නිවැරදි උපායමාර්ගික දැක්මකින් ක්‍රියා කිරීමට අවශ්‍ය බව අවධාරණය කර තිබේ. එමෙන්ම දෙරට නායකයන්ගේ මඟපෙන්වීම් යටතේ, නව සංවාද හා හුවමාරු යළි ආරම්භ කිරීමට චීනය සූදානම් බව ද ඔහු ප්‍රකාශ කරයි. ඉන්දීය බැතිමතුන්ට චීනයේ Xizang ප්‍රදේශයේ ආගමික ස්ථානවලට වන්දනා ගමන් යළි ආරම්භ කිරීමටද සහයෝගය ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර Subrahmanyam Jaishankar මහතා සඳහන් කළේ දෙරට නායකයින්ගේ මඟපෙන්වීම යටතේ ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වැඩිදියුණු වන බවත්, සියලු අංශවල සහයෝගීතා නව තත්ත්වයකට පත් වන අතර, දේශපාලන විශ්වාසය ශක්තිමත් කරගෙන ආර්ථික සහ වෙළඳ කටයුතුත් ඵලදායී කරගැනීමට ඉන්දියාව උනන්දු වන බවත් ඔහු අවධාරණය කරයි.
මෙම වසරේදී චීන – ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික සබඳතා 75 වැනි සංවත්සරයට පත් වීමත්, අතීත පාඩම් මත පදනම්ව නව සම්බන්ධතා ගොඩනගා ගන්නා බවත් යළි සිහිපත් කළේය.
විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ අසල්වැසි විශාල රටවල් ලෙස ගරුත්වය, විශ්වාසය සහ පොදු සංවර්ධන අරමුණු මත පදනම් වූ නව කාල පරිච්ඡේදයකට දෙරට පිවිසෙමින් සිටින බවය.