රනිල්ගේ රෝග විනිශ්චයත් එජාපයෙන්ම ද ?

 

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වර්තමාන සෞඛ්‍ය තත්වය සළකා බලා ඊයේ දින නිකුත් කරන ලද වෛද්‍ය මණ්ඩල විනිශ්චයකට අනුව ඔහුට ඇප ලබාදීම සිදු කෙරිණි.

අදාළ විනිශ්චය සඳහා සම්බන්ධ වූ වෛද්‍ය මණ්ඩලයේ සිටින වෛද්‍යවරයෙකු වූයේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ය. මෙහි දී විශේෂ අවධානයට ලක්වන්නේ ඔහුගේ දේශපාලනයයි. වෛද්‍ය බෙල්ලන මහතා එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසන සංවිධායකයෙකු ලෙසද මේ වනවිට කටයුතු කරයි.

මෙම තත්ත්වය යටතේ, එජාපයේ හිටපු නායකයකු වන රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාදීම සඳහා වෛද්‍ය නිර්දේශය දේශපාලන බලපෑමකට ලක්වී තිබේද? යන්න ගැටලුවකි.

අගෝස්තු සංචාරක සංඛ්‍යාව ලක්ෂ 1,660,00 ඉක්මවයි

මෙම වසරේ අගොස්තු මාසයේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ හැටහය දහසේ සීමාව ඉක්මවා ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

ඒ අනුව, මෙම මාසයේ මේ දක්වා සංචාරකයින් 166,766 ක් මෙරටට පැමිණ තිබේ.

ඉන් වැඩිම සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 38,456 කි.

ඊට අමතරව මහා බි්‍රතාන්‍යය, ඉතාලිය, ජර්මනිය සහ චීනය යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි මුලු සංචාරකයින් සංඛ්‍යාව 15,305,054 කි.

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ (GIT) ප්‍රතිඵල නිකුත් වෙයි

2023 සහ 2024 වසර සඳහා පැවති සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගයේ ප්‍රතිඵල ඊයේ (26) නිල වශයෙන් නිකුත් කෙරුණා.

මෙම විභාගයට අයදුම්කරුවන් 380,795 දෙනෙකු අයදුම් කර ඇති අතර, ඔවුන්ගෙන් 235,031 දෙනා පමණ විභාගයට පෙනී සිට ඇත.

එම විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,692 ක පවත්වා තිබුණ අතර, අදාළ ප්‍රතිඵල දැන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.doenets.lk හෝ www.result.exams.gov.lk වෙත පිවිසිමෙන් ලබා ගත හැකිය.

 

රනිල්ට විදෙස් ප්‍රතිකාර පවා ලබා ගත හැකිබව ජාතික රෝහල කියයි

විජලන තත්ත්වයක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට, අවශ්‍යනම් පෞද්ගලික රෝහලක හෝ විදෙස් රෝහලක ප්‍රතිකාර ලබන හැකියාවත් ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අදහස් පළ කර තිබේ.

අත්අඩංගුවේ සිටි වික්‍රමසිංහ මහතා, බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ගෙන යනු ලැබුවේ පසුගිය 23 වනදා වන අතර, ඊයේ උදෑසන ඔහුව පරීක්ෂා කළ වෛද්‍යවරුන්, තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍ය බව නිර්දේශ කර තිබුණි.

මේ අතර, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුව ඊයේ (26) පස්වරුවේ ඔහු ඇප මත මුදා හැරීමට අවසර ලැබුණි. එහිදී රු. ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් යටතේ වික්‍රමසිංහ මහතාට අත්සන් තැබීමට සිදු විය.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඊයේ නියෝග කළාය.

ඒ අනුව මහේස්ත්‍රාත්වරිය නියම කළේ සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමටය. මෙම නඩුව යළි කැදවනු ලබන්නේ ඔක්තෝම්බර් මස 29 දා වෙයි.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හරී

 

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝස්තු 26) නියෝග කළේය.

කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි. ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියම කර තිබේ.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාගේ හෘදයේ ප්‍රධාන ධමනි හතරෙන් තුනක් අවහිර වී ඇති බවයි.

රනිල් Zoom ඔස්සේ අධිකරණයට

 

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර, මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, Zoom තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සඳහා සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අධිකරණයට සෘජුව පැමිණීමට නොහැකි වීම නිසා මෙම ක්‍රමය භාවිතා කිරීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

රනිල්ට ඇප නැතිවෙයි?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප ලබා දීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධ බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපතිවරයාට එරෙහි නඩු විභාගය මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තුළ විභාග වෙමින් පවතී.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ දිලීප පීරිස්; රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද ආරාධනා පත්‍රය නිත්‍යානුකූල එකක් බව කිසිම ආයතනයකින් මෙතෙක් තහවුරු කොට නොමැති බව අධිකරණය වෙත කරුණු දක්වා තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා කරුණු දැක්වීම ආරම්භ කර තිබේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්

 

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන අගෝස්තු 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ විත්ති පාර්ශවයේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ, අරගලකරුවන් විසින් මහවැලි ඉඩමක ඉදිකර තිබූ ඔහුගේ දේශපාලන කාර්යාලය විනාශ කිරීමෙන් පසු නීතියට පටහැනිව රුපියල් 8,850,000ක වන්දි මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙනි. අල්ලස් කොමිසම විසින් ඔහුට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ “දූෂණය” නම් වරද සිදු කළ බවට චෝදනා ගොනු කර ඇත.

සජිත්,මෛත්‍රි රනිල් බලන්න ජාතික රෝහලට එයි

 

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීම සඳහා අද (අගෝස්තු 26) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප්‍රමුඛ දේශපාලනඥයින් පිරිසක් පැමිණ තිබේ.

අද උදෑසන මෙම දේශපාලන නායකයින් දෙදෙනා රෝහල වෙත පැමිණි අතර, කබීර් හෂීම් සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැනි තවත් ප්‍රසිද්ධ පුද්ගලයන් ද හිටපු ජනාධිපතිවරයා බැලීමට පැමිණි බව වාර්තා වේ.

Add to cart