නාමල් පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමි සමඟ කතා කරයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ඊයේ බොරැල්ල අගරදගුරු නිල නිවසේදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු වී ඇත.

මෙම හමුවේදී අගරදගුරු හිමිපාණන් සමඟ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ස්වාධීන අධිකරණ කොමිසමක් පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව නාමල් රාජපක්ෂ එකඟවී ඇති බවත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

ඡන්ද නීති කඩන අයට ඇපත් නෑ

ඡන්ද නීති කඩකරන,ඡන්ද නීතී රීති උල්ලංඝණය කරණ ඡන්දදායකයන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප නොදී උසාවියට ඉදිරිපත් කිරීමට පොලිසිය තීරණය කර තිබේ.

ඒ අනුව අධිකරණය විසින් ලබාදෙන නියෝග අනුව ක්‍රියා කිරීමට පොලිසිය තීරණය කර ඇති අතර පොලිස් ඇප ලබාදීම හරහා යම් ආකාරයකින් පක්ෂග්‍රාහී වීම් සිදුවෙතැයි යන ගැටලු මත මෙම තීරණය ගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිධාරියෙක් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

මහනුවර දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද


මහනුවර දළඳා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද(19) රාත්‍රීයේ වීදී සංචාරය කෙරෙන බව වාර්තා වේ.ඊයේ රාත්‍රීයේ අති උත්කර්ෂවත් අන්දමින් සිව්වැනි රන්දෝලි පෙරහැර වීදී සංචාරය කෙරිණි. ඒ අනුව මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා පොලිස් නිලධාරින් හය දහසකට ආසන්න පිරිසක් රාජකාරියේ යොදවා ඇති බවත් පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුල රථවාහන ගාල් කිරීමේ ස්ථාන 9 ක් හඳුන්වාදී ඇති බවත්පොලිසිය ප්‍රකාශ කොට ඇත. මේ අනුව ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම හේතුවෙන් මහනුවර නගරය හරහා ධාවනය වන රථවාහන වෙනුවෙන් විකල්ප මාර්ග ද හඳුන්වාදී ඇති බවද පොලීසිය සඳහන් කර ඇත. එමෙන්ම ඒ සඳහා බස් රථ 550කට වැඩි සංඛ්‍යාවක් යොදවා ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේය. අද දිනයේදී කොටුව, නාවලපිටිය හා මාතලේ සිට මහනුවර දක්වා අමතර දුම්රියක් ධාවනයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

ලන්තෑරුමෙන් එන ෆොන්සේකා

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වී ඇති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඡන්ද සලකුණ ප්‍රකාශයට පත්කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව “ලන්තෑරුම” සලකුණින් ඔහු ඉදිරිපත් වන බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අවට විශේෂ ආරක්ෂාවක්

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අවට අද(15) දිනයේ විශේෂ ආරක්ෂක හා රථවාහන වැඩපිපිළිවෙළක් ක්‍රියාත්මක බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කොට ඇත. ඒ වගේම ඒ සඳහා විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද ඇතුළුව යොදවා ඇති පොලිස් නිලධාරීන් ගණන 1000කට අධික බවද වාර්තා වී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉදිරියටත් ශ්‍රී ලංකාවට ආධාර


ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත Takafumi Kadono සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ (12) සිදුව තිබේ. ඒ අනුව එහිදී ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ කරගෙන යනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව සමාලෝචනයක් සිදු කළ නියෝජිතයින් ඉදිරියටද ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට එම සංවිධානය තුළ වන සූදානම පිළිබඳව කරුණු මෙහිදී සාකච්ඡා කළ බව එම පක්ෂය සඳහන් කළේය. එමෙන්ම මේ අවස්ථාව ස‍ඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායකද එක්ව තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ග්‍රාම නිළධාරීන් සේවයෙන් ඉවතට


ග්‍රාම නිලධාරීන් අද (12) සහ හෙට (13) දිනයන් වල සිය රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා පවසා ඇත.
ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවට ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් ලබා දුන් යෝජනා ඇතුළත් නොකිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පවත්වන බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වතු කම්කරු වැටුප් වැඩි කිරීමට ජනපති පියවර ගනී


මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සංගම් සහ තරුණ නායක රැස්වීම අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, වතු සේවකයන් සඳහා රුපියල් 1700ක දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 7ක් එකගවී ඇති බවයි.
කම්කරු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් එළඹෙන සඳුදා වැටුප් මණ්ඩලය කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද, එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නම් විශේෂ නීති හඳුන්වා දෙනු ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මහනුවර ඇසළ පෙරහැර අදින් ඇරඹේ

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය අද ඇරඹීමට නියමිතව තිබේ. ඒ පළමු කුඹල් පෙරහැරයි.
අගේස්තු 14 දක්වා දින පහක් මෙම කුඹල් පෙරහැර වීදි සංචාරය කරයි.
රන්දෝලි පෙරහැර ආරම්භ වන්නේ අගෝස්තු 15 වන දා වන අතර අගෝස්තු 19 වන දින අවසාන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කෙරේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රජකමින් ගොඩ යාමට 27 දෙනෙකු ඇප තැන්පත් කරයි


ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා අගේස්තු 09 පස්වරු 04.00 වනවිට අපේක්ෂකයන් 27 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇතිබව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේය. ඉන් 13 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ඇප මුදල් තැන්පත් කර ඇති අතර එමෙන්ම වෙනත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ෂකයින් ලෙස 14 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. ඒ අනුව ලබන 15 වැනිදා පෙරවරු 09.00 සිට 11.00 දක්වා නාම යෝජනා භාර ගැනීම සිදුවේ. ඒ වගේම පෙරවරු 09.00 සිට 11.30 දක්වා විරෝධතා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවද වාර්තා වී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart