රට හැර යන වෛද්‍යවරු


මෙරට නිර්වින්දන වෛද්‍ය, ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත් විශේෂඥ වෛද්‍යවරුන් 702 මෙරට හැරගොස් ඇති නිසා මෙම තත්වය එළඹ ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇත.මේ වෙනුවෙන් රට හැරගොස් සිටින විශේෂඥ වෛද්‍යවරුන් වෙනුවට ඊළඟට සිටින ජ්‍යෙෂ්ඨතම විශේෂඥවරුන් යොදවා ඇති බව එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසා ඇති අතර මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් රෝහල් රැසක කටයුතු සඳහා බාධා මතු වී ඇති බව අමාත්‍යංශය වැඩි දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ලබන මස සිට බිත්තර 38 ට


පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා බිත්තර නිෂ්පාදනය සිදුවන බැවින් දෙසැම්බර් වනවිට බිත්තර අතිරික්තයක් ඇති වන බැවින් දේශීය බිත්තරයක මිල තව මසකින් පමණ රුපියල් 38 ට අඩුවෙන් පාරිභෝගිකයාට ලබා දීමට අවස්ථාව උදාවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් රත්නසිරි අලහකෝන් මහතා පවසයි.

ඔවු වැඩි දුරටත් සඳහන් කර සිටියේ, බිත්තර ආනයනයට යන වියදම දේශීය බිත්තර කර්මන්තය නගා සිටුවීමට යොදවන්නේ නම් දේශීය ගොවියා මෙන්ම පාරිභෝගිකයා ද ආරක්ෂා වන බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

විද්‍යුත් වීසා ක්‍රමයට අභියෝග කරමින් ගොනුකළ පෙත්සම සලකා බැලීමට දින ලබා දෙයි

හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක,රහුෆ් හකීම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එ සුමන්දිරම් යන අය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන මස 2 වන දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
ඔවුන් මේ පෙත්සම ගොනුකර ඇත්තේ, ගුවන් තොටුපල ආශ්‍රිතව ක්‍රියාත්මක වීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රම වේදය මඟින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ලෝකයට විවෘත්ත වීමේ අවදානමක් මතුවන බැවින් එම ක්‍රම වේදය බල රහිත කරන ලෙස ඉල්ලමිනි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මැතිවරණය වෙනුවෙන් තැපැල් වියදම් ඇස්තමේන්තුව භාර දෙයි


රුපියල් බිලියන 01.4 ක වියදම් ඇස්තමේන්තුවක් 2024 ජනාධිපතිවරණ රාජකාරී වෙනුවෙන් වැයවෙන බව සහ මේ වන විට එය ඇස්තමේන්තු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසා ඇත .ඒ අනුව එම වියදම් ඇස්තමේන්තුව මැතිවරණ කොමිසමට භාර දුන් බවත් ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මැතිවරණ ලියවිලි පත්‍රිකා බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

NPP නිල වෙබ් අඩවිය හා ප්‍රතිපත්ති මධ්‍යස්ථානය විවෘත කරයි


ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ AKD.lk නම් නිල වෙබ් අඩවිය එළිදැක්වීම හා මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය හා NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය විවෘත කිරීම අද (27) පෙරවරුවේ සිදුවී තිබේ.
මෙම පක්ෂය සඳහන් කර ඇත්තේ මෙම වෙබ් අඩවිය AI හරහා බලගැන්වෙන Live Chat සේවාවක් ඔස්සේ තොරතුරු දැනගැනීමේ හැකියාව පවතින බවයි.
එමෙන්ම මෙම ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පුරවැසියන්ට ප්‍රවේශයක් ලබා දෙන බවද, මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය මැතිවරණ ක්‍රියාවලිය තුළ සිදු වන අක්‍රමිකතා පිළිබඳ පුරවැසි පැමිණිලි හා අදහස්වලට විවෘතව පවතින බවද සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රටේ ආරක්ෂාව තහවුරු කරන සියලු පියවර ගන්න ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස්

සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරි ජනාධිපතිවරණය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත ඒ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ දී ය.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන ප්‍රධානීහූ මෙම කාරක සභා රැස්වීමට කැඳවා තිබිණු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි මෙම සියලු කටයුතු සිදුකරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලීමක් කළ බව වැඩිදුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කොන්දේසි සහිතව වෛද්‍ය කපිල වික්‍රමනායකට ඇප

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සුදුසු කොන්දේසි මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (25) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබේ.

වෛද්‍ය කපිල වික්‍රමනායක විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නගේ එකඟත්වය ඇතිව අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් විසින් මෙම නියෝගය ලබාදී තිබෙන බව වාර්තා වේ. තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවට වග උත්තරකාර පාර්ශවය විසින් මතු කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරන බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නඩුව අවසන් වනතුරු දේශබන්දුට පොලිස්පති බලතල නෑ


දේශබන්දු තෙන්නකෝන්ට අමාත්‍ය මණ්ඩලය විසින් කුමන තීරණයක් ගත්තද නඩු විභාග අවසන් වනතුරු පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම අධිකරණය විසින් තහනම් කර ඇති බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසා තිබේ. කැබිනට් තීරණ මගින් අධිකරණ නියෝග අවලංගු කළ නොහැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නියෝගය දැන් ක්‍රියාත්මක වන බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරයා සඳහන් කර ඇත. ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ දේශබන්දු තෙන්නකෝන්ට තවදුරටත් පොලිස්පතිවරයාගේ බලතල හෝ කාර්යයන් ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වික්‍රමබාහූ දිවි ගමනට සමු දේ


නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඔහු මිය යන විට ඔහුගේ වයස අවුරුදු අසූ එකකි. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතව ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

බැංකු පොලිය අඩුවේ

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25 දක්වා පදනම් අංක 25කින් අඩු වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart