වාහන වේගයටත් ගැසට්ටුවක්


ඉදිරි සති දෙක ඇතුලත මාර්ග ආශ්‍රිත වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කිරීමට නියමිත බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කර තිබේ. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ශ්‍රී ලංකා පොලීසියට මාර්ග ආශ්‍රිත වේග පාලනය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 50ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ක්ලබ් වසන්ත ඝාතනය පාටි දාලා සජීවීව නරඹලා


අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේදී කෝටිපති ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය ඩුබායි වල සිට සැලසුම් සහගතව ක්‍රියාත්මක වූවක් බවත් එම ඝාතනය ලොකු පැටී නැමැත්තා විසින් සජීවිව නරඹා ඇති බව වාර්තා වේ. මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලොකු පැටිට ලබා දුන් ප‍්‍රංශයේ සැගව සිටින කංජිපානි ඉම්රාන් නැමැත්තා ද මෙම දර්ශන මුල් අවස්ථාවේ සිටම සජීවීව නරඹා ඇතැයි ද පැවසෙයි. එමෙන්ම ඩුබායි රටේ සැඟවී සිටින ලොකු පැටි ඇතුළු කණ්ඩායම මෙම ඝාතනය සජීවීව නරඹා ඇත්තේ මත්පැන් සාදයක් පවත්වමින් බවට ද තොරතුරු හෙළිවී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

දිමුතු සහ බබී අත්අඩංගුවට ඩූබායි සිට අද කටුනායකට


මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ රාශියක් සිදුකර ඩුබායි හි සැඟවී සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එරට දී අත්අඩංගුවට ගෙන තිබේන බවට වාර්තා වේ. මොවුන් දෙදෙනා අද අලුයම 05.10 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.
මෙලෙස රැගෙන විත් ඇත්තේ කොළඹ, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කලුදුර දිනේෂ් සාමන්ත ද සිල්වා නොහොත් “බබී” නැමැත්තා සහ මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කංකානම්ලාගේ දිමුතු චතුරංග පෙරේරා නැමැති අපරාධකරුවන් දෙදෙනාය.
කලුදුර දිනේෂ් සාමන්ත ද සිල්වා නැමැත්තා කොළඹ, නාරාහේන්පිට මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට නියමිත අතර කංකානම්ලාගේ දිමුතු චතුරංග පෙරේරා නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දීමට නියමිත බව වැඩිදුර වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

විපක්ෂයේ මන්ත්‍රීගේ රති කෙළිය මාට්ටු

විපක්ෂය නියෝජනය කරන බස්නාහිර පළාතේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ කාර්යාලයේදී එහි සේවිකාවක සමඟ අසභ්‍ය ලෙස හැසිරෙනු සේවකයෙකු දැක ඇති බව වාර්තාවේ. එහිදී එම කාන්තාව ඇඳුම් සකසමින් සිටි අවස්ථාවේ විපක්ෂයේ ප්‍රබලයකුගේ බිරිඳක් එය දැක ඇති බවත් මෙම සිදුවීම බිරිඳ විසින් විපක්ෂය ප්‍රබලයාටද දැනුම් දී ඇති බවත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අවසන් කිව්වත් අවසන් නැති විශ්වවිද්‍යාල අනධ්‍යයන වැඩ වර්ජනය


මාස දෙකකට ආසන්න කාලයක් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් විසින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ප්‍රකාශකයෙක් ඊයේ (11) පවසා ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව විධායක ශ්‍රේණියේ නිලධාරීන් මෙම තීරණය ගත් බව ඔහු පවසා ඇත .
කෙසේ වෙතත් ක්‍රියාත්මක කර තිබෙන වැඩ වර්ජනය අවසන් නොකළ බවත් වැඩ වර්ජනය අවසන් කළේ යැයි කියන විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 500 ක් පමණක් සිටින බවත් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා ඊයේ රාත්‍රියේ ප්‍රකාශයක් කරමින් දැනුම් දී ඇත.
එමෙන්ම විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් 12,000 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා වර්ජනයේ නිරතව සිටින බවත් ඉල්ලීම් ලැබෙනතුරු වර්ජනය අත්නොහරින බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පාරින්ද රණසිංහ නීතිපති ලෙස පත් කිරීමට අනුමැතිය

නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වැනිදායින් අවසන් වීමත් සමඟ නීතිපතිවරයා ලෙස ඡ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතාව පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබේන බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රනිල්ගේ බලාපොරොත්තුවත් රනිල්


රටේ ඇතිවූ ආර්ථික අර්බුදය කළමනාකරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් ජනාධිපති ලෙස පත් කළ යුුතු බව එහි පක්ෂ සංවිධායක රනිල් විල්ලද්දරගේ මහතා ඊයේ දින (09) එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව තුම්බෝවිල මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවේදී පවසා තිබේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ අවස්ථාව තමා වෙත ලබාදීම ගැන තමන් අවංකවම සතුටු වෙන බවත් තමාගේ පළමු අරමුණ රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති බවට පත් කිරීම බවත් රනිල් විල්ලද්දරගේ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

දුම්රිය වර්ජනය තවදුරටත්

දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු දුම්රිය ප්‍රධාන වෘත්තීය සමිති තුනක් ක්‍රියාත්මක කර ඇති වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් දුම්රිය බලධාරීන් සිය ඉල්ලීම් ඉටු කරන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය විධායක කමිටු සාමාජිකයෙක් පවසා තිබේ. බලපෑම් සිදුකර වෘත්තීය සමිති මර්ධනය කළ නොහැකි බව ආණ්ඩුව ඇතුළු දුම්රිය බලධාරීන් අවබෝධ කරගත යුතු බව එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් වර්ජනය පැවතිය නමුත් දුර ගමන් සේවා දුම්රිය 15 ක් පමණ අද පෙරවරුවේ ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

හිරුණිකාගේ ඇප ඉල්ලීමට දින නියම වෙයි


බරපතල වැඩ ඇතිව සිරදඬුවම් විදිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇප ඉල්ලීම සලකා බැලීම සඳහා එම ඇප ඉල්ලීම පහළොස්වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය විසින් අද දින නියම කරන ලදී.
තරුණයකු පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන ලද දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් ඇයට වසර තුනක බරපතළ දඬුවම් නියම කරන ලද අතර එම තීන්දුව අභියෝගය කරමින් ඇයගේ නීතීඥයන් විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කරමින් මෙම ඇප ඉල්ලීම මහාධිකරණය වෙත ගොනුකර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඉන්ෆ්ලුවෙන්සා යළි හිස එසවීමේ අවධානමක් .

මේ දිනවල ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා ඇත.
එවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා යොමුවන ලෙස ඔහු වැඩිදුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart