ජනසම්මතවාදී ව්‍යාවස්ථාවකට රජයේ අවධානය

මෙරට බිහි නොවූ ජනසම්මතවාදී ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාකශය මඟින් පොරොන්දු වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කරන දින වකවානු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් .පී. පෙරේරා මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

නව රජය බලයට පත් වීමෙන් පසු සම්මත වූ සහ සංශෝධනය වූ නවඅනපනත් ගණන 08කි. එසේම තවත් සැලකියයුතු අනපනත් සංඛ්‍යාවක් කෙටුම්පත්කරමින් පවතින බවද ඇය පැවසුවාය. ඒ අනුව විධිමත්ව සහ ක්‍රමානුකූලව අත්‍යාවශ්‍ය නීති සහ අනපනත් සංශෝධනය කරමින් නව නීති කෙටුම්පත් කරමින් කඩිනම් විසඳුම් ලබා දිය යුතු ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කර ඇත. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සුදුසු පරිදි සිදුකරන බවද ඇය පැවසුවාය.ඒ සඳහා මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

ආයෝජන ගැන හොයන්න ජපානයෙන් දූතයින් එයි

ශ්‍රී ලංකාව තුළ ජපන් ආයෝජන පුළුල් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි ජපන් රජයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ජපානයේ වෙළෙඳ ,වාණිජ සහ කර්මාන්ත ක්ෂේත්‍රවල නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

මෙරට තුළ ආයෝජන ක්ෂේත්‍රයේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කළ ජපන් දූත පිරිස ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමටද නියමිතය.

ජනපති අනුර සඳුදා මාලදිවයිනට

මාලදිවයින් ජනපති මොහොමඩ් මුයිසුගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන 28 වැනි සඳුදා මාලදිවයින සංචාරයක නිරතවීමට නියමිතය.

ජනාධිපතිවරයා සහභාගීවන සම්මන්ත්‍රණයට ලියාපචිංචි වන ලෙස මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලාංකිකයින් සදහා QR කේතයක් සහිත ආරාධනා පත්‍රයක් යොමුකොට ඇත.

නුවර ඇසළ මංග­ල්‍යය අද ඇරඹේ

නාථ, විෂ්ණු, කත­ර­ගම හා පත්තිනි යන සිවු මහා දේවා­ල­යන්හි කප් සිටූවීමෙන් මහනුවර ඇසළ මංගල්‍යය අද ආරම්භවේ. අද පස්වරු 6.05ට යෙදෙනෙ සුබ මොහොතින් මෙම කප් සිටිවීම සිදුකිරීමට නියමිතය.

මහ­නු­වර ඇසළ පෙර­හර මංග­ල්‍යයේ ප්‍රථම කුඹල් පෙර­හර 30 දින රාත්‍රියේ වීදි සංචා­රය කරයි. කුඹල් පෙර­හර දින 05ක් වීදි සංචා­රය කිරී­මෙන් පසු රන්දෝලි පෙර­හර අගෝස්තු මස 04 වැනි දින වීදි සංචා­රය ආරම්භ කරන බව දිය­ව­ඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පව­සයි.

අව­සන් රන්දෝලි මහ පෙර­හර 08 වන දින රාත්‍රියේ වීදි සංචා­රය කිරී­මෙන් පසු පෙර­හර කර­ඬුව ආදා­හන මළුව ගෙඩිගේ රජ­මහා විහා­ර­ස්ථා­නයේ තැන්පත් කෙරෙයි.

අන­තු­රුව සිවු මහා දේවාල පෙර­හර ගැටඹේ තොට වෙත ගමන් කර දිය­කැ­පුම් මංග­ල්‍යය සිදු කිරී­මෙන් පසු 09 දින දහ­වල් පෙර­හර පවත්වා මෙවර ඇසළ පෙර­හර මංග­ල්‍යය නිමා­වට පත් කරන බව නිලංග දෑල මහතා පව­සයි.

ප්‍රේම් ගේ ඝාතනයට ජවිපෙ වෙනුවෙන් නන්දන නිර්මලාගෙන් සමාව ඉල්ලයි

 

ප්‍රේම කීර්ති ද අල්විස් ගේ බිරිඳ නිර්මලා ද අල්විස් පෙරේදා (22) අභාවප්‍රාප්ත වූවාය . ෆ්‍රේම් නොවූ ප්‍රේම් හට ජීවත්ව සිටි කාලයේ ප්‍රාණසම බිරිඳක් වූ ඇය කලක් ගිලන්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියාය .

නිර්මලාගේ පුතණුවන් වන පූර්ණ ද අල්විස් විසින් නිර්මලාගේ දේහයේ පින්තූරයක් සමග තැබූ සටහනකට ජවිපේ පැරණිතම සාමාජිකයෙකු වන නන්දන ගුණතිලක මෙසේ සටහනක් එක් කොට තිබේ .

