බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදකයින්ට බලපත්‍ර ලබා නොදීමට තීරණය කරයි

හිඟ බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදකයින් හට ඉදිරි වර්ෂය සදහා බලපත්‍ර ලබා නොදෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසා ඇත.
මත්පැන් නිෂ්පාදන සමාගම් සහ සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් අතර හමුවක් ඊයේ (02) සිදුව තිබේ.
එහිදී බදු අය කරගැනීම, ඉදිරි නිෂ්පාදන කටයුතු ඇතුළු නව වැඩසටහන් පිළිබදව සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.
2023-2024 වර්ෂ සදහා මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අය විය යුතු හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 1.8 කට ආසන්න බව සුරාබදු දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

හෙට දිනයේ දිවයින පුරා සුරාසැල් වැසෙයි


ලෝක අමද්‍යප දිනය හෙට දිනයේ යෙදීම නිමිත්තෙන් හෙට (03) දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නියමිත බස් ගාස්තු ඉක්මවුවහොත් වැඩ වරදී


අද සිට ක්‍රියාත්මක බස් ගාස්තුව ඉක්මවා මුදල් අයකරන බස්රථවලට එරෙහිව නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසා ඇති අතර එලෙස නියමිත මුදල ඉක්මවා මුදල් අයකරන බස්රථ පිළිබඳ දැනුම්දෙන ලෙස එම කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 071 259 5555 වට්ස්ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මැතිවරණ නිලධාරීන් සහ පොලීසිය අතර සාකච්ඡාවක්


මැතිවරණ කොමිසමේ නිලධාරින් හා පොලිසිය අතර සාකච්ඡාවක් අද (02) පැවැත්වීමට නියමිතව තිබෙන බවට වාර්තා වේ.
ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ඒ සඳහා මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මහබැංකු වංචාව හා පාස්කු ප්‍රහාරය ගැන අලුතින් විමර්ශන අරඹයි


නව ආණ්ඩුවේ පළමු කැබිනට් තීරණ පිළිබඳ දැනුම්දීම සඳහා කැඳවා තිබෙන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්ෂණ සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

ඉහත විමර්ශන කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව මත එම පියවර ගත් බව ඇමැතිවරයා පෙන්වා දුන් අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති මුක්තිය අවසන්ව ඇති බැවින් ඔහුටද ඇතැම්විට නිතිය හමුවේ පිළිතුරු ලබාදීමට සිදුවනු ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එහෙත් මැතිවරණ සමයේ ඒ සඳහා පියවර නොතබන බවත් දුෂිත නිලධාරීන් සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගන්නා බවත් ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

බස් ගාස්තු පහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර ඇති අතර 4.24% කින් බස් ගාස්තු සංශෝධනය වන බවයි ජාතික ගමනාගමන කොමිසම සඳහන් කර ඇත .
අවම බස් ගාස්තුව රුපියලකින් අඩුවී ඇති අතර නව අවම ගාස්තුව රුපියල් 27 ක් බව වැඩිදුරටත් සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

IMF නියෝජිතයින් පිරිසක් දිවයිනට


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් ඔක්තෝබර් 2-4 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කර අනුර කුමාර දිසානායක මහතා සහ අනෙකුත් නිලධාරීන් හමුවී මෙරට ආර්ථිකය සහ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් ගැන සාකව්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ.
සංචාරය අවසානයේ එම කණ්ඩායම නිවේදනයක් නිකුත්කරනු ඇති බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති අනුර මැද්දේගොඩ


ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ සහ උප සභාපති ලෙස ජනාධිපති නීතිඥ රසීක් සරුක් පත්කර ඇති බව එම සංගමයේ ලේකම්වරයා පවසයි.
හිටපු ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න සහ හිටපු නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස යන අයගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුරු පිරවීම සඳහා මෙම පත්කිරීම් සිදුකළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් චතුර ගල්හේන සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

‘ඊ-වීසා වංචාව’ ගැන රජය පරීක්ෂණ ආරම්භයි

හිටපු මහජන ආරක්ෂක ඇමතිවරයා සහ හිටපු ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සිදුවූ වීසා ගනුදෙනුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන පාඨලී චම්පික රණවක,රවුෆ් හකීම් සහ එම්.ඒ.සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල “ඊ-වීසා” වංචාව පෙත්සම සම්බන්ධව රජය පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම කොන්ත්‍රාත්තුව පාරදෘශ්‍ය ලෙස ලබාදී නැති බවත්, වසර 16ක කාලයක් තුළ ඩොලර් බිලියන 2.75ක් දක්වා උපයා ගැනීමට කොන්ත්‍රාත්තුව ලබාදී තිබූ බවටත් එම මන්ත්‍රීවරුන් චෝදනා ගොනුකර තිබින.
දැන්, ආගමන බලධාරීන් විසින් අප්‍රේල් 17 ට පෙර පැවති නිර්ණායකයට අනුව පැමිණීමේ වීසා නිකුත් කිරීමේ ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර ක්‍රියාවලිය නැවත ස්ථාපිත කර ඇති අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව භාර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් වෝහාරික විගණනයක් සිදු කරන බව තහවුරු කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පොලී අනුපාත වෙනස් නොකිරීමට මහ බැංකුව තීරණය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (26) රැස්වූ අතර එහිදීයි ඔවුන් තීරණය කර ඇත්තේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමටයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඒ අනුව දැනට පවතින සියයට 8.25 ක නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ සියයට 9.25 ක් වන නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන යන බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart