මහින්දගේ නිල නිවස CID මූලස්ථානයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ, විජේරාම මාවතේ පිහිටි නිල නිවස, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූලස්ථානය සඳහා ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පොලිස් මූලස්ථානය ආසන්නයේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක ක්‍රියාත්මක වන අතර, එහි පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා නිලධාරීන් අපහසුතාවයට පත්ව සිටිති. මෙම ගැටලුවට විසඳුමක් ලෙස, හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස භාවිතයට ගැනීමට සාකච්ඡා වී ඇත.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ හිමිකම් ඉවත් කිරීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, එය සම්මත කර ගැනීමෙන් පසුව මෙම පියවර ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම පනතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර, එහි තීන්දුව මේ වන විට කථානායකවරයා වෙත රහසිගතව යොමු කර තිබේ.

නීති සම්මත වීමෙන් පසු නිල නිවසෙන් ඉවත්ව යාමට කටයුතු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව පසුගියදා ප‍්‍රකාශ කලේය.

එජාපයේ ප්‍රබලයින් 02ක් අත්අඩංගුවට ?

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනෙකු මේ සතිය තුළ අත් අඩංගුවට ගැනෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

මූල්‍ය වංචා සිද්ධි දෙකක් සම්බන්ධයෙන් ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් සිදුකෙරෙමින් පවතින බව සඳහන්.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද පසුගිය අගෝස්තු 22 වනදා අත් අඩංගුවට ගැනුනු අතර පසුව ඇප මත නිදහස් කරන ලදී.

දියවැඩියා රෝගීන්ට බන්ධනාගාර රෝහල වැසෙයි

වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රැඳවියන් පිරිස තවත් අඩු කිරීමට වෛද්‍යවරුන්ගේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වේ.

එහිදී, දියවැඩියාව රෝගයෙන් පෙළෙන රැඳවියන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඔවුන්ට අදාල එන්නත් ලබාදීම මෙතෙක් සිදු වූ ක්‍රමවේදය වූ අතර, ඒ අනුව ඉදිරියේදී දියවැඩියාව පාලනය කිරීම සඳහා ඉන්සියුලින් එන්නත ලබා ගන්නා රැඳවියන් එම රෝහලට ඇතුළත් නොකිරීමට අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙතෙක් කල් සිදු වූයේ, එලෙස රෝහල්ගත වන රැඳවියන්ට දින කිහිපයක් නේවාසිකව රෝහලේ රැඳී සිටීමට අවස්ථාව හිමි වන අතර, එම රෝහල් ආරංචිමාර්ග පැවසුවේ, එම රෝග තත්ත්වයෙන් පසුවන රැඳවියන් 24 දෙනෙකු මේ වන විටත් වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටින බවයි .

මින් ඉදිරියට දියවැඩියාව පාලනය කිරීම සඳහා, රැඳවියන්ට ඔවුන් රඳවා සිටින බන්ධනාගාරය වෙත ගොස් ඉන්සියුලින් එන්නත ලබාදීමට තීරණය කර තිබෙන අතර, බන්ධනාගාර ආරංචිමාර්ග පැවසුවේ, එහි නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 08 දෙනෙකුට ඉන්සියුලින් එන්නත, එම බන්ධනාගාරයටම ගොස් ලබාදීමට වැලිකඩ බන්ධනාගාර රෝහල විසින් ආරම්භ කර ඇති බවයි.

වැඩිදුරටත් වාර්තා වුණේ, ඉදිරියේදී කොළඹ බන්ධනාගාරවලද එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බවයි.

තලතාට ලොකු බලයක්

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරල සුවිශේෂී බල අධිකාරියක් පිහිටුවා ගෙන ඇති බව අභ්‍යන්තර තොරතුරුවලින් වාර්තා වේ.

එම වාර්තාවලින් හෙළි වන්නේ රවී කරුණානායක පවා මේ වනවිට තලතා අතුකෝරල සමඟ බරපතළ ගැටුමක් ඇති කර ගෙන ඇති බවයි. රනිල් වික්‍රමසිංහ හැර වෙනත් කිසිදු පක්ෂ නායකයෙකු සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන ලේකම්වරිය විවිධ නියෝග නිකුත් කරමින් සිටින බව වාර්තා වේ.

එම නියෝග අතරින් ප්‍රබල ම නියෝගයක් වී තිබෙන්නේ රූපවාහිනී දේශපාලන සංවාදවලට යාම පිළිබඳව සහ මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කිරීමට තලතා අතුකෝරලගේ අනුමැතිය ලබා ගත යුතු බවට නියෝග කර තිබීමයි. මේ නිසා රූපවාහිනී දේශපාලන සංවාදවලට එක් වීම බොහෝ දෙනෙකු ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

මෛත්‍රී හා ගෝඨා අත්අඩංගුවට ?

හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ විසින් පොදු දේපොළ අවභාවිත කිරීමේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට දූෂණයට සහ වංචාවට එරෙහි සිවිල් සංවිධාන කිහිපයක් සූදානමින් සිටින බව සිළුමිණ පුවත්පත වාර්තා කර තිබේ.

මේ සංවිධාන පසුගිය කාලයේදී අදාළ තොරතුරු සියල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මඟින් ලබාගෙන ඇති බවද පැවසේ.

එම තොරතුරු යොදාගනිමින් අදාළ පැමිණිලි කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ.

නීතිඥවරු මේ දිනවල මීට අදාළ තොරතුරු විශ්ලේෂණය කරමින් සිටින බවද එම වාර්තා වේ දැක්වෙන අතර මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික මැදිහත් වීම මත සිදු කළ ඉදිකිරීම් කිහිපයක් සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව හරහා සිදු කළ කටයුතු කිහිපයකට අදාළ තොරතුරු මේ අතර ඇතැයි ද පැවසේ.

මේ පිළිබඳ අදහස් දක්වන මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල පවසන්නේ තොරතුරු සහිතව එවැනි පැමිණිලි ඉදිරිපත් වුව හොත්, ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදු කොට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කිසි සේත් පසුබට නොවන බවද පවසා ඇතැයි ද එම පුවත මගින් අනාවරණය කර තිබේ.

එවැනි නීතිමය ක්‍රියාවලියකදී අදාළ සැකකරු හෝ සැකකාරිය පෙර දැරූ තනතුරු අදාළ නොවන බවද ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

තෙල් සංස්ථාවේ 1200ක් ගෙදර යවන සැලසුමක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPCT) සහ ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම (CPSTL) ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත.

මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ආයතනයේ සේවක සංඛ්‍යාව අවම කිරීමයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ, මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළේ, කිසිදු සේවකයෙකු අපහසුතාවයකට පත් නොකර, විශ්‍රාම යන සේවකයින් වෙනුවට අලුතින් බඳවා ගැනීම් සිදු නොකර සේවක සංඛ්‍යාව අඩු කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ දැනට සේවය කරන 3200කට අධික සේවක සංඛ්‍යාව 2035ක් දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇත.

රූමත් යෙහෙළිය සමග ගමන්වලටත් දිලීප පීරිස්ට ප්‍රභූ ආරක්ෂාව?

දිලීප පීරිස්ට විශේෂ ආරක්ෂාවක් ලබා දීලා.

පසුව ඒ ප්‍රවෘත්තිය මාධ්‍යයට ආවත් අපි ඒ බව කිව්වේ රනිල් රිමාන්ඩ් කළ රාත්‍රියේමයි.

දිලීපට සහ පැලවත්තට විශේෂ ආරක්ෂාවක් සපයන බව අප එදා රාත්‍රියේම ලිව්වා.

දිලීප බලයට ඉතාම කෑදර මිනිහෙක්. ඔහුගේ සිහිනය නීතිපති පුටුව. ඔහු ඒ වෙනුවෙන් ප්‍රසිද්ධ සහ ජනමාධ්‍යයේ යන නඩු තෝරා ගනිමින්, ඉල්ලා ගනිමින් ඊට ඉදිරිපත් වී ගැලරියට කතා කරනවා.

දිලීප කතා කරන්නේ නඩුව දිනන්න නොවෙයි. ඔහු කතා කරන්නේ අධිකරණයට නොවෙයි. 6:55 නිවුස් බුලටිං එකෙන් නිවුස් බලන රටේ මිනිස්සුන්ට.

කොහොමවුනත් දැන් ඔහුටත් ප්‍රභු ආරක්ෂාවක් තිබෙනවා.

දැන් අප දිලීපගෙන් ඇසිය යුතු ප්‍රශ්නය මේ ප්‍රභූ ආරක්‍ෂාව දිලීපට හිමිවන්නේ රාජකාරීමය කටයුතු වලදී පමණක්ද කියලා.

ඔහු ලඟම නීතිපති දෙපාර්තමේන්තුවේ රූමත් කණිෂ්ට නීතිඥවරියක් සිටිනවා. ඇය දිලීපගේ ‘සමීප’ මිතුරියක්.

දීලීප ඈ සමග එහෙ මෙහේ යන ගමන් වලටත් මේ ආරක්ෂාව ලැබෙනවාද කියා රට සහ මිනිසුන් දැනගත යුතුයි.

දිලීපගේම තර්කයන්ට අනුව එලෙස පුද්ගලික ගමන් සදහා ආරක්ෂාව ලැබෙනවා නම් එය මහජන මුදල් නාස්තියක්.

මතකද නිශාරා ?

ඔය කොළඹ සමාජයේ සල්ලි තියෙන ජයරත්නලාගේ, බලය හොයාගෙන ගිය දියණිය ?

එතුමිය නිසා තමයි හිටපු නීතිපති දප්පුලට දිගටම තනතුරේ ඉන්න උවමනා වුණේ.

තනතුර නැතිවෙච්ච ගමන් නිශාරා තමන් අත්හරින බව දප්පුල දැනන් හිටියා.

දප්පුලට නීතිපති පුටුව අහිමි වීමේ වේදනාව තිබුණේ තනතුර අහිමි වීමටත් වඩා නිශාරා අහිමි වීම.

අන්න ඒ වේදනාවට තමයි දප්පුල පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් ය කියලා තමන්ට එක්ස්ටෙන්ෂන් එකක් නොදීපු තරහව, කෝපය පිට කළේ.

දප්පුල යටතේ ඉතිහාසයේ කිසි දිනක නීතිපති දෙපාර්තමේන්තුවේ නොතිබූ තනතුරක් ඇති කරමින් එය නිශාරාට ලබා දුන්නා.

නීතිපති සම්බන්ධීකරණ නිළධාරිනි.

දිලීප පිරීස් මැතිතුමා නීතිපති වුණ දවසකත් බොහෝ දුරට එම තනතුර නැවත ඇති වේවි.

නළු ශාරුක්ගේ පුතු ආර්යන් අධ්‍යක්ෂණයට!

බොලිවුඩ් නළු ශාරුක් ඛාන් තම දරුවන්ගේ වෘත්තීය තේරීම් පිළිබඳව විදෙස් මාධ්‍යයට අදහස් දක්වා තිබෙනවා.

ඔහු සඳහන් කළේ, වැඩිමහල් පුත් ආර්යන් ඛාන් රංගනයට කිසිදු උනන්දුවක් නොමැති අතර, අධ්‍යක්ෂකවරයෙකු හෝ ලේඛකයෙකු ලෙස තම වෘත්තිය ගොඩනගා ගැනීමට අවධානය යොමු කර ඇති බවයි. මේ වන විට ආර්යන් අධ්‍යක්ෂණය කළ “Bad’s Of Bollywood” චිත්‍රපටය නිකුත් කිරීමට සූදානම් වෙමින් සිටී.

“මගේ පුතාට රඟපාන්න කැමති නැහැ, ඔහුට චිත්‍රපට නිර්මාණය කරන එකයි කැමති. ඔහු ලියනවා, හොඳින්ම ලියනවා. ඒ නිසා ඔහු අධ්‍යක්ෂකයෙක් හෝ ලේඛකයෙක් වීමට ඉගෙන ගනිමින් ඉන්නවා” යැයි ෂාරුක් ඛාන් පැවසීය.

ඉදිරියටත් තම පුතාගේ සිහින සැබෑ කර ගැනීමට ආධාර කිරීමට සූදානම් බවත්, අවශ්‍ය වුවහොත් ඔහුගේ චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වීමට තමන් සූදානම් බවත් ෂාරුක් කියා සිටියේය.

මේ අතර, ඔහුගේ දියණිය සුහානා ඛාන් ද මේ වනවිට රංගනයට පිවිස ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රනිල්ගේ කාර් එකේ ඉන්ෂූරන්ස් ඇරියස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට රජයෙන් ලබාදී ඇති නිල රථයේ රක්ෂණ වාරිකය ගෙවීම අදාළ රාජ්‍ය ආයතනය විසින් අතපසු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, එම නිල රථයේ රක්ෂණ සහතිකය කල් ඉකුත්වී ඇති අතර වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව එම නිල රථය ධාවනය කිරීමට නොහැකි බැවින් හිටපු ජනාධිපතිවරයා මේ දිනවල සිය ගමන් බිමන් සඳහා වෙනත් පෞද්ගලික මෝටර් රථයක් භාවිතා කරන බව මල්පාර ආරංචිමාර්ග පවසයි.

 

චතුරංග වැඩට ආවේ අවුරුදු 20කටලු

ජාතික ජන බලවේගය අපේක්ෂා කරන රටේ සමස්ත පරිවර්තනය සිදුකිරීමට වසර 20ක් පමණ ගතවනු ඇති බවත් තමන් පෞද්ගලික අංශයේ රැකියාවෙන් ඉවත් වී දේශපාලන වෘත්තියට පැමිණියේ වසර 20ක් සඳහා බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

“මම නම් මේ වැඩේට ආවෙ අවුරුදු 20කට විතර. මම පෞද්ගලික අංශයෙන් අයින්වෙලානෙ ආවෙ. මම අවුරුදු 40දී ආවෙ. මේ වැඩේට රටක් විදියට අපට අවුරුදු 20ක විතර පරිවර්තනයක යන්න ඕනෙ. ඒක දකුණු කොරියාවත් කළා, වියට්නාමයත් කළා, ඉන්දියාවත් කළා. අපි හිතනවා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරගෙන, මේ අපි යන මාර්ගයේ අපි ගියොත් අපිට මේ සමස්ත ප්‍රතිවර්තනයට යන්න පුළුවන්. නමුත් අවුරුදු 5- 10ක් ඇතුළත අපට කෙටිකාලයකදී ලබාගන්න පුළුවන් ජයග්‍රහණත් තියෙනවා. මම හිතන්නෙ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගත්තොත් අපි දාලා තියෙන්නෙ අවුරුදු 5ක චේන්ජස්. මම ජනතාවගෙන් ඉල්ලන්නෙ මේ චේන්ජ් එක ලේසි නෑ. ඔමායා කියනවා හරි. රාජ්‍ය යාන්ත්‍රණය අකාර්යක්ෂමයි කියලා පොදු මතයක් තිබ්බානෙ. දේශපාලනඥයා දූෂිතයි කියලා පොදු මතයක් තිබ්බා. දැන් දේශපාලනඥයාගෙ දූ‍ෂිත කෑල්ල අපි පොඩ්ඩක් පැත්තකින් තියමුකො. රාජ්‍ය යාත්‍රණය එකපාරට කාර්යක්ෂම වෙනවද අපි 50 දෙනා ගිහිල්ලා ඉන්දෙව්වායි කියලා ? දැන් මගෙ අමාත්‍යාංශයට අලුතින් ඇතුළු වුණේ සුනිල් හඳුන්නෙත්තියි චතුරංග අබේසිංහයි විතරයි”

“අපිට වඩා හොඳ අය එනවා නම් හෙට වුණත් ගත්තාට කමක් නෑ. නමුත් අපි දන්නවා අපි ආවෙ දේශපාලන සංස්කෘතිය සහ නිෂ්පාදන ආර්ථිකයක් බිහිකරනවා කියන ප්‍රමුඛතම අරමුණින්. මේ නිසා අපි හිතනවා අපි මේ පදනම් කරගන්න ප්‍රතිපත්ති ටිකක් තියෙනවානෙ, අපි දැන් සම්පාදනය කරලා, නීතිගත කරලා, අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක්, කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක්, ආණ්ඩුව ඩිජිටල්කරණයට ලක්කිරීමක්, නීති පද්ධතියේ ශක්තිමත් භාවයක්, පොලීසියට සහ ආරක්ෂක අංශවලට නිදහසේ වැඩකරන්න පුළුවන් ක්‍රමවේදයක්, ඇමතිවරයා නියෝජ්‍ය ඇමතිවරයා ලියුම් ගහන්නෙ නැති රාජ්‍ය සේවයක් අපි හදනවා. අන්න ඒ හදන ක්‍රමය තමයි අමායා අවුරුදු 20ක් යන්න ඕනෙ. එහෙම නැතිව පුද්ගලයෙක් විදියට චතුරංග අබේසිංහ ඉන්න ඕනෙ නෑ. පුද්ගලයෙක් විදියට අනුර දිසානායක ඉන්න අවශ්‍යතාවයක් නෑ. අපි මේ කියන්නෙ මේ ක්‍රියාදාමය කරන් යන්න අපිට නම් හොඳ දැක්මක් සහ සැලැස්මක් තියෙනවා, අපි හිතනවා ඉතින් මේ ක්‍රියාමාර්ගය මේ විදියට කළාම ජනතාව දිගින් දිගටම ජාතික ජන බලවේගය තෝරයි කියලා”

චතුරංග අබේසිංහ මහතා මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ ඔමායා කෝවිලගොඩගේ සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ය.

Add to cart