සිරිල් රාමපෝසා 50% වැඩි ඡන්දයකින් නැවත බලයට

දකුණු අප්‍රිකානු ජාතික කොංග්‍රසය සහ විරුද්ධ පක්ෂ අතර සභා ගිවිසුමක් ඊයේ පැවැත්විණි. ඉන් අනතුරුව එරට පාර්ලිමේන්තුව විසින් සිරිල් රාමපෝසා ජනාධිපතිවරයා ලෙස යළි තෝරාපත් කරගෙන තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එමෙන්ම ජාතික සමගි නව රජය, රාමපෝසාගේ පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය, මධ්‍ය-දක්ෂිණාංශික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සහ කුඩා පක්ෂ ඒකාබද්ධව මෙම සන්ධානය ගොඩනගා ඇති බව තව දුරටත් වාර්තා වී ඇත. ඒ වගේම නව පාලනයේ බලය දරන්නේ කවුරුන්ද යන්න තහවුරු කිරීම සඳහා විමසීමට ජාතික සභාව ඡන්ද විමසීමක් පවත්වා ඇති බව සඳහන් ය. මෙහිදී මෙම තීරණයට එළෙඹ ඇත්තේ පසුගිය මාසයේ පැවති මැතිවරණයේදී වසර 30කට පසු ප්‍රථම වරට පාර්ලිමේන්තු බහුතරය අහිමි වීමෙන් පසු දකුණු අප්‍රිකානු ජාතික කොංග්‍රසය හවුල් කරගන්නේ කවුරුන්ද යන්න පිළිබඳ සති ගණනාවක් පුරා පැවති සාකච්ඡාවලින් පසු බව තව දුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ වගේම 2018 දී ඇති වූ දැඩි බල අරගලයකින් පසු ජනාධිපති ජේකොබ් සූමා වෙනුවට සිරිල් රාමපෝසා බලයට පත් වී ඇත. එමෙන්ම ඔහුගේ පක්ෂය සෑම විටම සියයට 50 ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබුණු බව වාර්තා වී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewsl

මිනිසුන් ලෙස වෙස්ගත් පිටසක්වලයින්

පිටසක්වල ජීවින් මිනිසුන් ලෙස වෙස්වලාගෙන මිනිසුන් සමග සාමාන්‍ය සමාජයේ ජීවත් විය හැකි බව ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යන වාර්තාව මගින් සඳහන් කර ඇත. එහි දැක්වෙන ආකාරයට පිටසක්වල ජීවින් භූගතව සඳ මතු පිට හා මිනිසුන් අතර පවා ජීවත් විය හැකියි. මෙම වාර්තාව සකස් කර ඇත්තේ හාවඩ් විශ්වවිද්‍යාලයේ මානව සශ්‍රීක වැඩසටහන් පර්යේෂයකයන් විසිනි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍

TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

ජනපති රැගත් ගුවන්යානය අතුරුදන් වේ

මලාවි Mzuzu ගුවන්තොටුපළ වෙත අද(11) පස්වරුව වන විට ගොඩ බැස්වීමට නියමිතව තිබූ උප ජනාධිපති saulos chilima සහ තවත් 9 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
ඔවුන් ගමන් කර ඇත්තේ එරට ආරක්ෂක බලකායට අයත් ගුවන් යානයක බවත් උප ජනාධිපතිවරයා ගමන් ගත් ගුවන් යානය සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් මෙම සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් මලාවි ජනාධිපති Lazarus chakwera ප්‍රකාශ කර ඇත.
ඒ අනුව මෙම සිදුවීම සිදු වී ඇත්තේ ජනාධිපතිවරයා සංචාරය සඳහා බහමාස් රාජ්‍ය වෙත යාමට නියමිතව තිබූ අතර බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

හිටපු ජනාධිපති ට්‍රම්ප් ඇමෙරිකානු ඉතිහාසය වෙනස් කරයි.


ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34ක ට වරදකරු හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බව මෑන්හැටන් ජූරි සභාවක් තීන්දු කර ඇත.
ඇමෙරිකානු ඉතිහාසයේ අපරාධ චෝදනාවකට වරදකරු වූ පළමු ජනාධිපතිවරයා සහ මැතිවරණ කාලයක් තුළ අපරාධයකට වරදකරු වූ පළමු ජනපති අපේක්ෂකයා ලෙස ඉතිහාසගත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජූරි සභිකයන් දින දෙකක් පැය 12ක කාලයක් සාකච්ඡා කිරීමෙන් පසුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk

අධික උෂ්ණත්වයෙන් බැට කන ඉන්දියාව

ඉන්දියාවේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය අධික ලෙස අනතුරුදායක තත්වයෙන් ඉහල ගොස් ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කරයි.
දැඩි උණුසුම් කාලගුණයෙන් වැඩිපුර බලපෑම් එල්ල වී ඇත්තේ ඉන්දියාවේ උතුරු සහ වයඹදිග ප්‍රාන්තවලට වන අතර ඉන්දියාවේ වයඹ දෙසින් පිහිටි රාජස්ථානයේ චූරු නගරයෙහි උෂ්නත්වය සෙල්සියස් අංශක 50ක් දක්වා ඉහල ගොස් ඇත.
මෙලෙස අසාමාන්‍ය උණුසුම් කාලගුණයකින් සති කීපයක් තිස්සේ ඉන්දියාව පීඩා විදින බව වාර්තාවේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ඊශ්‍රායල් හමුදාවෙන් දරුණු ප්‍රහාරයක්

ඊශ්‍රායල හමුදාව විසින් පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් නගරයට ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තාවේ.
මෙම ප්‍රහාරය ඉලක්ක කරගෙන ඇත්තේ එම නගරයේ සන්නද්ධ කල්ලි බවයි තවදුරටත් සඳහන් කර ඇත්තේ.
මෙම ප්‍රහාරය මඟින් වෛද්‍යවරයෙක් ගුරුවරයෙක් සහ පලස්තීනුවන් හත් දෙනෙක් මියගොස් ඇති අතර හමාස් ,ෆාටා ඉස්ලාමීය ජිහාඩ් වැනි සන්නද්ධ කණ්ඩායම් මෙහි ක්‍රියාත්මක බව ද ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනේ


යුරෝපා අභ්‍යවකාශ තාරකා විද්‍යාඥයෝ විසින් ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වෙමින් පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්‍රහයක් සොයාගෙන ඇති බවට වාර්තා වේ.
‘ග්ලීස් 12 බී’ යනුවෙන් යුරෝපා විද්‍යාඥයන් මෙම ග්‍රහලෝකය නම් කර ඇත.
ජීවත් වීමට වඩාත් සුදුසු ග්‍රහයකු බව පැවැසෙන මෙම ග්‍රහයා මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ක් පමණ විය හැකි බව ද තාරතා විද්‍යාඥයන් පවසයි.
මෙම නව ග්‍රහලෝකය ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40 ක් දුරිනි. නව ග්‍රහලෝකය දින 12.8 කට වරක්ම, එම ග්‍රහලෝකය අයත් ග්‍රහ මණ්ඩලයේ තරුවක් වටා කක්ෂගත වන බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

Add to cart