” සමස්ත ව්‍යාපාරය වෙනුවෙන් – කිසි විටෙක දිය නොහැකි සමාව නිර්මලා මා ඔබෙන් ඉල්ලා සිටිමි.
එම සිදුවීමට අංශු මාත්‍රයකිනුදු මා පෞද්ගලිකව සම්බන්ධ නැත.
එහෙත් එදා ඒ අමනෝඳ තීරණ ගත් එම ව්‍යාපාරයේ සක්‍රීය සාමාජිකයන්ව අප කටයුතු කළෙමු .
එය එසේ වූ බව ඔබේ පුත්‍රයා මගින් ඔබට ඒත්තු ගන්වන්නට මා කෙතෙක් උත්සාහ දැරුවත් අවාසනාවකට ඔබ නික්ම ගියේ ඒ වසන් කල සත්‍යය තේරුම් ගත නොහැකිවය .
වරක් කිඳෙල්පිටිය විහාරයේ පැවති සමරුවකට ඔබේ පුත්‍රයාගෙන් මට ද ආරාධනා ලැබුණු විට මා එහි ආවේ මැඩගත නොහැකි වරදකාරී හැඟීමක් සහිතව බව සිහිපත් වේ ..
ඔබව අවසන්වර දැකගන්නට ගෞරවය දක්වන්නට ඔබේ දෙන අසලට පැමිණෙන්නට මගේ දෙපා පැකිලේ ..
බලහත්කාරයෙන් ජීවිතය පැහැරගනු ලැබූ ස්වාමිපුරුශයකුගේ ආදරයද , වියෝ දුකද , බර ද උහුලමින් පූර්ණට යහපතම කියාදුන් මවක ලෙස ඔබ මේ වන විටද මුළුමහත් සමාජයේම ගෞරවය දිනා අවසන් ය .. !!!
ඔබ වැනි මව්වරුන් දසදහස් ගණනක් උතුරේද දකුණේද තම පවුල්වල සුරක්ෂිතභාවය වෙනුවෙන් පොරබැදූ බව , අඛණ්ඩව පොරබදිමින් ඉන්නා බව මේ මොහොතේ ඔබටද ඔවුනටද ගෞරවයක් ලෙස සටහන් කරමි ..
දැන් කල හැකි කිසිවක්ම නැත ..
ඔබට ඔබ පැතූ අරමුණු ඉටු වේවා ..!!! ”

ඇතැම් විට මේ නිර්මලා සුවසේ නිදන්නේ සිය සැමියාගේ ඝාතකයන් තවමත් නිදැල්ලේ නිදහසේ හුස්ම ගනිමින් හිඳින අවකාශයක විය හැක . සත්‍ය යටගැසූ දේශපාලන ද්‍රෝහීන් මුලු රටක බලය අල්ලාගත් අවස්ථාවක විය හැක . සැබවින්ම නිර්මලා මේ නිදන්නේ ප්‍රේම්ගේ ඝාතකයින් ඇයව දේශපාලන වේදිකාවක සුබසාධනය උදෙසා අමු අමුවේ අවභාවිතා කළ කාලාන්තරයකට පසුවය . නිර්මලා පැතූ ප්‍රේමය අහිමි වී ගිය යුග ගණනකට පසු නැවත ඈ හට ප්‍රේමයේ කීර්තිය සොයාගන්නට හැකි වේවා යි පතමු !

ධම්මදස්සි නාහිමි අද අස්ගිරියේදී සමුගනී

අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ අනුනායක අපවත්වී වදාළ ආණමඩුවේ ධම්මදස්සි හිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහ සහිතව අස්ගිරි පොලිස් ක්‍රිඩාංගණයේදී අද සවස පැවැත්වේ.

මේ වනවිට උන්වහන්සේගේ ශ්‍රී දේහය අස්ගිරි මහා විහාරීය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනායක අනුස්මරණ ශාලාවේ මහජන ගෞරව සඳහා තැන්පත් කොට ඇත.

ආදාහන පූජෝත්සවය නිමිත්තෙන් මහනුවර හේමමාලි බාලිකාව, පුෂ්පදාන බාලිකාව, වාරියපොළ ශ්‍රී සුමංගල හා ශාන්ත සිල්වෙස්තර යන විදුහල් සඳහා 24 වැනි දින දහවල් 12.00ට පාසල් කාලය නිම කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ.

අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පිරිස අවසන් ගෞරව දැක්වීමෙන් පසුව අද පස්වරු 01.00ට රිය පෙරහරකින් උන්වහන්සේගේ දේහය අස්ගිරි පොලිස් ක්‍රීඩාංගණය වෙත වැඩම කරවීමට නියමිතව ඇත.

අලි ඇතුන් මරණ ස්නයිපර් කල්ලියක් ? (VIDEO)

දුර සිට එල්ලය ගෙන හිසට වෙඩි තබා අලි ඇතුන් ඝාතනය කිරීම හේතුවෙන් එය ස්නයිෆර් කල්ලියක් විසින් සිදු කරන බවට පැහැදිලිව සාක්ෂි ඇතැයි පූජ්‍ය පාගොඩ ජනිතවංශ හිමියන් අනාවරණය කරයි. සත්ව සංවිධාන මාධ්‍ය හමුවක් කොළඹදී පැවැති අවස්ථාවේ උන්වහන්සේ මෙම චෝදනාව එල්ල කළහ.

