අගමැතිනිය කිඹුල් කඳුළු සලයි

පසුගිය දිනවලදී ඇති වූ විරෝධතා අතරතුරදී එම විරෝධතා හේතුවෙන් හානියට පත් වූ දුම්රියපොළක් නැරඹීමට ගිය අවස්ථාවකදී බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා කඳුළු පිරි දෑසින් එදෙස බලාසිටින ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී.
නමුත් එරට ජනතාව පවසන්නේ අගමැතිවරිය කිඹුල් කඳුළු හෙළන බවයි. එමෙන්ම එරට පැවති උද්ඝෝෂණ හේතුවෙන් 150 දෙනෙක් පමණ මියගිය අතර එලෙස මියගිය අය වෙනුවෙන් අගමැතිවරිය ඒ ආකාරයට කනගාටු නොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රජයේ රැකියාවලින් 30%ක් යුද විරුවන්ගේ ඥාතීන්ට ලබාදිය යුතු බවට ගෙන ආ යෝජනාවට එරෙහිව සිසු උද්ඝෝෂණ ඇති වී තිබේ. මේ හේතුවෙන් රටපුරා හදිසි තත්ත්වයක් ඇතිවූ අතර පසුව එරට අධිකරණය මැදිහත්වී රැකියා කෝටාව 7%ක් දක්වා අඩු කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ගිණිගත් බංගලාදේශයෙන් ඉන්දියාවට ඇති බලපෑම


බංගලාදේශයේ වීදි දැන් කලකිරුණු සිසුන්ගෙන් පිරී ඇත, ඒ 1971 යුද්ධයේ නිදහස් සටන්කාමීන්ගේ පවුල් සඳහා රජයේ රැකියා වල ‘කෝටා’ ලබා දීමට එරෙහිව විරෝධතා දක්වන සිසුන්ය. The Print යූටියුබ් නාලිකාවේ Cut The Clutter වැඩසටහනෙහි 1485 වැනි කථාංගයේ ප්‍රධාන කර්තෘ ශේඛර් ගුප්තා 1970 ගණන්වල සිට අද දක්වා බංගලාදේශයේ සිදුවීම් ලුහුබැඳීම සඳහා වත්මන් මතභේදයට යටින් පවතින හේතු විශ්ලේෂණය කරයි. ඔහුගේ එම වීඩියෝවේ සිංහල සංක්ෂිප්තය මෙහි සදහන් වේ,

“බංගලිදේශය යනු අද අපගේ අවධානයට ලක්වන කැළඹිලි සහිත ප්‍රශ්නයයි. මට ආරම්භයේදීම කිව හැකි එක් දෙයක් නම්, ඉන්දියාවේ අපි කම්මැලි (boring) ප්‍රදේශයක ජීවත් වන බවට මැසිවිලි නැගිය නොහැකි බවයි. පකිස්ථානයට තමන්ගේම කරදර ඇති මොහොතක පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය දැන් ඉම්රාන් ඛාන්ගේ පක්ෂය නීත්‍යානුකූල කර ඇති අතර එය තහනම් කර තබා ගැනීමට සංස්ථාපිතයට සහ පාලක සභාගයට අවශ්‍ය වූ පාකිස්තාන අධිකරණය ද දැන් රීත්‍යානුකූල වශයෙන් ඉම්රාන් ඛාන්ව ඔහු කලින් මුහුණ දුන් සියලු චෝදනාවලින් නිදහස් කර ඇත. සංස්ථාපිතය සහ ආන්ඩුව නැවතත් ඔහුට එරෙහිව අලුත් චෝදනා ගොනු කර ඇති නිසා පකිස්තානයේ අස්ථාවර භාවයක් පවතිනවාමෙන්ම එම අස්ථාවරත්වය තව තවත් උග්‍ර වෙමින් පවතී. පකිස්ථානයේ ආර්ථිකය තව තවත් අර්බුදයට යමින් පවතී. මේ අතර නේපාලය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වෙලා අවුරුදු 16ක් වෙද්දී 14 වෙනි අගමැතිද නේපාලයට පත්ව ඇත. සමහර පුද්ගලයන් කිහිප වතාවක්ම අගමැති ධූරය දරා ඇත. නේපාලයේ ද දේශපාලන අස්ථාවරත්වය දිගින් දිගටම පවතී. එබැවින් බටහිරින් පාකිස්ථානය එක් ආකාරයකටද උතුරින් නේපාලයද, ඉන්දියාවේ නැගෙනහිරින් බංග්ලාදේශය ද වේ.
බංග්ලාදේශය සාමාන්‍යයෙන් ස්ථාවර රාජ්‍යයකි. එය අසල්වැසි රාජ්‍යයන් අතරින් ඉන්දියාවට මිත්‍රශීලීම රට ද වේ. නියත වශයෙන්ම මෙම බංග්ලාදේශ රජය එක්දහස් නවසිය හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට ඉන්දියාවට තිබූ මිත්‍රශීලීම රජයයි. ෂෙයික් මුජිබු රහ්මාන් ඝාතනය වූ දා සිට ඉන්දියාව සමඟ තිබූ සබඳතාව ගොඩනඟා ගත්තේ ඔහුගේ දියණිය වන වත්මන් අගමැතිනි ෂීක් හසීනාය. ඇය මෑතකදී ඉන්දියාවට පැමිණයා ය. ඇය පසුගිය දිනක චීනයේ ද ගොස් සිටි අතර ඇය සිය චීන සංචාරය කෙටි කර ගත් බව අපි දනිමු. පෙනෙන විදිහට ඒ ඇය කෝපයට පත් වූ නිසාවෙනි. ඇයට චීනයේ දී වැටහුණේ තමාට ප්‍රමාණවත් අවධානයක් නොලැබෙන බව හෝ චීන ජාතිකයන් ඇයට දුන් පොරොන්දු ඉටු නොකරන බවයි. ඒ හේතුවෙන් ඇය මුලින්ම ඇගේ සංචාරය කෙටි කළාය. ඇය සමඟ සම්මුඛ සාකච්ඡාවට ෂී ජින්පින්ග් වෙනුවට චීන අග්‍රාමාත්‍යවරයා එවීමට චීනය තීරණය කළේය. ඉන් කෝපයට පත් ඇය බංගලාදේශයට පැමිණි පසු කියා සිටියේ ජාල ව්‍යාපෘතිය චීනය සමඟ නොව ඉන්දියාව සමඟ කිරීමට තීරණය කළ බවයි. මේ ජල ව්‍යාපෘතිය නිසා ඉන්දියාවට ඉතා වටිනා මිත්‍රයෙක් හිමිව ඇත. ඉන්දියාවට බංග්ලාදේශය සමඟ මෙම සබඳතාව පෝෂණය කිරීම ඉතා වැදගත් බව මම අතීතයේ දී කීවෙමි, මන්ද ඉන්දියාවට බටහිරින් උර්දු කතා කරන, උර්දු වලටත් වඩා පන්ජාබ් කතා කරන පාකිස්ථානය ඇති අතර නැගෙනහිරින් බංගලි කතා කරන පකිස්ථානයක් අපට කිසිසේත්ම අවශ්‍ය නැත. දැන් අවුරුදු 15ක් තිස්සෙම බංගලිදේශය තවත් පාකිස්තානයක් නොවුයේ ෂීක් හසීනා නිසාවෙනි. එය තවත් පාකිතානයක් කර ගැනීමට අපට කිසිසේත්ම උවමනාවක් ද නැත.එබැවින් ෂීක් හසීනා ගේ ආණ්ඩුව දෙදරුම්කෑම ගැන ඉන්දියාව මේ මොහොතේ අවධානය යොමු කිරීම අතිශය වැදගත් වන්නේ ය.”

බංගලාදේශයට මේ වනවිට ඇමරිකාවේ අවධානය යොමු වී අතර ඇමරිකාව සඳහන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන තෙක් ඔවුන් ඉතාමත් අවධානයෙන් බංගලාදේශය දෙස බලා සිටින බවයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අවබෝධය ලබා ගැනීම සඳහා මෙහි සම්පූර්ණ වීඩියෝව පහත ලින්ක් එක ඔස්සේ නැරඹීය හැකියි.: https://shorturl.at/HlOee

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සටනින් ඉවත්වන වත්මන් ජනපති

සිය සමාජ මධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩින් සඳහන් කර ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණයට තමා තරඟ නොකරන බවයි.
එමෙන්ම, “නැවත තේරී පත්වීම මගේ අභිප්‍රාය වී ඇති නමුත්, මා ඉන් ඉවත් වී මගේ ධූර කාලය තුළ ජනාධිපති ලෙස යුතුකම් ඉටු කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම මගේ පක්‍ෂයේ සහ රටේ යහපතට හේතු වන බව මම විශ්වාස කරමි.” යනුවෙන්ද ඔහු එහිදී අදහස් දක්වමින් පවසා ඇති බව සඳහන්ය.
ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකවත්වය උප ජනාධිපති ලෙස සිටින කමලා හැරිස්ට නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ලබාදීමට සුදුසු බවත් ජෝබයිඩන් එහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රූපවාහිනී ආයතනයකට ගිනි තැබීමක්

බංගලාදේශ ජාතික රූපවාහිනි ආයතනයට ගිනි තැබීමක් සිදුකර ඇත. ඒ එරට රජයට විරුද්ධව විරෝධතා දක්වන විරෝධතා කරුවන් පිරිසක් විසිනි. ගිනි තැබීමත් සමග එහි සිටි බොහෝ දෙනෙකු ගින්නට කොටුවී ඇති අතර ගිනි නිවන හමුදා මැදිහත් වීමෙන් එම පිරිස් බේරාගෙන ඇත. විශ්ව විද්‍යාල සිසුන් විසින් සංවිධානය කරන මෙම විරෝධතාව මැඩ පැවැත්වීම සඳහා පොලිසියට වෙඩි තැබීම් කිහිපයක් ද සිදුකිරීමට සිදුවී ඇත. මෙම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් විස්සකට අධික පිරිසක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. බංගලාදේශ නිදහස් සටනට දායක වූ පුද්ගලයන්ගේ දරුවන්ට රජයේ රැකියාවලින් සියයට තිහක් වෙන් කිරීමට එරෙහිව මෙම විරෝධතාව පවත්වා ඇත. මෙම උණුසුම්කාරී තත්වය සාමාන්‍ය තත්වයකට පත්කිරීම සඳහා මේ වන විටත් බංගලාදේශයේ අන්තර්ජාල හා ජංගම දුරකථන පහසුකම් අත්හිටුවා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

බංගලාදේශයේ විරෝධතා රැල්ලක්


බංගලදේශයේ විශ්ව විද්‍යාල සිසුන් විසින් ආරම්භ කර ඇති විරෝධතා හේතුවෙන් දැඩි ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී තිබේ. ඒ හේතුවෙන් මෙතෙක් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. තවද ඇතිව ඇති තත්ත්වය නිසාවෙන් අන්තර්ජාල පහසුකම් හා ජංගම දුරකථන පහසුකම්ද අත්හිටුවා තිබෙන බව වාර්තා වේ. මෙම විරෝධතා වලට හේතු වී ඇත්තේ නිදහස් සටනට එක් වූ එරට පවුල්වල දරුවන්ට රජයේ රැකියාවලින් සියයට තිහක් වෙන් කිරීමට ගෙන ඇති තීරණය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටීමයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

බස් රථයක් පෙරළී 23 ක් මිය යයි

පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් 23 දෙනෙකු මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේම අනතුරින් තුවාල ලැබූ ගණන 14 කි. බස් රථය අඩි 656 පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් අනතුර සිදුවි ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ දී එහි 40කට අධික පිරිසක් සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

යුනෙස්කෝ අධ්‍යක්ෂකවරිය අද දිවයිනට


ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය සහ ඇයගේ දූත පිරිස ලෙස තවත් තිදෙනකු ගුවන් තොටුපොළ වෙත අද(16) අලුයම 02.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබේ. කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියහ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ගුවන් යානයක් කඩා වැටේ

රුසියාවේ අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන ගුවන් යානයක් කඩා වැටී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යානය කඩා වැටී ඇත්තේ මොස්කව්හි කොලොම්නා නගරයට නුදුරිනි. යානයේ සිට ඇත්තේ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් පමණක් බවත් ඔවුන් සියලු දෙනා අනතුරින් ජීවිතක්ෂයට පත් වී ඇති බවත් විදෙස් මාධ්‍ය තවදුරටත් සදහන් කරනවා.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

එක දුන්නයි මරණ තුනයි


බීබීසී හි ප්‍රකට ක්‍රීඩා විස්තර ප්‍රචාරකයෙක් වන ජෝන් හන්ට් ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා එංගලන්තයේ දී උතුරු ලන්ඩනයේදී දුන්නක් භාවිත කරමින් නිවසේදී ම ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පිලිපීනයේ භූමිකම්පාවක්


පිලිපීනයේ මින්දනාඕ දූපතට ආසන්නව කිලෝ මීටර් 630 ක් ගැඹුරු වූ මුහුදේ රික්ටර් මාපාංක 6.7 අගයකින් යුතු භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් වර්තා සඳහන් කරයි. කෙසේවෙතත් මෙමඟින් කිසිදු හානියක් සිදුව නොමැති බව ද විදෙස් වාර්තා වැඩිදුරටත් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart