සම්පන්දන් වෙනුවට සන්මුගම්

දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ආර්. සම්පන්දන් වෙනුවට දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින කදිරවේලි සන්මුගම් කුගදාසන් මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිත බව ආරංචි මාර්ග පවසා ඇත.ඒ අනූව ඔහු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් පහුගිය මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කළ පරාජිත ලැයිස්තුවේ පළමුවැනි ලෙස මනාප 16770 ලබාගෙන සිටි බව ද වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නුවරඑළියේ බස් විරෝධයක්

අද (01) දින තලවකැලේ – නුවරඑළිය මාර්ගයේ සියලුම පුද්ගලික බස් රථ ඉවත් වී තිබේ. එම මාර්ගයේ ධවනය කරනු ලබන බස් රථ දෙකක් රාත්‍රියේදී නවතා තිබියදී කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් එම බස් රථවලට පහරදී අලාභ හානි සිදු කර තිබීම මෙම වර්ජනයට හේතු වී ඇති බව වාර්තාවේ. මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ තලවකැලේ ස්ථානභාර නිලධාරී සඳරුවන් අබේවික්‍රම මහතා පවසා ඇත්තේ බස් රථ වර්ජනයට තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ධාවනය වන සියලුම බස් රථ එකතු වී ඇති බවයි. මෙම බස් රථ වර්ජනය හේතුවෙන් එම මාර්ගයේ පාසල් සිසුන්, කාර්යාලීය සේවකයන්, පුද්ගලික ආයතනවල සේවකයන් ඇතුළු සෙසු මගී ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

දේශපාලන කණ්ඩායමකින් චමුදිතට තර්ජන

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවස අසල සැක කටයුතු ලෙස තොරතුරු රැස් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායම නවතම දෙසකට සිය අවධානය යොමු කර තිබෙන බවට අනාවරණය වේ. එහිදී සැලසුම් සහගත දේශපාලන කණ්ඩායමක් විසින් චමුදිත සමරවික්‍රම මහතා ඉලක්ක කර ගනිමින් අන්තර්ජාලය මගින් තර්ජනාත්මක අයුරින් කටයුතු සිදු කරමින් සිටින බව එම කණ්ඩායම්වලට නිරීක්‍ෂණය වී ඇත. මෙම පිරිස් දිගින් දිගටම සමරවික්‍රම මහතා ඉලක්ක කර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඔහුට අපහාස උපහාස හා තර්ජනය කරමින් සිටින බව නිරීක්ෂකයන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ. ඒ ඔස්සේද පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් සිටින බවද සඳහන් වේ. මෙම සිද්ධියට අදාළ ප්‍රධාන පරීක්‍ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කරමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

IOC සහ SINOPEC සමාගම් වල ඉන්ධන මිල සංශෝධනය වේ.

ශ්‍රී ලංකා IOC සමාගමට හා SINOPEC සමාගමට අයත් ඉන්ධන මිල අද (‍01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත. ඒ අනුව ලංකා IOC සමාගමට හා SINOPEC සමාගමට අයත් ඉන්ධනවල මිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන මිලට සමාන වන අයුරින් සංශෝධනය වී ඇති බවට සඳහන්ය.

මෙලෙස සංශෝධනය වූ මිල ගණන් ලෙස,
* පෙට්‍රල් 92 – රු. 11 කින් (නව මිල රු.344)
* පෙට්‍රල් 95 – රු. 41 කින් (නව මිල රු.379)
* සුපර් ඩීසල් – රු. 22 කින් (නව මිල රු.355)

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:
* ඔටෝ ඩීසල් – (මිල රු.317)
* භූමිතෙල් – (මිල රු.202)

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සම්පන්දන් අභාවප්‍රාප්ත වේ

දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් අභාවප්‍රාප්ත වී ඇත.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති අතර මියයන විට ඔහුගේ වයස අවුරුදු 91 කි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අන්තර්ජාල මූල්‍ය වංචනිකයින් නීතියේ රැහැනට

මෙරට විවිධ ප්‍රදේශවල සුඛෝපභෝගී නිවාස වල රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ සූදු ක්‍රීඩා සිදුකරමින් මූල්‍ය වංචා කළ ඉන්දියානු ජාතිකයන් 137 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.
මෙම ඉන්දියානු ජාතිකයන් මාස කීපයක සිට මෙම ජාවාරම් සිදුකරගෙන ගොස් ඇති අතර ඔවුන් සංචාරක වීසා මගින් මෙරට රැඳී සිට ඇති බවත් ඉන්දියාවේ තහනම් කරන ලද සූදු වෙබ් පිටුවක් මෙරට සිට ක්‍රියාත්මක කර ඒ ඔස්සේ ඉන්දියානු ජාතිකයන් සම්බන්ධ කර ගනිමින් කෝටි ගණනින් සූදු ක්‍රීඩා කර ඇති බවත් අනාවරණය වී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇත.
පුද්ගලයෙක් සතු නිවසක් කුලියට දුන්නේ නම් එම නිවසහි පුද්ගලයන් කුමන කාර්යක නියැලෙන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීමට අයිතිකරුට වගකීමක් ඇති බවත් එම නිවස කිසියම් අපරාධයක් සඳහා භාවිතා කර ඇති බවටත් අනාවරණය වුවහොත් රාජසන්තක කිරීමට පවා හැකියාව ඇති බවද ඒ මහතා පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Web link >>> https://thenews.lk/
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කොවිඩ් නැවත කරළියට

කොවිඩ් – 19 වෛරසයේ නව ප්‍රභේදයක් අමෙරිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. මෙහිදී ප්‍රාන්ත 39ක නව ප්‍රභේදය පැතිර යමින් පවතින බව ඇමරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි. වෛරසයේ සක්‍රීයතාව සාපේක්ෂව තවමත් අඩු අගයක් පැවතිය ද රෝහල්ගත කිරීම් සහ මරණ ඉහළ යමින් පවතින බව වැඩි දුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මහින්ද රනිල් තීරණාත්මක සාකච්ඡාවක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තීරණාත්මක හමුවක් ඉදිරි සතිය තුළ සිදුකිරීමට සූදානම් බව වාර්තා වේ.පොදුජන පෙරමුණේ කණ්ඩායමක් මේ වනවිටත් ජනාධිපතිවරයාට සහය දීමට ප්‍රසිද්ධියේ පෙනී සිටින බව සහ නාමල් රාජපක්ෂ මහතා වටා එක් වී ඇති බවත් කණ්ඩායම් අතර පොදු එකඟතාවක් ඇති කර ගැනීමට මෙම සාකච්ඡාව පැවැත්වීමට සූදානම් බවත් සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Web link >>> https://thenews.lk/TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ලෝහ ද්‍රව්‍ය අපනයනය තහනම්

කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ මත පමණක් ඉදිරියේ දී ලෝහ ද්‍රව්‍ය අපනයනයන් සිදු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා ඇත.ඒ අනූව රටේ අනීතිකව සිදුකෙරෙන ලෝහ,යකඩ ආශ්‍රිත උපකරණ හා අබලිද්‍රව්‍ය අපනයනය තහනම් කිරීමට සූදානම් බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.තඹ, පිත්තල ,ඇලුමිනියම්, චීනචට්ටි, සුදුයකඩ සහ හයිකාබන් වැනි සියලුම ලෝහ අපද්‍රව්‍ය, යකඩ ආශ්‍රිත උපකරණ හා අබලි ද්‍රව්‍ය අනීතික ලෙස අපනයනය කිරීම හේතුවෙන් රටට අහිමිවන විනිමය සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මැකෝ ගෙන් සුබ පණිවිඩයක්


ජනාධිපතිවරණය සැප්තැම්බර් 14 සහ ඔක්තෝබර් 16 අතර කාලයේදී පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළ අතර මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලාධිපතිනීයටත්, පොලිස්පතිවරයා සහ තවත් ආයතන කිහිපයකට දැනුම් දී ඇති බවට වාර්තා වේ,

මෙසේ දැනුම් දී ඇති අනෙක් ආයතන අතරට ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය හා ලංකා ගමනාගමන මණ්ඩලයද අයත් වේ,මැතිවරණ කටයුතු සඳහා සූදානම් වීමේ මූලික අරමුණින් එසේ උපදෙස් දුන් බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සදහන් කරයි,

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart