කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක්


2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක් ගතවූ වසර දෙකට සාපේක්ෂව සිදු වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ. ධර්මකීර්ති මහතා ප්‍රකාශ කර ඇත.
2022 වසරට සාපේක්ෂව 2023 වසරේ වාර්තා වූ කෘෂි අපනයන ආදායම් මෙන්ම එහි අවාසි සහගත තත්වයන්ද පාලනය කිරීමට ගත් ක්‍රියාවන් නිසා මෙම ප්‍රගතිය වී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම පසුගිය කාලපරිච්ඡේදය තුළ පැවති කෘෂිකර්මාන්තයට අහිතකර දේශගුණික තත්ත්වයන් හමුවේ මෙවන් ප්‍රගතියක් ලබාගැනීම ජයග්‍රහණයක් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ. ධර්මකීර්ති මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

විදුලි ගාස්තු 22.5% කින් පහළට

විදුලි ගාස්තු 22.5% කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට (16) සිට මෙම අඩු කිරීම ක්‍රියාත්මක බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව ගාස්තු සංශෝධනය වන ආකාරය පහතින්.
ඒකක 30ට අඩු – රු. 8 සිට රු.6 දක්වා ද,
ඒකක 30-60 අතර – රු. 20 සිට රු.9 දක්වා ද අඩු කෙරේ.
පළමු ඒකක 60 දක්වා – රු. 25 සිට රු.15 දක්වා ද,
ඒකක 61-90 අතර – රු. 30 සිට රු.18 දක්වා ද,
ඒකක 91-120 අතර – රු. 50 සිට රු.30 දක්වා ද,
ඒකක 121-180 අතර – රු. 50 සිට රු.42 දක්වා ද,
ඒකක 180 ට වැඩි – රු. 75 සිට රු.65 දක්වා අඩු කෙරේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල වැඩවර්ජනය අවසන් කරයි


විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති දින 75ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද (15) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සියලු වෘත්තිය සමිති ඊයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ රැස්වී සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හැරීමට එකමතිකව තීරණය කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කරයි


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. ඒ අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.
මේම පෙත්සම රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභා කර ඇති අතර එම නඩු ගාස්තු ජුලි මස 31 වනදාට පෙර ගෙවිය යුතු බවට නියෝග කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රිචඩ් පීරිස් සමූහයේ සභාපති අත්අඩංගුවට ගන්නැයි නියෝග

මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සභාපති සේන යද්දෙහිගේ අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ එම ආයතනයේ නිළධාරිනියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් අදාළ කාන්තාව කොල්ලූපිටිය පොලිසියට සිදුකල ඇති පැමිණිල්ලක් අනුවයි. පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් සභාපතිවරයාට විදේශ ගමන් තහනමක් ලබාගෙන ඇති බව තවදුරටත් වාර්තා වේ. නමුත් සභාපතිවරයා ඊට පෙර රටින් පිටව ඇති නිසා ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට නියමිතව පවතී.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ලබන සඳුදා සලකා බැලෙන ජනපතිවරණ පෙත්සම


ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් ගොනුකර තිබූ පෙත්සම සලකාබැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙන අතර එය ලබන සඳුදා (15) සලකාබැලීමට නියමිතව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මතවී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමුකර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස වැඩිදුරටත් එහිදී දක්වා තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අධික දුමට ක්ෂණික විසදුමක්


අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන සම්බන්ධයෙන් පැමිණිලි යොමු කරන ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදලෙහි අධ්‍යක්ෂ දසුන් ගමගේ සඳහන් කරන අතර ඒ සඳහා 070 3500 525 යන WhatsApp ලබා දී ඇත.
එවැනි රථවාහන ලේඛන ගත කිරීමට පියවර ගන්නා බවද, වාහන බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින් පමණක් දුම් සහතිකය ලබා ගැනීම සිදු නොකරන ලෙසද අධික දුමක් පිටවන බවට නිරීක්ෂණය වුවහොත් අදාළ රථයේ හිමිකරුට විරුද්ධව නඩත්තු නියෝගයක් හෝ තහනම් නියෝගයක් ලැබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සුරාබදු දෙපාර්තමේන්තුවට පාඨලී ප්‍රමුඛ ක්‍රම සහ විධි යෙන් අප්‍රසාදය


පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව විසින් 2023 වසරට අදාළ හිඟ බදු සම්පූර්ණයෙන් අය කර ගන්නා ලෙසට කරන ලද නිර්දේශය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පැහැර හැර ඇත. මෙහිදී 2023 වසර සඳහා ගෙවිය යුතු සම්පූර්ණ බදු මුදල වන රු. බිලියන 1.1 ක මුදල 2024.06.30 වැනි දිනට හෝ ඊට පෙර අදාළ මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අය කර ගැනීම සඳහා කාරක සභාව විසින් 2024.04.24 වන දින ලබා දුන් නිර්දේශ ප්‍රකාරව ඒ සඳහා ප්‍රමාණවත් පියවර නොගැනීම පිළිබඳව කාරක සභාව විසින් සිය බලවත් අප්‍රසාදය පල කරන ලදී. එහිදී ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නිර්දේශයන් , පෙර වසරවල සුරා බදු අය කරගැනීම සඳහා වන ගිවිසුම් අතර වන පරස්පරයන්ද ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර ලිපියක් මගින් මුදල් අමාත්‍යාංශයෙන් විමසා සිටියත් ඒ සඳහා අමාත්‍යාංශය පාර්ශවයෙන් පිළිතුරක් නොලැබුනු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

චන්ද්‍රිකා නැවතත් උඩුගත වෙයි

ලබන වසරේ දී චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම් කර ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසා ඇත.
පාසල් සිසුන්ට චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ දැනුම ලබාදීම සඳහා තවදුටරත් යටිතල පහසුකම් සංවර්ධනය කළයුතු බව චන්ද්‍රිකා තාක්ෂණය සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් එහි මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Web link >>> https://thenews.lk/
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රේෂ්ඨාධිකරණයට ආව අලුත්ම පෙත්සම


මේ වන විට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා විනිසුරුවරු පත්නොකිරීම තුළින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත.
අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ජනාධිපති නීතිඥවරයෙකු වන සේනක වල්ගම්පාය මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart