
පසුගිය 16 වැනි දින ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිටදී ප්‍රචාරක රැළියක් පැවැත්වූ අතර එහිදී මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිට පැවැති ජාජබ ප්‍රචාරක පුවරුවක් ඉවත් කිරීමට උත්සාහ කළේ යැයි කියන සිද්ධියක් මුල් කර ගනිමින් ජාජබ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත තමන්ට බැණ තර්ජනය කළ බව කියමින් මහනුවර මහනගර සභාවේ වැටලීම් අංශයේ ප්‍රධානී අනුර වගේ වත්ත නමැති පුද්ගලයා මහනුවර පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ. එහිදී ඔහු විසින් රැලියේදී මෙම තර්ජනය සිදු කළ බව කියමින් එහි හඬ පටයක් ද පොලිසියට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. ලාල්කාන්ත විසින් තමන්ගේ නම දහස් සංඛ්‍යාත ජනතාව ඉදිරියේ ප්‍රකාශ කිරීම තුළින් තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති විය හැකි බව ද වගේවත්ත නමැති අය පොලිසියට වැඩිදුරටත් පවසා තිබේ.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී 14 වැනිදා පැවැති ජන රැලිය හේතු කොට ගෙන මෙම අනුර දිසා- නායක මහතාගේ රුව සහිත විශාල ප්‍රමාණයේ ප්‍රචාරක පුවරුව තාවකාලිකව ඉවත් කිරීම පොලිසියේ ද උපදෙස් මත වැටලීම් අංශය මඟින් සිදු කරනු ලැබ ඇත්තේ නගර සභා පරිපාලනයේ උපදෙස් මත වන බවද අදාළ ප්‍රචාරක පුවරුව සඳහා නගර සභාවට කළ යුතු ගෙවීම් ද කර නොතිබියදී එය ආරක්ෂාකාරීව තබා – ගෙන නැවත ජාතික ජන බලවේගයේ ප්‍රචාරක රැලිය දින ඔවුන්ට ලබාදුන් බවද මේ සම්බන්ධව කළ විමසීමකදී නගර සභාවේ ඉහළ නිලධාරීනියක විසින් සඳහන් කර ඇත. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ද මේ වන විට ආරම්භ කර තිබේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi