ආදිත්‍යා වැලි­වත්ත කිරුළක් සොයා පිලිපීනයට

ශ්‍රී ලංකාවේ ජන­ප්‍රිය ගායි­කා­වක වන ආදිත්‍යා වැලි­වත්ත පිලි­පී­නයේ මැනිලා නුවර පැවැ­ත්වෙන “මිස් ටුව­රි­සම් යුනි­වර්ස්” (Miss Tourism Universe) තර­ගා­ව­ලි­යට සහ­භාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව යයි.

ඇය මෙම “මිස් ටුව­රි­සම්” තර­ගා­ව­ලියේ “යුනි­වර්ස්” කාණ්ඩය යටතේ තර­ග­වැ­දී­මට නිය­මි­තය.

ඇයගේ පුහු­ණු­කරු ලෙස මිස් ටුව­රි­සම් ජාතික අධ්‍යක්ෂ මෙන්ම ජාතික පුහු­ණු­කරු වූ රුක්මාල් සේනා­නා­යක මහතා කට­යුතු කර තිබේ.

ජෑස් ගායිකා ඩේම් ක්ලියෝ මියයයි

1985 දී ජෑස් සංගීතයෙන් ග්‍රැමී සම්මානයක් දිනාගත් පළමු බ්‍රිතාන්‍ය ගායිකා ඩේම් ක්ලියෝ ලයින් මියගිය බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

මියයන විට ඇය 97 හැවිරිදි වියෙහි පසුවූ ඇය අභාවප්‍රාප්ත සංගීතඥයෙකුවන ජෝන් ඩෑන්ක්වර්ත්ගේ බිරිඳයි

හොලිවුඩ් නළු මින්ජාරෙස් මියයයි

මෙරිකානු ජනප්‍රිය නළුවෙකුවන ජෝ මින්ජාරෙස් මියගොස් ඇත. 79 වෙනි වියෙහි පසුවූ ඔහු The Truman Show හි බාර්ටෙන්ඩර් කෙනෙකුගේ චරිතය නිරූපණය කිරීමෙන් ප්‍රේක්ෂක ජනාදරයට පත්වූ ජෝ 1964 සිට 1968 කාලයේ දී එක්සත් ජනපද හමුදාවේ සේවය කර ඇත්තෙකි.

ඔහුගේ රංගන ජීවිතය තුළ, ඔහු Nothing to Lose, Virus සහ 2011 චිත්‍රපටය වන Thin Ice හි රඟපාඇත.

ශාරුක් වෙනුවට රිතික් එයි

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවකු වන රිතික් රෝෂන් එළඹෙන 02 වෙනිදා ලංකාවට පැමිණීමට නියමිතව ඇත. රිතික්ගේ පැමිණීම ගැන City of Dreams Sri Lanka මුහුණු පොත නිල සටහනක් තබා සනාථ කර ඇත.

දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගවීමට නියමිතව සිටියේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ය.

කවුද මේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල දක්ෂ වේගපන්දු යවන්නෙකු වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ගැන ටිකක් වෙනස්තාලේ කියවීමක් සමාජ ජාල කිහිපයක පසුගිය දින කිහිපයේ සැරි සරන්න ගත්තා. මෙහි මුල් නිර්මාණකරු උනේ දැනට ප්‍රංශයේ ජීවත්වන ප්‍රවීණ මාධ්‍යවේදී සංජීව බටුවත්ත මහතායි.

ඔහු ප්‍රමෝද්‍ය ගැන තැබූ සටහන අප ඔහුගේ නමින්ම මෙලෙස පලකරන්නෙමු.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මුලින්ම දේශපාලනයට එන්න රනිල් වික්‍රමසිංහගෙන් . මංගල ගෙ මාතර ජන්ද කඩන්න තමයි ප්‍රොමෝද්‍යව රනිල් ගෙනාව.
ටික කලක් එතන ඉදල මිනිහ මහින්ද රාජපක්ෂගෙ ස්ටේජ් එකට නැගල මහින්ද සරන යනවා. මට මතක හැටියට රත්නපුරේද්දි මහින්ද ගෙ ස්ටේජ් නැග්ගෙ .

මහින්ද ගෙන් ස්වීප් ටිකට් ප්‍රින්ට් කන්ට්‍රෑක් එකක් අරන් හොදටම ගොඩ ගිහින් ඉන්නකොට මුරලිත් එක්ක එකතුවෙලා සෝමාවති පැත්තෙ කෙසෙල් වවන්න කියලා අක්කර 5000ක ඉඩමක් අරගන්නව ඩෝල් සමාගම නමින් . කැලෑ එලිකරනව කියල මිනිස්සු කලබල කරද්දි ඒක අතඇරල දාන්න වෙනවා.ඊට පස්සෙ නාමල් හරහා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති වෙනවා.

තේරීම් කමිටු සභාපති හා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙක් හැටියට ඩොලර් 750 ක දිනක දීමනාවක් සහිතව ටීම් එකත් එක්ක ලෝක කුසලානයට ගිය ප්‍රමෝද්‍ය ඒක කුජීත වෙලා එන ගමන් කටුනායක එයාර් පෝට් එකේදි මාධ්‍ය අමතල කිව්වෙ පුදුම කතාවක්.

ඒ තමයි ලෝක කුසලාන කුජීත පරාජය පිටුපස කුමන්ත්‍රණයක් තිබෙන බවත් ඒ ගැන තොරතුරු පසුව හෙළිදරව් කරන බව.

මේ කතාව හින්ද ප්‍රමෝද්‍යට ක්‍රීඩාවේ වැරදි විමර්ශනය කරන තැනට කීප සැරයක් යන්න වුනා කට උත්තරයක් දෙන්න.

ලෝක කුසලාන පරාජයත් එක්ක මාසෙකට ලක්ෂ 5 ක් පඩි ලැබුණු චීෆ් සිලෙක්ටර් කම ප්‍රමෝද්‍යට අහිමි වුණා.

ඔය කතාව කියපු නිසා ෂම්මිලා බය වෙලා ඒ එක්කම ප්‍රමෝට බෝඩ් එකේ තනතුරක් අලුතින් හදල ජොබ් එකක් දුන්නා. ඒකෙන් ප්‍රමෝගෙ කටත් වැහුණා. වැරදි විමර්ශන ඒකකයේ විමර්ශනයත් නැවතුනා.
කට අරින්නෙ නැතිව ඉන්න ෂම්මි දුන්න Mඅජොර් cරිcකෙට් cලුබ්ස් cඔන්වෙනෙර් හැටියට හදල දුන්න ජොබ් එකට මාසෙට පඩිය ලක්ෂ හතහමාරයි, වාහනේ එලවන්ස් එක ලක්ෂ දෙකහමාරයි පෙට්‍රල් ලීටර් 200 යි.පැකේජ් එක නරක නෑ.කරන ඉලව් ජොබ් එකකුත් නැතිව ලක්ෂ 10 කට වැඩි පිං පඩිය මඳැයි ඉතින් ලෝක කුසලානෙ කුජීත විදියට පැරදිච්ච විදිය එළියට නොදා ඉන්න එකට.

ප්‍රමෝද්‍ය පහුගිය දිනක ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගි වුණ මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපති වරයාවත් අන්දා ක්‍රිකට්බෝඩ් නියෝජිතයෙක් ලෙස පෙනී ඉදල කතාවකුත් කලා.

මාතර ක්‍රිකට් නංවන්න සත පහක දෙයක් නොකළත් දැනට කුජීත වෙලා ඉන්න මාතර ක්‍රීඩා සමාජෙ සභාපති හැටියට තමා එතනට එන්නෙ.

මේ දවස් වල සල්ලි නැතිව කොස්ට් කටින් යන ක්‍රිකට් බෝඩ් එකෙන් කෝටි ගානක් වියදම් කරල පොල්හේනෙ ක්‍රිකට් පිටියක් හා ඇකඩමියක් හදල දෙන්න , හදුන්නෙත්තිට ලබන චන්දෙට චන්ද අරන් දෙන්න තමා ප්‍රමෝ දැන් වැඩ කරන්නෙ.

කකොහොම ආවත් ප්‍රමෝද්‍ය මෙතන්ට ආවේ කලිසමක් ඇඳගෙනද කියල කාටවත් පෙනුනෙ නැත්තෙ මොකද කියන එක ප්‍රශ්නයක්.

[1996 ලෝක කුසලාන කණ්ඩායම ගැන මට ලොකු ගෞරවයක් තියෙනවා. මේකෙන් ඒක ගැන ඇති ගෞරවය නැති වෙන්නෙ නෑ.මේ දෙක දෙකක්]

පසු සටහන :

ඇත්තටම ප්‍රාමෝව දේශපාලනයට ගෙනාවෙ අපේ මිත්‍ර හල්ලා.[ තුසිත හල්ලොලුව] .රනිල්ගෙන් පක්ෂ සාමාජිකත්වය අරගෙන ආසන සංවිධායකකමක් ගත්තට ප්‍රමෝ ඉස්සේලාලාම වේදිකාවකට නැග්ගෙ අමරසිරි දොඩංගොඩ වෙනුවෙන් ගාල්ලෙ බද්දේගමදි ”

@සංජීව බටුවත්ත

රොක් ගායක Ozzy Osboue මිය යයි

Black Sabbath සංගීත කණ්ඩායමේ ප්‍රධානියාවු ජනප්‍රිය රොක් ගායක Ozzy Osboue මියගිය බව විදෙස් මාධ්‍ය පවසයි.

1960 ගණන්වල අගභාගයේදී ගිටාර් වාදක ටෝනි අයෝමි, බේස් වාදක ගීසර් බට්ලර් සහ බෙර වාදක බිල් වෝඩ් සමඟ Black Sabbath හා සම්බන්ධවූ Ozzy Osboue  මියයන විට 76 වෙනි වියෙහි පසුවිය.

‘කෝපිකඩේ’ අධ්‍යක්ෂ සුදම් චන්දිම දයාරත්න අභිරහස් ලෙස මිය යයි

 

ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ද වූ සුදම් චන්දිම දයාරත්න මහතා (53) අභිරහස් ලෙස මියගොස් තිබේ. දෙදරු පියෙකු වූ ඒ මහතාගේ දේහය ඊයේ (ජූලි 21) කොළොන්නාව, සාලමුල්ලේ පිහිටි ඔහුගේ නිවසේ තිබී සොයාගත් බව වැල්ලම්පිටිය පොලීසිය තහවුරු කළේය.

සිද්ධිය වූ අවස්ථාවේ දයාරත්න මහතාගේ බිරිඳ නිවසේ සිට නැත. දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා සැක සිතූ ඇය නැවත නිවසට පැමිණ පරීක්ෂා කර තිබේ. නිවසේ දොරගුළු ඇතුළතින් වසා තිබූ හෙයින්, දොර කඩා නිවසට ඇතුළු වූ විට ඔහු කාමරයේ ඇඳක් මත මියගොස් සිටිනු දැක ඇත.

මරණයට හේතුව හදිසි රෝගී තත්ත්වයක් විය හැකි බවට පොලීසිය මුලින්ම සැක පළ කරයි. කොළොන්නාව වැඩබලන හදිසි මරණ පරීක්ෂක, සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය විසින් ස්ථානීය පරීක්ෂණය පවත්වන ලදී. මරණයට හේතුව නිශ්චිතවම දැන ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, දේහය දැනට කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇත. මේ පිළිබඳව වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ගිණුම් 16ක පොට්ටනි ගැසූ සල්ලි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම චෝදනා කරන්නේ, 2020 වසරේ සිට 2024 වසර දක්වා වූ සිව් වසරක කාලය තුළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, සැක සහිත බැංකු ගිණුම් 16ක් ඔස්සේ මෙම අයථා වත්කම් උපයා ඇති බවය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා 43ක් යටතේ මෙම අධිචෝදනා ගොනු කර තිබේ.

හිටපු අමාත්‍යවරයාට අමතරව ඔහුගේ බිරිඳ වන කුසුම් ප්‍රියදර්ශනී, දියණියන් වන චමිත්‍රී ජයනිකා, චන්ද්‍රලා රමාලි, අමාලි නයනිකා සහ බෑනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර යන අයට එරෙහිව ද චෝදනා එල්ල වී ඇත.

මෙම චෝදනා ගැන විභාගය තවදුරටත් සිදුවන අතර
අල්ලස් කොමිසම ගොනු කළ නඩුවට අදාළව, ඔවුන් සියලු දෙනාට කොන්දේසි සහිත ඇප ලබා දීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නියෝග කොට ඇත.

තිළිණි එක්ක වංගු ගහන පොලීසිය

තිලිනි ප්‍රියමාලි නමැති කාන්තාවකට අදාළ නඩුවක සිතාසි භාරදීමට යාමේදී එය ප්‍රතික්සේප කරමින් එම භාරදුන් පුද්ගලයාගේ සිතාසියේ පිටුපස යමක් ලියා එය පුද්ගලයාට දමාගසමින් ඉංග්‍රීසි හා සිංහල බසින් බැණවැදී අධිකරණ ක්‍රියාමාර්ගයක් හෑල්ලුවට ලක්කිරීම හා රාජකාරී නිලධාරියෙකුගේ සේවයට බාධා කිරීමේ සිදුවීමක් ගැන පසුගියදා වාර්තා විය.

මෙම සිදුවීමට අදාළ කට උත්තර දීමට පොලිසියට යන ලෙස තිලිනි ප්‍රියමාලිට අධිකරණ නියෝගයක් පසුගිය සතියේ නිකුත් කළද ඇය මේවනතුරු පොලිසියට පැමිණ නැතැයි සමස්ත ලංකා සිතාසි ක්‍රියාත්මක සංගමයේ හිටපු සභාපති ආර්.සුදත් පාලිත ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත.

හෝමාගම දිසා අධිකරණයෙන් ලැබුණු නියෝගයක් අනුව විසි තුනයි නමසිය හතළිස් හත එම් එස් නඩුවට අදාළ සිතාසි භාර දීම සඳහා අපේ සිතාසි ක්‍රියාත්මක නිලධාරියෙක් විසින් තිලිනි පියුමාලි නමැති තැනැත්තියට භාර දීම සඳහා ගිය අවස්ථාවේ,මෙම සිදුවීම වී තිබෙන්නේ. ඇය අධිකරණය ඉදිරිපිටදී වෙනත් නඩුවකට මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙන බව දැක නිලධාරියා එම තැනැත්තියට සිතාසි භාර දීමට යෑමේදී,

අප නිලධාරියාගේ අනන්‍යතාව ඔප්පු කරලා හැඳුනුම්පත පෙන්නලා සියල්ල පෙන්වීමෙන් පසු සිතාසි භාර දීමට අවශ්‍ය බව ඇයට ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අවස්ථාවේදී ඇය සිතාසිය අතට අරගෙන එම සිතාසියේ උඩින්ම තියන පිස්කල් අණකළේ පිටුපස යම්කිසි කාරණා ටිකක් ලියලා, සිතාසි භාර ගැනීම ප්‍රතික්ෂේප කරලා, අපේ සිතාසි ක්‍රියාත්මක කරන්නාට බැන තර්ජනය කර නික්ම ගිහිල්ල තියෙනවා.

ඒ අවස්ථාවේ, ඉන් අනතුරුව අපගේ සිතාසි ක්‍රියාත්මක නිලධාරියා විසින් හෝමාගම දිසා අධිකරණයේ රෙජිස්ටාර් මේ ගැන දැනුවත් කිරීමෙන් පසු, දිසාපතිතුමා දැනුවත් කිරීමෙන් පසු, හෝමාගම පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරා.

පැමිණිලි ඉදිරිපත් කළාට පසුව පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ කියන එක මේ අවස්ථාවේ කියන්න ඕන. මොකද පොලීසිය දහනම වෙනිදා වෙනකොට වාර්තා කරනවා අධිකරණය කරුණු වාර්තා කරලා, චූදිත ඉදිරිපත් නොකර, “බැන තර්ජනය කිරීමක් කරලා තියෙනවා” විතරක් සටහන් කළා.

නමුත් ඒ බැන තර්ජනය කිරීමක් විතරක් නෙමෙයි, අධිකරණයේ ලේඛනයක කිසිම පුද්ගලයකුට අයිතියක් නැහැ මේ වගේ සටහනක් දාන්න.

පුළුවන් ඇයට පුළුවන් අත්සන් කරලා, මේක පිටුපස ජාතික හැඳුනුම්පත් අංකය දාලා “සිතාසිය භාර ගනිමි” කියලා ලියන්න පමණයි. මේ වගේ කුරුටු ගී ලියන්නත් කිසිම අයිතියකුත් නෑ. රජයේ ලේඛණයක්, අධිකරණ ලේඛනයක්, ඒ වරදක්.

ඒ වගේම තමයි රාජකාරියට බාධා කිරීම. අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීමට තමයි එම නිලධාරි ගියේ. අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන්න ගිය නිලධාරීන්ට රාජකාරි කරන්න දුන්න රාජකාරිය බාධා කළා. ඒ කිසිවක් සඳහන් නොකර, එම චෝදනා කිසිවක් සඳහන් නොකරයි පොලිසිය මේ වාර්තාව දාල තියෙන්නෙ අධිකරණයට.

එයින් ප්‍රතිඵලයක් නොවන බව දැනුණු අපේ සිතාසි ක්‍රියාත්මක කරන්නා විසින්, පෞද්ගලිකව නීතිඥ මහත්තයෙක් ලිපියක් මගින් මෝසමක් ඉදිරිපත් කරා. අධිකරණයට කරුණු කිව්වට පස්සේ විනිසුරුතුමිය නියෝගයක් නිකුත් කරනවා අවසාන වරට වාර්තා ඉදිරිපත් කිරීමට.

පසුගිය දින පොලිසිය අධිකරණයට පැමිණිලා කිසිම වැඩිදුර වාර්තාවක් නොමැතිව, ඇයගෙන් කිසිවක් සටහන් කරගන්න නැතුව අධිකරණයට ඉදිරිපත් කළා.

නමුත් විනිසුරුතුමිය ඒ අවස්ථාවේ දහහතරවැනි දා දිනට අනිවාර්යයෙන් පොලිසියට ගොස් ප්‍රකාශයක් පහුවදාම ප්‍රකාශ සටහන් කරගන්න කියලා නියෝග කළා. එදින ඇයගේ නීතිඥවරුන් පොරොන්දුවෙලා තියෙනවා පහුවදාම පොලිසියට ගිහින් ප්‍රකාශ සටහන් කර ගන්න කියලා. මේ වනතෙක් ඇය විසින් පොලිසියට ප්‍රකාශ සටහන් කරගන්න ගිහිල්ලත් නෑ. පොලිසිය මේ සම්බන්ධයෙන් කටයුතු කරලත් නෑ.

මේකෙදී හිතා මතාම හෝමාගම පොලිසිය විසින් බේරා ගැනීමක් කරලා තියෙනවා.

අපේ නිලධාරියාට සිදු වුණු අසාධාරණයට, රජයේ සේවකයෙක්, අධිකරණ කාර්යාලයේ වැඩකළ සිතාසි ක්‍රියාත්මක නිලධාරියෙක්, මේ වගේ කරනකොට පොලීසිය මැදිහත් නොවුණේ, කඩිනමින් ක්‍රියා නොකළේ ඇයි? ඒ හේතුව මම දන්නෑ.

ඇයට මොන තරම් බලයක් තියෙනවද කියලා මේ පොලිසිය ඇතුළේ මේ වගේ කටයුත්තක් කරගෙන යන්න, ඇය ප්‍රකාශ කර තිබුණා “මගේ ස්වාමි පුරුෂයා හිටියා නම් මං කවුද කියලා දැනගන්න පුළුවන්,” කියලා. ඇත්තටම අපිට දැන් දැන ගන්න බෑ ඇය කවුද කියලා. මොකද මෙච්චර සිදු වුණා කියලත් හෝමාගම පොලීසිය මේ මොහොතට ක්‍රියා කරපු ආකාරය සම්බන්ධයෙන් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන.

මේ මොහොත වන විට වත්මන් රජය ගැන ජනතාව දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කරන්නේ, රටේ නීතිය හා සාමය ආරක්ෂා වෙලා, නීතිය හරියටම අපිට ක්‍රියාත්මක වෙනවයි කියලා දැඩි විශ්වාසයක් ජනතාවට තියෙනවා. මෙවැනි අවස්ථාවක මේ සුළුතර නිලධාරීන් නිසා පොලිසිය මෙවැනි කටයුතු කිරීමෙන් පැහැදිලි වන්නේ රජය අපහසුතාවට පත් කිරීමක්.

රජයට මේ කටයුත්ත කරගෙන යන්න නොදී ජනතාව අතරට මේ වැරදි අවබෝධයක් දෙන්න යනවද මේ පොලිස් නිලධාරීන් කියන එක සැකයක් මතුවෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ මොහොත වන විට අපේ අධිකරණ ඇමැතිතුමා නීති කෙටුම්පත් සම්පාදනය කරමින් වැරදි තැන් නිවැරදි කරගනිමින් විශාල වෙහෙසක් දරනවා. අධිකරණ අමාත්‍යතුමා මේ අවස්ථාවේ, එවැනි අවස්ථාවක හෝමාගම පොලීසිය මේ කටයුතු කරන ආකාරය කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.

මම සමස්ත ලංකා සිතාසි ක්‍රියාත්මක කරන්නන්ගේ සංගමයේ හිටපු සභාපති වශයෙන් මේ කටයුත්ත අතිශයින් හෙළා දකිනවා.

‘ ක්ලැරන්ස් ‘ නිසා බිරිඳ ශීලා අවුලෙන්

ක්ලැරන්ස් විජේවර්ධන කලාකරුවාගේ ජීවිත කතාව පාදක කරගනිමින් නිර්මාණය වූ චිත්‍රපටය තුළින් තම සැමියාගේ සහ තමන්ගේ චරිත මෙන්ම දෙන්නා අතර ප්‍රේම වෘත්තාන්තයද බරපතළ ලෙස විකෘති කර ඇති බවට ක්ලැරන්ස් විජේවර්ධනගේ දයාබර බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මිය ඕස්ට්‍රෙලියාවේ සිට චෝදනා කර තිබේ.

ඉරිදා ලංකාදීප පුවත්පතේ රසවින්දන අතිරේකයට අදහස් දක්වමින් ඇය පෙන්වා දෙන්නේ අදාළ චිත්‍රපටය සඳහා තමන්ගේ හෝ තම දියණියගේ අනුමැතිය දුන්නත් එයට පූර්ණ කැමැත්තක් නොමැති බවයි.

චිත්‍රපටයේ රූපගත කිරීම් වලින් සැලකිය යුතු කොටසක් අවසන් කිරීමෙන් අනතුරුව එහි පිටපතක් තමන් වෙත ලබාදී අනුමැතිය ලබා ගැනීමට එහි නිර්මාණකරුවන් කටයුතු කළ බව ඇය චෝදනා කරයි.

චිත්‍රපටයේ අන්තර්ගත සාවද්‍ය තොරතුරු හේතුවෙන් මහජනයා අතර තම පවුල අපකීර්තියට පත්වනු ඇතැයි සිය දියණිය වන අම්ලා විජේවර්ධන එහි අධ්‍යක්ෂවරයාට දැනුම් දුන් බවද ඇය හෙළි කළාය.

Add to cart