ගල්ගමුව අලි මාරුවන පාලම ඉදිකිරිම ප්‍රමාද කිරීමට හේතුව ශ්‍රී ලංකාවේ උසම ඇතා වන ‘කාවන්තිස්ස’ ඝාතනය කිරීම සඳහා සැලසුමක් වන බවට ජනතාව ඇතුළු පරිසරවේදීන්ට තතු අනාවරණය වන බවත් එය එසේ නොවන්නේ නම් පාලම කඩිනමින් ඉදි කිරීමට රජය පියවර ගතයුතු බවත් මාධ්‍ය හමුවේදී ඔවුහු අවධාරණය කර සිටියහ.

එම සංවිධාන වැඩිදුරටත් රජයට අවධාරණය කර සිටියේ අලි ඇතුන් ඝාතන නවතා දැමීමට ආණ්ඩුවට නොහැකි නම් එය ඉටු කිරීමට තමන් වෙත අවස්ථාව සලසා දෙන ලෙසය. ඒ අනුව තම සංවිධාන ඇතුළු පරිසරවේදීන් සතුව ඊට අවශ්‍ය සැලසුම් පවතින බවද ඔවුහු ප්‍රකාශ කර සිටියහ.බෞද්ධ භික්ෂූන් වහන්සේලා, සත්ව සුබසාධන සංවිධාන, ආයතනික නියෝජිතයන් ඇතුළු පරිසර හා සත්ත්වවේදීන් එක්ව මෙම මාධ්‍ය හමුවූ සංවිධානය කර තිබූ අතර එහිදී අදහස් දක්වමින් පූජ්‍ය පාගොඩ ජනිතවංශ හිමියෝ මෙසේ පැවසූහ.

“ආණ්ඩුවට බැරි නම් කරුණාකරලා අපිට දෙන්න. සියලු සංවිධාන එකතුව අපි මේ අලි ඇතුන් ඝාතන ප්‍රශ්නය විසඳන්නම්. අලි ඇතුන් මැරෙන්නේ කැලේ ඇතුළේ. ඡන්දය තියෙන මිනිස්සුන්ට වනාන්තර ලබා දීමට අලි ඇතුන් ඝාතනය කරනවා. ගොවියෝ සත්ව ඝාතන කරන්නේ නෑ. තුවක්කුවක් අතේ තිබුණට අලි ඇත්තුන්ට වෙඩි තියන්න තරම් ගොවියො සාහසික නෑ. නිකුත් කර ඇති සියලු ගිනි අවි රජය නැවත ලබා ගත යුතුයි. එතකොට පුළුවන් අපරාධකරුවන් අනාවරණය කරගන්න”

පොලීසියට ලක්ෂයයි

ශ්‍රී ලංකා පොලිස් යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් ලක්ෂය ඉක්මවා යාම හේතුවෙන් යූටියුබ් රිදී සම්මාන පුවරුව (YouTube Silver play button) හිමිකරගෙන ඇත.

ජනතාවට සමීප රාජ්ය ආයතනයක් ලෙස ශ්‍රී ලංකා පොලීසිය ලබාගත් මේ ජයග්‍රහණයට අප සහෝදර මාධ්‍ය ආයතනයක් ලෙස ශ්‍රී ලංකා පොලීසියේ මාධ්‍ය ඒකකයට සුබ පැතුම් එක් කරන්නේ හදවතින්මයි.

ප්‍රේමකීර්තිගේ නිර්මලා පරවෙයි

ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ භාර්යාව වන ප්‍රවීණ ගේය පද රචිකා නිර්මලා ද අල්විස් මහත්මිය ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.

ඇයගේ පුත් පූර්ණ ප්‍රේමකීර්තී ද අල්විස් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳ දැනුම් දී තිබේ.

චෙම්මනියෙන් මතුවූ ළදරු ඇට සැකිල්ල

යාපනයේ චෙම්මනි සමූහ මිනී වළෙන් ළදරුවෙකුගේ අස්ථි කොටසක් හා කිරි බෝතලයක් හා ජෝගුවක් ඊයේ දිනයේදී හමුවී ඇත. ඒ යාපනය මහෙස්ත්‍රාත් ඒ. ඒ. ආනන්ද රාජා මහතා ඉදිරියේ කැණීම් කටයුතු සිදුවූ අවස්ථාවේදීයි.

චෙම්මනි සමූහ මිනී වලේ හතර වෙනි අදියරයේ කැණීම් කටයුතු 21 දා ආරම්භ වූ අතර එම අදියරයේ කැණීම් වලදී අලුතින් මිනිස් ඇට සැකිලි කොටස් 2 ක් හමු වී තිබේ.

Add to cart