ඡන්දෙට කලින් ලංවිමට 25%ක පඩි වැඩිවෙන ලකුණු

ජනාධිපතිවරණයට පෙර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට 25% ක පමණ වැටුප් වැඩිවීමක් ලැබීමට ඉඩ ඇති බව
‘ද සන්ඩේ මෝර්නින්’ වාර්තා කර ඇත.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් අදාළ කැබිනට් පත්‍රිකාව දැනටමත් ඉදිරිපත් කර ඇති අතර, එය හෙට (2) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන ද වාර්තා වේ.
මසකට රුපියල් මිලියන 750ක් පමණ මෙම වැටුප් වැඩිකිරීම සඳහා අතිරේකව වෙන්කිරීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.
රජය පොරොන්දු වී ඇති රුපියල් 10,000ක අතිරේක වැටුප් වැඩිවීම මෙම වැටුප් වර්ධකයට අතිරේකව ලබාදෙනු ඇතැයිද වාර්තා වී ඇත

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

බස් ගාස්තු ගැන තීරණය අද


ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බස් ගාස්තු වල වෙනසක් සිදුවන්නේද යන තීරණය
අද (02) දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව වාර්තා වේ.
ඉන්ධන මිලෙහි සිදු වූ රුපියල් 10ක වෙනස, 4% ප්‍රතිශතයට ප්‍රමාණවත් නොවන බැවින් මෙවර බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ක්ලබ් වසන්ත ඝාතනයට පහසුකම් සැපයූ හිටපු මන්ත්‍රී අමල් සිල්වා රිමාන්ඩ්


බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා සැප්තැම්බර් 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව එම ඝාතනය සිදුකිරීමට පැමිණි පිරිසට නවාතැන් පහසුකම් හා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඔහුව ඉකුත් 29 වනදා උදෑසන අත්අඩංගුවට ගත් අතර කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මැතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 54,000ක්


ජනාධිපතිවරණ මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 54,000ක් යොදවන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට ප්‍රකාශ කර ඇත.
ඊයේ (29) මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර ඇති අතර දිවයින පුරා පවත්වන 13,000කට වැඩි ඡන්ද මධ්‍යස්ථාන සහ 45කට වැඩි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ මැතිවරණ කාලසීමාව තුළ ක්‍රියාත්මක ජංගම රථ 3200ක් සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පෝස්ටර් හා කටවුට් ඉවත් කිරීමට කම්කරුවන් 1500ක්


ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ නීති විරෝධී පෝස්ටර් සහ ප්‍රචාරක පුවරු 169,000 කට අධික ප්‍රමාණයක් මේ වන විට ඉවත් කර ඇති බවත් පෝස්ටර් 61052 ක් පොලිස් භාරයට ගෙන ඇති බවත්, බැනර් 613 ක් ඉවත් කර ඇති අතර බැනර් 510 ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට සඳහන් කර ඇත.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ නීතිවිරෝධි ප්‍රචාරක පුවරු ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1,500කට ආසන්න පිරිසක් බඳවාගෙන ඇති බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කෙහෙළිය ඇතුළු සිව් දෙනෙක් යළිත් බන්ධනාගාරයට


හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් සැප්තැම්බර් 11 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති අතර සිද්ධියේ පළමු සැකකරු මානසික රෝහලක් වෙත යොමු කරන ලෙස අධිකරණය නියෝග කර ඇති බවද වාර්තා වේ.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර ඊට පසුදින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණ අතර මේ වන තෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රිමාන්ඩ් භාරයේ පසුවිය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ක්ලබ් වසන්ත ඝාතනයට පළාත් සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට


ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත ඝාතනයට සම්බන්ධ යැයි පැවසෙන දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියදුරාට අනුබල සහ උපකාර කළ සහ නවාතැන් පහසුකම් සැපයූ බව පවසා හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා ඇත. මේ අතර, ඝාතනයට සම්බන්ධ දෙවැනි තුවක්කුකරු සහ මෝටර් රථයේ රියදුරු යන දෙදෙනා ඊයේ පානදුර පොලීසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පානදුර පින්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ද මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධව පොලීසිය විසින් සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වැඩිදුරටත් සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පාස්පෝට් පෝළිමේ අයට පොලීසියෙන් ටෝකන්


අද (28) සිට දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර 1,000 බැගින් නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගන්නා බව වාර්තා වේ.
දින ගණනාවක සිට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේ අපේක්ෂාවෙන් බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අසළ පිරිස් රැඳී සිටින අතර ඒ අතරින් බොහෝදෙනා ඊයේ රාත්‍රියද එම ස්ථානයේම පහන් කර ඇත.
කෙසේ වෙතත් මෙලෙස දින ගණනාවක රැඳී සිටින පිරිස් වෙත ටෝකන් පත් ලබාදීමට පියවර ගෙන ඇත.
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇතිව තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරයෙකු ලෙස තමා ජනතාවගෙන් සමාව ඉල්ලන බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි මහතා පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සොබාධනවි විදුලි බලාගාරය විවෘත කරයි


කෙරවලපිටිය “සොබාධනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර විවෘත කර ඇති බව වාර්තා වේ.
එම ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රාථමික ඉන්ධන ප්‍රභවය ලෙස ද්‍රවකෘත ස්වභාවික වායුව (LNG) භාවිතා කරමින් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන අතර මෙය ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාරය වන අතර එහි ධාරිතාවය මෙගාවොට් 350කි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සා.පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ

2023 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති 2- 3කින් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.
ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart