රැකියා වේලාවෙන් පසු රාජකාරි පණිවිඩ සඳහා ප්‍රතිචාර නොදී සිටීමේ අයිතිය ලැබේ


රැකියා වේලාවෙන් පසු කිසියම් සේවකයකුට ලැබෙන රාජකාරි පණිවිඩ සඳහා ප්‍රතිචාර නොදක්වා සිටීමේ අයිතිය හෙවත් විසන්ධි කිරීමේ අයිතිය(right to disconnect ) සම්බන්ධ නීතිය ඕස්ට්‍රේලියාවේ අද සිට ක්‍රියාත්මක වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව රාජකාරි වේලාවන් පසු ලැබෙන දුරකථන ඇමතුම්,ඊ මේල් පණිවීඩ සහ කෙටි පණිවීඩ සඳහා අද සිට ප්‍රතිචාර නොදැක්වීමට හෝ විසන්ධි කිරීමට සේවකයන්ට හැකියාව ඇත.
ඊට එරෙහිව ක්‍රියා කරන හාම්පුතුන්ට විරුද්ධව ඕස්ට්‍රේලියානු ඩොලර් 93,900ක දඩ මුදලක් නියම කළ හැකි බව එරට වාර්තා පෙන්වාදෙයි.
රැකියාවෙන් පසු සේවකයන්ට වඩාත් හොඳ පෞද්ගලික ජීවිතයක් ගතකිරීමට අවස්ථාව උදාකර දීම සඳහා ඕස්ට්‍රේලියානු රජය මෙලෙස නීති හදුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පකිස්තානයට ත්‍රස්ත ප්‍රහාරයක්


මගී බස්රථ ඉලක්ක කර ගෙන නිරිතදිග පාකිස්තානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වේ.
ඉන් පුද්ගලයින් 23 දෙනෙක් මියගොස් ඇති බව සඳහන් වන අතර එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා එම ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ටෙලිග්‍රෑම් ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් අත්අඩංගුවට

ටෙලිග්‍රෑම්හි ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේන බව විදේස් මාධ්‍ය සදහන් කරනවා. ඔහුගේ පෞද්ගලික ජෙට් යානය Le Bourget ගුවන් තොටුපළට ගොඩබැස්සවීමෙන් පසු පවෙල් ඩුරොව් පොලිසිය විසින් රඳවාගෙන සිටි බවයි වැඩි දුරටත් සදහන්
ටෙලිග්‍රෑම්හි සාපරාධී භාවිතයන් මැඩලීමට පියවර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඩුරොව් මහතාට චෝදනා එල්ල වි තිබේ. ඒ සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ප්‍රබල භූ කම්පනයක්


ජපානයේ ඉබරාකි ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.1ක යුතුව අදාළ භුකම්පනයක් සිදුව තිබේන බවට විදේස් මාධ්‍ය වාර්තා කරනවා.
භුකම්පනය එරට වේලාවෙන් අද (19) උදෑසන සිදුව ඇති බවත් කිලෝ මීටර් 10ක පමණ ගැඹුරින් එය හට ගෙන ඇති බවත් වැඩිදුර වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

හිටපු ජනපති ඝාතන සිද්ධියට පාකිස්තානුවෙක් අත්අඩංගුවට


හිටපු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගැනිමේ සිද්ධියට අදාලව සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සැකකරු පාකිස්තාන ජාතිකයකු බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරනවා.

එම සැකකරු ඉරානය සමඟ ද සම්බන්ධයක් ඇති බවද විමර්ශවලදී අනාවරණය වී ඇත. එමෙන්ම ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාර එල්ල වූයේ ද මැතිවරණ රැලියක් අමතමින් සිටිද්දීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

බංගලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හරියි

බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ එරට වේලාවෙන් අද පස්වරු 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවාහරින ලෙසත් හමුදා ප්‍රමුඛ රජයක් පිළිනොගන්නා බව ශිෂ්‍ය විරෝධතාකරුවන් පවසා ඇති අතර නොබෙල් සාම ත්‍යාගලාභී Muhammad Yunus උපදේශකත්වය යටතේ අන්තර්වාර රජයක් පිහිටුවන ලෙසත් ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පලාගිය හසීනා ඉන්දියාවේ


ශිෂ්‍ය විරෝධතා හමුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී රටින් පලා ගිය ෂෙයික් හසීනා ඇගේ සොහොයුරිය රෙහානා සමඟ ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ, තවමත් ඉන්දියාවේ රැඳී සිටින බව විදේස් මාධ්‍ය වාර්තා කරනවා.

ෂෙයික් හසීනාගේ උත්සාහය දේශපාලන රැකවරණ යටතේ, එක්සත් රාජධානිය බලා යෑමට බවත් ඒ සඳහා තමන්ට අවස්ථාව ලැබෙන තුරු හසීනා ඉන්දියාවේ රැඳී සිටින බව ද තවදුරටත් වාර්තාවේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ලංකාව ආදර්ශයට ගත් බංගලාදේශයේ අගමැතිනිය පලා යයි


අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් බංගලාදේශය පුරා ඇතිවූ විරෝධතාවලින් පසුව අගමැති ධූරයෙන් ශික් හසීනා ඉල්ලා අස්වී ඇති බව සහ මේ වන විට ඇය එරටින් පලා ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වාර්තා කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අගමැතිනි ගෙදර යවන්න ජනතාව පාරට බසී – රට පුරා ඇඳිරිනීතිය


බංගලාදේශ අගමැතිනි ෂීක් හසිනා ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් නැවත වීදිවලට පැමිණි දසදහස් ගණනක් විරෝධතාකරුවන් රට පුරා විරෝධතා පවත්වා ඇති අතර පොලිසිය සහ විරෝධතාකරුවන් අතර විශාල ලෙස ගැටුම් ඇති වී ඇත. පොලිසිය කඳුළු ගෑස් සහ ග්‍රෙනේඩ් ප්‍රහාර එල්ල කිර් ඇති අතර ගැටුමෙන් පොලිස් නිලධාරීන් 13 ක් ඇතුළුව පුද්ගලයින් 90 දෙනකු මියගොස් තිබේ.බොහෝ පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට බංගලදේශයේ රට පුරා දින නියමයක් නොමැතිව රට පුරා ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

විසි දෙනෙකුට මරු කැඳ වූ මරාගෙන මැරෙන බෝම්බය


සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ,ලිඩෝ වෙරළ ප්‍රදේශයේ හෝටලයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වූ බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.
එයින් 20 දෙනෙකු මිය ගොස් ඇති බවත් එම අවස්ථාවේ පුපුරණ ශබ්දයත් සමඟ ආරක්ෂක අංශ එම ස්ථානයට ලඟා වී ඇති බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයේ වගකීම අල් කයිඩා සංවිධානයට අනුබද්ධ අප්‍රිකානු අල් ෂබාබ් සංවිධානය විසින් භාරගන්නා බව ගුවන් විදුලිය හරහා නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍යවල දුරටත් වාර්තා කර ඇත්තේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart