හිමින් හිමින් වැටුප් වැඩිකර ගන්න

රජය 2025 වර්ෂයට ඉදිරිපත් කළ අයවැයෙන් කියා සිටියා රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා වැටුප් වැඩි කරන බව. රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව පුද්ගලික අංශයේත් වැටුප් වැඩි කළ යුතු බවත් අපි යෝජනා කළා.ඇත්තටම අද තිබෙන තත්ත්වයට අනුව සාමාන්‍ය ජීවන තත්ත්වක් ගෙනයන්න එය රුපියල් ලක්ෂයක්වත් විය යුතුයි. නමුත් හෙමින් ආර්ථිකය ස්ථාවර කර, අයෝජන කැන්දාගෙන ඇවිත් රටේ නිෂ්පාදන වැඩි කරමින් තමයි අපි වැටුප් වැඩි කරගත යුත්තේ. එහෙම නැතුව අණපනතකින් පමණක් මෙය කිරීමට බැහැ. සේවකයන්ගේ අයවැය සහන දීමනාව සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය යන (සංශෝධන) පනත් කෙටුම්පත් සම්මත කර ගැනීම පිණිස පැවැති විවාදයේදී අදහස් පළ කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

2016දී අවම දෛනික වේතනය රුපියල් 400ක් තිබුණා. එය 500 දක්වා වැඩි වෙලා තිබුණා. 2024දී එය 700 දක්වා වැඩි වෙලා තිබුණා. අපේ ආණ්ඩුව යටතේ අවම මූලික වැටුප තිස්දහස දක්වා වැඩි කළ විට දෛනික වේතනය 1200 දක්වාත් අප්‍රේල් 01දා සිට දෙසැම්බර් දක්වා තවත් 1080 කිනුත් වැඩි වෙනවා. 17500ක තිබූ වේතනය එකවර 30000 දක්වා 12500කින් වැඩි කිරීම තමයි මේ අණපනත මගින් සිදු කරන්නේ. ඒ අවම වැටුප රුපියල් තිස්දහස ප්‍රමාණවත් වන්නේ නෑ යනුවෙන්ද පැවසීය.

පෙට්‍රල් ලීට­ර­යක් 162කට දෙන්න

පිට­ර­ටින් ඉන්ධන මිල දී ගැනීමේ මිල සූත්‍රය ඛනිජ තෙල් සංස්ථාව සෑම මාස­ය­කම ප්‍රකා­ශ­යට පත් කල නමුත් පසු­ගිය අප්‍රේල් මාසයේ සිට එය ප්‍රකා­ශ­යට පත් කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ලංකා­වට එන මුදල, ගොඩ­බෑමේ ගාස්තුව ආදි වශ­යෙන් ඒ අය කිරීම් ටික දානවා. නමුත් එය වෙබ් අඩ­වියේ දැන් දාන්නේ නෑ. ආණ්ඩුව විප­ක්ෂයේ සිටින විට කිවුවේ මේ තෙල්ව­ලින් මෙච්චර මුද­ලක් ගහ­නවා. කංචන විජේ­සේ­ක­රගේ සාක්කු­වට මෙච්ච­රක් යනවා කිය­ලානේ. මේ ජූනි මාසයේ තෙල් ගොඩ­බෑමේ විස්ත­රය මං ළඟ තිබෙ­නවා. එහිදී ලෑන්ඩින් කොස්ට් එක 92 වර්ගයේ පෙට්‍රල් ලීට­ර­ය­කට රුපි­යල් 161.18යි. ඒත් ඉන් රුපි­යල් 120.42ක් රජය බදු වශ­යෙන් ජන­තා­ව­ගෙන් ගන්නවා යනුවෙන්ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසීය.

මන්ත්‍රීවරයා මේ අදහස් පලකලේ ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයකට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ ඕක තමයි කිවුවේ කංචන විජේ­සේ­ක­රගේ සාක්කු­වට යනවා කියලා. ඒ වගේම අනෙක් 95 වර්ගයේ පෙට්‍රල් ගේන්න 154.39යි. ඊට බදු ගහ­නවා 145.29ක්. ඊළ­ඟට ලංකා ඔටෝ ඩීසල් ලීට­ර­යක් ගේන්න 185.67යි, ඒකෙන් බදු ගහ­නවා රුපි­යල් 97.47ක්. ලංකා සුපර් ඩීසල් ලීට­ර­යක් ගේන්න රුපි­යල් 157.84යි, ඉන් බදු ගහ­නවා 120.67ක්. මේ බදු අඩු කරලා සහ­නය දෙනවා කිවුවා. හැබැයි කවදා ද මේ බදු අඩු කරලා සහ­න­යක් දෙන්නේ. බදු අඩු කළොත් රුපි­යල් 161.18කට පෙට්‍රල් ලීට­ර­යක් දෙන්න පුළු­වන් කියාය.

තල්පේ අරියජෝති ධූරයෙන් නෙරපයි

නවසීලන්ත ජාතික කාන්තාවක් මුල් කරගනිමින් ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමක් හේතුවෙන් දක්ෂිණ ලංකාවේ සමථ බලසම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය හෙබවූ තල්පේ අරියජෝති හිමියන් එම ධුරයෙන් ඉවත් කිරීමට මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විංසත් වාර්ගික කාරක සංඝ සභාව තීරණය කොට තිබේ.

මල්වතු පාර්ශවයේ මහ ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන් විසින් නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ මින් ඉදිරියට තල්පේ අරියජෝති ස්ථවිර පාදයන් වහන්සේ දක්ෂිණ ලංකාවේ සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය සම්බන්ධ වගකීම් නොදරන බවයි.

ඊනියා නිර්ධන පන්ති ආණ්ඩුවට එරෙහිව නිර්ධන පන්තිය පාරට බසී.

යෝජිත විදුලි පනත හකුලා ගන්නා ලෙස බල කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් එක්ව දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කොට තිබේ.

මේ සඳහා ඉදිරියේදී තවත් ආයතන රැසක් එක්වීමට නියමිත බවද අප වෙත වාර්තා වේ.
 

ඊයේ (ජූලි 21) කොළඹදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රකාශ කළේ අද දින (ජූලි 22) වෘත්තීය සමිති 28ක නියෝජිතයන් ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වන බව  ය.

ලංවිමය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කිරීමට නම් තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී කථානායකවරයාට දැනුම් දුන්නේය. මේ අනුව, රජය සැලසුම් කර ඇත්තේ කාරක සභා අවස්ථාවේදී අදාළ සංශෝධන කෙටුම්පතට ඇතුළත් කිරීමටය.

විදුලිබල සංශෝධන කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අනිද්දා (ජූලි 24) පැවැත්වීමට නියමිතය.

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කැපේ

වත්මන් රජයේ පොහෝසත් රටක් ලස්සන ජීවිතයක් යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි හිටපු ජනපතිවරුන්ට හා ඔවුන්ගේ පවුල්වලට ලබා දෙනු ලබන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකිවන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිර‍ිම සඳහාවූ පනත් කෙටුම්පත සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මේ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇති අතර ඒ සඳහා නීතිපතිගේ නිශ්කාශනයද ලැබී තිබේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍ර යේ පළ කිරිම සඳහාත් ඉන් පසුව එය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් ඉන් පසුව එය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් අධිකරන හා ජජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය ලැබී තිබේ.

අනුර වෙනුවෙන් ජර්මනියෙන් ආයෝජකයින් 05ක්

මෙරට බලශක්ති, සැපයුම්, නිෂ්පාදන, සංචාරක සහ ඩිජිටල් පරිවර්තනය වැනි අංශයන්හි ආයෝජන සිදු කිරීමට ජර්මානු ආයෝජකයින් 05 දෙනෙකු මෙරටට පැමිණීමට අවධානය යොමු කොට ඇතැයි ජර්මානු කාර්මික හා වාණිජ ආයතනය (AHK Sri Lanka) ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත මාටින් ක්ලෝස් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ පසුගිය ජර්මනි සංචාරය අතරතුර බර්ලිනයේ ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩල සංගමයේ (ඪෛHඛ්) ව්‍යාපාරික සංසදය හමුවී මෙරට ආයෝජනයේ ඇති අවස්ථා හා ප්‍රතිලාභ සම්බන්ධයෙන් දැනුවත් කොට ඇති අතර ඉන්පසුව ආයෝජක දැනුවත් කිරීම් තවදුරටත් ඉදිරියට ගෙනයාම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය උපායමාර්ගික පසු විපරම් ආයෝජක හමුවීම් මාලාවක් පවත්වනු ලැබිණි.

 

සිංගප්පූරුවෙන් AI ආනයනයට සැරසේ

කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පරමාර්ථයන්ට දායක වීම සඳහා සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය යටතේ ක්‍රියාත්මක AI Singapore සමඟ අවබෝධතා ගිවිසුමක් අස්සන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ ඩිජිටල් අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවටය.

එමඟින්, දේශීය හා ගෝලීය අභියෝගවලට මුහුණදීමට හැකි වන පරිදි කෘත්‍රීම බුද්ධි තාක්ෂණයන් සංවර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ පර්යේෂණ ඇරඹුම් සිදුකිරීම, කෘත්‍රීම බුද්ධිමය වැඩසටහන් පැවැත්වීම හා අන්‍යෝන්‍ය සහයෝගය ඇති කර ගැනීම අරමුණු කර තිබේ.

රජයේ රෝහල් ගණනාවකට පිළිකාවකින් අසාධ්‍යයි

මහරගම අපේක්ෂා, මහනුවර ජාතික රෝහල, ගාල්ල, යාපනය හා මඩකළපුව රෝහල්වල ඇති පිළිකා ප්‍රතිකාර සඳහා භාවිතා කරන ලිනියර් ඇක්සලරේටර් යන්ත්‍ර අක්‍රීය තත්ත්වයකට පත්ව ඇතැයි අනාවරණය වෙයි.

මෙයට ප්‍රධානම හේතුව වී ඇත්තේ මේවා සඳහා සේවා හා නඩත්තු ගිවිසුම් නොමැතිවීමයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් හා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන් අතර කාලයක් තිස්සේ සිදුවූ කඹ ඇදීම්ය. මෙම යන්ත්‍ර සඳහා වසර පහක වගකීම් කාලයක් තිබුණු අතර මෙම කාලය ඉක්මවා වසර කිහිපයක් ගත වුවද, මෙම යන්ත්‍ර වගකීම් කාලයෙන් පසුව අමාත්‍යාංශය භාර ගැනීමට ප්‍රමාද වීම හේතුවෙන් මෙම තත්ත්වය පැනනැඟී ඇත. තවමත් මෙම යන්ත්‍ර සඳහා සේවා හා නඩත්තු ගිවිසුම් අත්සන් කිරීම සඳහා කල් වරමින් සිටින අතර නඩත්තු කටයුතු නිසි අයුරින් ක්‍රියාත්මක නොවීමෙන් යන්ත්‍රවල බරපතළ ගැටලු ඇතිවී ඇත. මේ නිසා පිළිකා රෝගීන්ට දැඩි අපහසුතාවයකට මුහුණ දීමට සිදුවී ඇත.

ඊටත් වඩා බරපතළ කාරණය වන්නේ තවත් යල්පැනගිය විකිරණ ප්‍රතිකාර වන කොබෝල්ට් 60 යන්ත්‍ර 08ක් මගින් තවමත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමයි. මෙම යන්ත්‍ර බොහෝ ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා සුදුසු නොවන අතර ඉන් කිහිපයක් දැනටමත් පූර්ණ වශයෙන් අක්‍රිය වී ඇත. ඒ එම යන්ත්‍රවල ප්‍රතික්‍රීයක අවසන් වීම නිසාය. මේනිසා ඌව පළාතේ සහ උතුරු මැද පළාතේ විකිරණ ප්‍රතිකාර සඳහා කිසිම පහසුකමක් නොමැති වීමෙන් එම රෝගීන්ට ප්‍රතිකාර සඳහා වෙනත් පළාත්වලට යෑමට සිදුවී ඇත. මෙම යන්ත්‍ර වෙනුවට නව යන්ත්‍ර සැපයීමට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ දැඩි අකාර්යක්ෂමතාවය නිසා වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතී.

මෙම රජය බලයට පැමිණීමෙන් පසුව, දැනට ක්‍රියාත්මක යන්ත්‍ර උත්ශ්‍රේණිගත කිරීම සඳහා ගිවිසුම් අත්සන් කොට ඇත්තේ 2025 ජනවාරි මස වුවත් මේ දක්වා එහි කිසිම ප්‍රගතියක් නොමැත.

මූලාශ්‍රය : දිවයින පුවත්පත

සුහුරු කාණුව අරන් නදීශා පරිසර අමාත්‍යාංශයට

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය World Intellectual Property Organization (WIPO) විසින් පිරිනැමෙන 2025 “ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මාන”උළෙලේ (WIPO Global Awards 2025) “පාරිසරික අංශය” සඳහා වන සම්මානය දිනා ගැනීමට සමත් වූ ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා අතර හමුවක් අද සිදුවිය. ඒ පරිසර අමාත්‍යාංශයේදීයි.

ඇය විසින් නිපදවන ලද මෙම සුහුරු කාණුව මගින් නගර ආශ්‍රිතව පවතින විවෘත කාණු තුළ ප්ලාස්ටික් සහ පොලිතින් සිර වීමෙන් නිතර ජල ගැලීම් ඇතිවීම වැළැක්වීම සඳහා සාර්ථක විසඳුම් ලබා දී ඇත. විශේෂයෙන් පොලිතින් සහ ප්ලාස්ටික් සිරවීම හේතුවෙන් නගර ආශ්‍රිතව ඇති විවෘත කාණුවල එම අපද්‍රව්‍ය සිරවීමෙන් නිතර ජල ගැලීම්වලට ලක්ව තදබදයට ලක්වෙන අතර පොලිතින් සහ ප්ලාස්ටික් පෙරීමට ලක්කර වර්ෂාවෙන් ලැබෙන වර්ෂා ජලය දෙවැනි තට්ටුවකින් ගලා යාම මෛ සුහුරු කාණු පද්ධතිය හරහා සිදුවන අතර ලොව පළමු තට්ටු දෙකේ ස්මාර්ට් කාණුව ලෙස මෙය හඳුනා ගනු ලබයි.

නදීශා මහත්මිය විසින් ඉදිරියේ දී පරිසර අමාත්‍යංශය සමඟ මෙම නිෂ්පාදනයට අදාළ ප්‍රායෝගික භාවිතයන් සිදු කිරීමට සිය කැමැත්ත පළ කළ අතර පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය සඳහා පරිසර අමාත්‍යංශය විසින් සිදු කරනු ලබන වැඩසටහන් සඳහා ඇයගේ දායකත්වය ලබා දීම පිළිබඳ මෙම හමුවේ දී වැඩිදුරටත් කරුණු සාකච්ඡා කෙරිණ.

 

රත්තරංගේ දුවට බෑණට රට ගමන් තහනමක්

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබේ.

ඒ වලාන දූෂණ මර්දන ඒකකයේ ඉල්ලීමකට අනුවය.

Add to cart