ක්ලබ් වසන්ත මරුට, කේ සුජීවා රෝහලේ


අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබේන බවට තොරුතුරු වාර්තා වේ.
මෙම වෙඩිතැබිමෙන් තවත් තිදෙනෙකුට තුවාල සිදුවී ඇත, තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ආරක්ෂක නිලධාරීන්ට පාසලට එන්න ළමයින් ගෙදරට

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර සඳහා සහභාගී වන ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ සහ අනෙකුත් කණ්ඩායම් වල නවාතැන් පහසුකම් සදහා කතරගම පුදබිම අවට පාසල් 05ක් වසා දැමීමට තීරණය කර තිබෙන බව කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව දෙටගමුව කනිෂ්ඨ විද්‍යාලය,කතරගම ජාතික පාසල,සෙල්ල කතරගම මහා විද්‍යාලය,සශීන්ද්‍ර කුමාර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය සහ ගෝතමී ගම කනිෂ්ඨ විද්‍යාලය එලෙස වසා තැබීමට නියමිතව පවතී. පෙරහැර මංගල්‍ය අවසන් වනතුරු පාසල් වසා තිබෙන අතර පාසල් ආරම්භ කරන දිනය පසුව දැනුම් දීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඉන්දියන් විදුලිය ලංකාවට ගේන්න හවුල් ව්‍යාපාරයකින් ප්‍රතිපාදන

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අගනුවර වන චෙන්නායි සිට අනුරාධපුරය දක්වා මුහුද යට සම්ප්‍රේෂණ මාර්ගයක් මගින් සෘජු විදුලි රැහැනක් හරහා සම්බන්ධ කිරීමට යෝජනා කර ඇති බවට වාර්තා වේ.
ඉන්දියාවේ කිලෝමීටර් 130ක ගොඩබිම් සම්ප්‍රේෂණ මාර්ගයකින් පසු ශ්‍රී ලංකාවේ මන්නාරමේ තිරුකේතීස්වරම්හිදී මුහුදු යට සම්ප්‍රේෂණ මාර්ගයක් (සබ්මැරීන් කේබලයක් හරහා) මගින් මෙම ජාල සම්බන්ධ කරන බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට ගිගාවොට් 200ක සුළං සහ සූර්ය බලශක්තියක් ලබා ගැනීමට හැකිවන අතර යෝජිත හවුල් ව්‍යාපාරය මගින් ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට අපේක්ෂා කෙරන බවද සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකාවට ණය සහනයක්

ද්වීපාර්ශ්වික ණයහිමි පාර්ශ්ව සියලුම රටවලට ණය ගෙවීමට ඇති කාලසීමාව දීර්ඝ කර ඇති බව වාර්තා වේ. එලෙස ණය ගෙවීමට ඇති කාලය දීර්ඝ කිරීම මගින් ලබාදෙන සහනය ශ්‍රී ලංකාවට ද ලබා දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසයි. විවිධ රටවලට ණය සහන ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සංසන්දනය කිරීම ද නිවැරදි තත්ත්වයක් නොවන බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නෙදර්ලන්තයේ සිට යුක්තියේ මෙහෙයුමට පැමිණි අමුත්තන්


නෙදර්ලන්තයේ සිට පොලිස් නිල සුනඛයන් 35 දෙනෙකු ශ්‍රී ලංකා පොලිස් නිල සුනඛ කොට්ඨාසයට ඊයේ (5) දින රැගෙන ආ බව වාර්තා වේ.
ලංකාව පුරා ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම මගින් සිදු කරන මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යක්ෂමව සිදු කර ගැනීමටත් අපරාධකරුවන් හඳුනා ගැනීම හා පුපුරණ ද්‍රව්‍ය හදුනා ගැනීමත් ඔවුන් යොදාගැනීමට නියමිත අතර කටුනායක ගුවන් තොටුපොල සත්ව නිරෝධායන ආයතන පරිශ්‍රයේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා විසින් මෙම සුනඛයින් භාර ගෙන ඇත.
ජර්මන් ෂෙපර්ඩ් (German Shepherd) වර්ගයේ සුනඛයන් 12 දෙනෙකු , බෙල්ජියම් මැලි නොයිස් (Belgiam Malinois) වර්ගයේ සුනඛයන් 13 දෙනෙකු, සහ ඉංග්ලිෂ් ස්පැනියෙල් (English Span- iel) වර්ගයේ සුනඛයන් 10 දෙනෙකු මෙම සුනඛයන් අතර සිටන අතර එම සුනඛයන් මෙරටට රැගෙන එනු ලැබුවේ පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත කුලසේකර මහතා සහ නිල සුනඛ කොට්ඨාසයේ පශු වෛද්‍ය අමල් දිසානායක මහතා විසින් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුවය.
ගුවන් තොටුපොල සත්ව නිරෝධායන ආයතනයෙහි පශු වෛද්‍ය නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලිස් නිල සුනඛ අංශය වෙත රැගෙන යාමට එම සුනඛයන්ගේ පුහුණු කරුවන් වෙත භාර දීමට පියවර ගෙන ඇති අතර මාස 03 ක කාලයක් නිරෝධායනය කිරීමෙන් පසුව මෙම සුනඛයින් මත්ද්‍රව්‍ය වැටලීම් හා අපරාධ මර්ධන රාජකාරී සඳහා යෙදවීමට නියමිතව ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මෙවර විද්‍යාපීඨ ඉල්ලුම් කළ සිසුන්ට දැඩි අසාධාරණයක්

මෙවර විද්‍යාපීඨ සිසුන් ඇතුළත් කර ගැනීමේදී විද්‍යාපීඨ සඳහා ඉල්ලුම් කළ සිසුන්ට බරපතල අසාධාරණයක් සිදුව ඇති බව අවධාරණය වී තිබේ. එහිදී මෙතෙක් සිදුකළ ක්‍රමයට පිටින් ගොස් පෞද්ගලික සමාගමක් වෙත පවරා දීම නිසා විනිවිදභාවයක් නොමැති වී ඇති බවත් විද්‍යාපීඨ කතිකාචාර්යවරුන්ගේ වෘත්තීය සංගමය චෝදනා කොට ඇත.

මෙලෙස සිදුවී ඇති අසාධාරණය සම්බන්ධයෙන් විද්‍යාපීඨ කතිකාචාර්යවරුන්ගේ වෘත්තීය සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

“අපේ රටේ වැඩ වර්ජන අවම සහ සිසුන් ගැන විශේෂයෙන් සොයා බලන අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දෙන වෘත්තීය සමිතියක් වේ නම් එය රජයේ අධ්‍යාපන විද්‍යාපීඨ ගුරුවරුන්ගේ වෘත්තීය සමිතියයි.

මෙවර විද්‍යා පිඨ බඳවා ගැනීමේ දී සිසුන්ට බරපතල අසාධාරණයක් සිදුව තිබේ.

1. විද්‍යාපීඨ බදවා ගැනීම මෙතෙක් සිදුකළ ක්‍රමයට පිටින් ගොස් පෞද්ගලික සමාගමක් වෙත පවරා දීම නිසා විනිවිදභාවයක් නොමැති වීම.

2. මෙවර ශාරීරික අධ්‍යාපන විෂයට පමණක් පැරණි ක්‍රමයට සම්මුඛ පරික්ෂණ දෙකක් පවතින අතර අනිත් විෂයන් සදහා online ක්‍රමයෙන් පමණක් අවසන් තෝරාගත් ලැයිස්තුව අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කිරීම.

3. පෙර වසරවල සම්මුඛ පරික්ෂණයට කැදවීම සිදු කරනු ලැබුවේ ලියාපදිංචි තැපැලෙන් වන අතර මෙවර අන්තර්ජාලය සහ SMS හරහා පමණක් සිසුන්ට සහතික පරික්ෂා කිරීමේ දින දැනුම් දීම තුලින් රටේ පිළිගත් ක්‍රමවේදය වන ලියාපදිංචි තැපෑලෙන් මෙවැනි අතිශයින් වැදගත් තොරතුරක් විධිමත් සහ සුරක්ෂිත ක්‍රමවේදයකට ලබා ගැනීමේ අයිතිය උල්ලංඝනය වී ඇත. බොහෝ දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන සිසුන්ට දැඩි අගතියකට මුහුණ පෑමට සිදුව ඇත. මෙලෙස බහුතරයක් සිසුන්ට පසු දින පැවැත්වෙන සම්මුඛ පරික්ෂණයට පැමිනෙන ලෙස දැනුම් දී ඇත්තේ SMS හරහා පෙර දින රාත්‍රී 9 න් පසුවය. මේ නිසා සිසුන් විශාල අපහසුතාවයන්ට පත් වී ඇත. (මෙමගින් සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවන සිසුන් වෙනුවට සුදුසුකම් රහිත වෙනත් සිසුන් යොදා ගැනීමට හැකියාව ලැබීම)

4. online ක්‍රමවේදය හරහා ඉතා නිවැරදිව සුදුස්සන් තෝරන බව අමාත්‍යාංශයේ ප්‍රධාන කොමසාරිස්වරිය පුරසාරම් දෙඩුවද සැබෑ තත්ත්වය ඊට හාත්පසින් වෙනස්‍ ය. ICT පළමු කැමැත්ත ලෙස ඉල්ලු ඒ සදහා ඉහලම සුදුසුකම් ඇති අපේක්ෂකයන්ට තුන්වන කැමැත්ත ලෙස ඉල්ලු ඉංග්‍රීසි විෂයට තෝරා ගෙන ඇත.

එකම සිසුවා වසර දෙකකින්ම විද්‍යාපීඨ සදහා තේරි ඇති අතර ඒ නිසා වෙනත් සිසුන් රාශියකට අවස්ථාව අහිමි වී ඇත. පෙර වසරවල මේ ආකාරයට එකම නම දෙවරක් එකම විෂය වෙනුවට තේරීම වැලැක්වීමට හරස් පරික්ෂාව නම් ක්‍රමය යොදා ගනියි මෙවර එවැනි ක්‍රමයක් නැති නිසා සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවේ.

එසේම සිසුන්ට ගැසට් එක අනුව පළමු කැමැත්ත දෙවන කැමැත්ත ආදි ලෙස ඉල්ලුම් කළ හැකි අතර නමුත් මෙම ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මෘදුකාංගය ලියවී නැති බව පෙනේ.

එසේම මෙම ක්‍රමවේදය විනිවිදභාවයෙන් අඩු බැවින් තේරි පත්වූ අයගේ නාම ලේඛනය පමණක් නොව සමස්ත දත්ත ගොණුවම සෑම අපේක්ෂකයෙකුටම පිවිස පරික්ෂා කිරීමට ඉඩ දිය යුතුය.

මෙහි වඩාත් සැක සහිත කාරණය වන්නේ සම්මුඛ පරික්ෂණ අවසන් වීමටත් මත්තෙන් වහාම සිසුන් බදවා ගන්නා ලෙස පීඨාධිපතිවරුන්ට බලපැම් කිරීමට ප්‍රධාන කොමසාරිස්වරිය කටයුතු කිරීමයි. එමගින් දූෂණයට ඉඩ ඇති අතර ඇය අමාත්‍යවරයාගෙන් ලකුණු දමා ගෙන දැනට දරණ වැඩ බලන ප්‍රධාන කොමසාරිස්කම ස්ථිර කර ගැනීමට උත්සාහ කරන බව පෙනේ

එසේම පීඨ බහුතරයක මේ වන විට පළමු වසර සිසුන් බදවා ගැනීමට අවශ්‍ය පහසුකම් සංවිධානය වී නැත. නිල්වලා පීඨයේ භෝජනාගාරය අලුත් වැඩියා කරමින් පවති. මුලුතැන් ගෙය අලුත්වැඩියා කරමින් පවති දැනට පීඨ තුළ සිටින සිසුන් සදහා ආහාර සකස් කරන්නේද ඉතා අපහසුවෙනි. බොහෝ පීඨවල හොස්ටල් අලුත්වැඩියා කරමින් පවතින අතර පීඨාධිපතිවරුන් සත්‍ය තත්ත්වය වසන් කරන්නේ ප්‍රධාන කොමසාරිස්ගෙන් ලකුණු දමා ගැනීමටය. විවිධ චෝදනාවලට විගණන විමර්ශනවලට ලක්ව සිටින පීඨාධිපතිවරුන් කිහිප දෙනෙකු ප්‍රධාන කොමසාරිස්ගේ අණට යටත්ව පීඨවල පවතින සත්‍ය තත්ත්වය වසන් කර පහසුකම් ඇති නිසා ඕනෑම වෙලාවක සිසුන් බදවා ගත හැකි යැයි පුරසාරම් දොඩන්නේ තම වරදවල්වලට අමාත්‍යාංශයේ සමාව ලබා ගැනීමට බව පද්ධතියේ සියලු දෙනා දනිති.

එසේම දැනට විද්‍යාපීඨ ඉගෙනුම ලබන සිසුන්ට ආහාර සදහා රුපියල් 8000ක් දෙන බව ප්‍රධාන කොමසාරිස් ඇතුලු අධ්‍යාපන අමාත්‍යාංශයේ අය මාධ්‍ය මගින් පුරසාරම් දෙඩුවද ඊට සතියකට පසු ඔවුන් පැවසුවේ මුදල් නොමැති නිසා රුපියල් 4800 පමණක් දිගටම ලබා දෙන බවත් ඉන් පුලුවන් විදිහට ශික්ෂණලාභීන්ට කන්න දෙන ලෙසත්ය. මේ තත්ත්වය තුළ ශික්ෂණලාභීන් කණ්ඩායම් දෙකක් වූ විට කෑම ලබා දීම කෙසේ කරන්නේද?

මේ පිළිබඳ සොයා බලා මේ රටේ අනාගතය තීරණය කරන සිසු දරුවන්ට උගන්වන ගුරු සිසු දරුවන්ට වූ අසාධාරණයට සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඉල්ලා සිටිමු.”

විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්ගේ වෘත්තීය සංගමය මෙලෙස නිවේදනය කොට ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කෙහෙළියගේ මිලියන 97ක වත්කම මාස 3කට අත්හිටුවයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සහ ඔහුගේ පවුලේ 6 දෙනෙකුගේ ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස 3කට අත්හිටුවීමට අධිකරණය විසින් අද (05) නියෝග කොට ඇත. මෙම නියෝගය කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් නියෝග කර ඇති බවට වාර්තා වේ. මෙම ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු වල වටිනාකම රුපියල් මිලියන 97කට අධික බව වැඩිදුරටත් සඳහන් ය. එමෙන්ම එම බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු පවත්වාගෙන ගොස් ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් දියණියකගේ ස්වාමි පුරුෂයාගේ නමිනි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

‘මගෙන් රටට’ සභාපතිට ඇප


පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත ඇපමත මුදාහැර තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කරනු ලබන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මහජන අප්‍රසාදයක් හා වෛරයක් ඇති වන පරිදි අසත්‍ය චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබිණ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නුවර අවහිර කරමින් අකුරණ මහ ගින්නක්


අකුරණ නගරයේ අවන්හලක් තුළ අද (05) අලුයම ඇති වූ ගින්නක් හේතුවෙන් අසල පිහිටි තවත් වෙළඳසැල් කිහිපයකටද එම ගින්න පැතිරගොස් තිබේ. ඒ හේතුවෙන් මහනුවර – මාතලේ මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ. මෙතෙක් ගින්න මැඩපැවැත්වීමට නොහැකි වී ඇති අතර අවන්හල තුළ ගෑස් සිලින්ඩර 50ක් පමණ පවතින බවට එහි හිමිකරුවන් ප්‍රකාශ කර ඇති බැවින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කිරීම අසීරු වී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පියුමිගේ පැටිකිරිය කූරියර් ප්‍රධානියාගෙන් හෙළිවෙයි


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාණ්ඩ වර්ග බෙදාහරින ලද කුරියර් සමාගමේ ප්‍රධානියාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමක් අතරතුර දී නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි සමාජ මාධ්‍ය විසින් අලෙවි කරන ලද පැහැපත් කරන ආලේප වර්ග 3500ක් පමණක් බෙදා හැර ඇති බව හෙළි කර ඇත.නමුත් පියුමි හංසමාලි මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ තමන් එකක් රුපියල් 35000 බැඟින් ක්‍රීම් පාර්සල් 25,000ක් පමණ කුරියර් සේවය හරහා අලෙවි කළ බවත් ඒ හරහා රුපියල් කෝටි 87ක් උපයා ගත් බවත් ය. ඒ අනුව මේ වන විට ඇගේ බැංකු ගිණුම් පරීක්ෂාවක් සිදු කරන බවත් ඉන් නනතුරුව ඇයගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් බවත් ද වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart