ෆවුසිට අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කරයි.


හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසිට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද (27) නියෝග කර ඇති බව වාර්තා වේ.
2010 වසරේ දී ඒ. එච්. එම් ෆවුසි ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී එම අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්තයෙන් හිමිවූ රුපියල් කෝටි 2කට ආසන්න සුඛෝපභෝගි වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදවා ගැනීම හා ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු බලධාරීන් පෙළඹවීමත් වාහනයේ නඩත්තු කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදල් අමාත්‍යාංශ මුදලින් වැය කිරීමත් ආදි අධිචෝදනා 4ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව අද දින කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව එච්. එම් ෆවුසි වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුව එම චෝදනාවට වරදකරු කරමින් අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඡන්ද කටේ යුධ නෞකාවක් කොළඹ වරායට

නිල සංචාරයක් ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ යුධ නෞකාව අද (26) පෙරවරුවේ දී කොළඹ වරායට පැමිණ තිබේ.මෙය Destroyer වර්ගයට අයත් යුද නෞකාවකි.
දිගින් මීටර් 163ක් වන මෙම වේගවත් යුධ නෞකාව කාර්යය මණ්ඩලය 410 දෙනෙකු රැගෙන පැමිණ ඇති අතර නෞකාවේ අණදෙන නිලධාරී ලෙස ‍කපිතාන් සන්දීප් කුමාර් කටයුතු කරයි.

මෙම යුධ නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි කාර්යය මණ්ඩලය මෙරට ප්‍රධාන ස්ථාන කිහිපයක සංචාරය කිරීමටද නියමිත අතර බටහිර නාවික විධාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ පුහුණු අභ්‍යාසයක්ද පවත්වා මේ මස 29 වැනිදා දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සමාජ මාධ්‍ය ජාලා හරහා ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම් අත් හිටුවයි


ඊළඟ ජනාධිපතිවරණය වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන මත විමසුම් හා සමීක්ෂණ නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වී තිබෙන බවට වාර්තා වේ. මේ පිළිබඳව මෙම සතියේදී පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.

සමාජ ජාලා ඔස්සේ සමීක්ෂණ සිදු කිරීමෙන් පසු හෙළි වී ඇත්තේ ඇතැම් අපේක්ෂකයන්ට මේ තුළින් අගතියක් සිදුවන බව‍යි. ඒ බව පැවසූ සභාපතිවරයා අදාළ මත විමසුම් සිදු කරන්නේ කවුදැයි හඳුනාගැනීම සඳහාද මේ දිනවල අධ්‍යයනයක් සිදු කරමින් සිටින බවද ප්‍රකාශ කොට ඇත.
ඒ වගේම මින් අනතුරුව මත විමසුම් නතර කළ යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් පැවසූ ඔහු විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සිදු කරන මත වීමසිම් නතර කිරීම පහසු වුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන මත විමසීම් නතර කිරීම පහසු කටයුත්තක් නොවන බවද ප්‍රකාශ කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සුගතපාල සෙනරත් යාපා දිවි සැරිය නිම කරයි.


ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
මියයන විට 89 වැනි වියෙහි පසු වූ එතුමා වර්ෂ 1935 නොවැම්බර් මස 10 වන දින අකුරැස්ස ප්‍රදේශයේ උපත ලබා ඇති අතර හන්තානේ කතාව, පෙම්බර මධු, ඉන්දුට මල්මිටක් ඇතුළු සම්මානනීය ජනප්‍රිය චිත්‍රපටි රැසක නිර්මාණ අධ්‍යක්ෂකවරයා ලෙස ඔහු කටයුතු කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකාවට අලුතින් ගුවන් සේවයක්

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෙක් විසින් Air Ceilao නමින් ගුවන්සේවයක් ආරම්භ කිරිමට සූදානම් බවටත් එය,මූලික අදියරේදී මැදපෙරදිග සහ ආසියානුකරයේත් ඉන් අනතුරුව යුරෝපයටත් ගුවන් ගමන් ආරම්භ කිරීම ඔවුන්ගේ අරමුණය බවත් තොරතුරු වාර්තා වේ.
බෝයිං ගුවන්යානා මිලදී ගැනීමට ඔවුන් මේ වනවිට සාකච්ඡා කරමින් සිටින අතර ශ්‍රී ලංකාවේ ගුවන්සමාගම ස්ථාපනය කිරීමට අදාළ කටයුතු සිවිල් ගුවන්සේවා අධිකාාරිය සමග එක්ව සිදු කරන බවද වාර්තා වේ.
ශ්‍රී ලංකන් ගුවන්සේවා ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ මෙමගින් ශ්‍රී ලංකන් ගුවන්සේවයට අභියෝගයක් එල්ලවනු ඇති බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවෙක් අල්ලයි

පසුගියදා අතුරුගිරිය ප්‍රදේශයේදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන තුවක්කුකරුවකු දෙහිවල ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
ඊයේ (23) දෙහිවල පොලිස් වසමේ කවුඩාන ප්‍රදේශයේදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
T56 ගිනි අවියක් හා උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක්ද සොයාගෙන ඇති ඇති බවයි වැඩිදුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනාධිපතිවරණයෙන් පසුව පළාත් පාලන ඡන්දය පවත්වනවා


ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කර ඇත.
එම ඡන්ද විමසීම හැකි ඉක්මණින් පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට කළ නියෝගය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
එහිදී මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මේ අවස්ථාවේදී ප්‍රමුඛතාවය තියෙන්නේ ජනාධිපතිවරණයට බවත් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනතාවට සහන දීම ප්‍රශ්නයක්

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රජය විසින් ජනතාව වෙත සහනාධාර ලබාදීම පිළිගත නොහැකි බව පැෆ්රල් සංවිධානය පවසන අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා ඇත.
ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීම සඳහා සහනාධාර ලබාදීමට අවශ්‍ය නම් එය ජනාධිපතිවරණය නම් කිරීමට පෙර හෝ ජනාධිපතිවරණයෙන් පසු සිදු කිරීමට හැකි බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජල ගාස්තු අඩු වේ


ඊයේ රාත්‍රියේ (22) නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යය ජීවන් තොණ්ඩමන් මහතා විසින් ජල ගාස්තු සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.๬ඒ අනුව ගෘහස්ථ භාවිත ජල ගාස්තුව 7%කින් ද රජයේ රෝහල් ජල ගාස්තුව 04.5කින් සහ සිද්ධස්ථාන වල ජල ගාස්තුව 06.3කින් අගෝස්තු මස 21 වන දා සිට අඩුවෙන බව ද සහ රජයේ රෝහල් ජලගස්තුව 04.5 කින් අඩුවෙන බව ද සඳහන් ය. ඒ අනූව මෙහි වැඩිදුරු තොරතුරු ලබා ගැනීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ෂණික දුරකථන අංකය ඇමතිය හැකි බවද ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සුබ ආරංචියක්

තේ වගාවට අවශ්‍ය පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 4,000ක සහන මිලකට තේ වගාකරුවන්ට ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බවට වාර්තා වේ.
එමෙන්ම 2024/25 මහ කන්නයේදී කුඹුරු ඉඩම්වල වගා කරන වී සහ වෙනත් වගා සඳහා, උපරිම හෙක්ටයාර දෙකකට සීමා වන පරිදි එක් හෙක්ටයාරයක් සඳහා රුපියල් 15,000ක මූල්‍ය සහනාධාරයක් ලබා දීමටත් කැබිනට් අනුමැතිය හිමිවී තිබෙන බවට වැඩිදුරටත් සදහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

Add to cart