වසන්තගේ මරණය කේපීඅයි ගේ ගේමක්?

ප්‍රමුඛ පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන කංජි පානි ඉම්රාන්ගේ සැලැස්මකට අනුව ක්ලබ් වසන්ත නමැත්තාගේ ඝාතනය සිදුව ඇතැයි පොලිසිය සැක පළ කර ඇති බව සඳහන් වේ.
පොලිස් විමර්ශනවලට අනුව වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ තිබී ටී 56 අය ගිනි අවියේ උණ්ඩයක් වැටී ඇති අතර එහි කේ.පී.අයි යනුවෙන් සටහන් කර තිබුණු බව විමර්ශනවලින් වැඩි දුරටත් වාර්තා වී ඇති අතර එමගින් ඉස්මතු වන්නේ කන්ජි පාණි ඉම්රන් විය හැකි බවටයි පොලිසිය සැක පළ කර ඇත්තෙ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වැටුප් වැඩි කළොත් , වැට් එක තවත් වැඩිවෙයි.


වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සිදු කළහොත්, මේ වන විට පනවා තිබෙන 18%ක්වන වැට් බද්ද 20% – 21%ත් අතර අගයක් දක්වා වැඩි කිරීමට සිදුවන බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසා ඇත.
රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවති සාකච්ඡාවේදී මේ බව පවසා ඇති අතර මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බව ද ඒ මහතා ප්‍රකාශ කර ඇත. .
පවතින අයවැය ප්‍රතිපාදන මත 2024 වසරේදී වැටුප් වැඩිකිරීමක් සිදු කිරීමට නොහැකි බවත්, රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාවන් පිළිබඳව සොයාබැලීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව මඟින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සැලකිල්ලට ගනිමින් 2025 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් භාණ්ඩාගාර ලේකම් මෙහිදී වැඩි දුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වෙඩික්කරු පැමිණි මෝටර් රථය සොයා ගැනේ.

සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්තගේ වෙඩි තැබීමේ සිද්ධියට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයා ගෙන ඇත. මෙම වෙඩිතැබීම අද (08) උදෑසන 10ට පමණ අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදී සිදුවී ඇති බව වාර්තා වේ. මෙම ඝාතනයට සැක කෙරෙන වෙඩික්කරුවන් මෝටර් රථයකින් පැමිණ ඇති බවට හා වෙඩිතැබීමට ටී 56 ගිනිඅවි දෙකක් භාවිත කර ඇති බවට පොලීස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රාජ්‍ය සේවය දිගින් දිගටම අසනීප වේ.

වෘත්තීය සමිති 200 කට අධික සංඛ්‍යාවක් අද (08) සහ හෙට (09) දිනයන් හීදී රාජ්‍ය සේවය නියෝජනය කරමින් අසනීප නිවාඩු දමා සංකේත වැඩ වර්ජනයක නිරතවන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි. මෙලෙස අද දිනයේ වැඩ වර්ජනයේ නිරතවීමට නියමිතව නිවාඩු ලබා ඇත්තේ තැපැල්, මිනින්දෝරු, ගොවි නියාමක, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර කීපයක රාජ්‍ය නිලධාරින් ය. වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සංගමයේ සභාපති එන්.එම් විජේරත්න මහතා පැවසුවේය. එමෙන්ම මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය පළ කරමින් ඊයේ (07) පස්වරු 4 සිට තැපැල් සේවකයින් ද වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කොට ඇත. ගුරු විදුහල්පති වෘත්තීය සමිතිද අද දිනයේ සේවයට වාර්තා කළ ද හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේය. නමුත් සෞඛ්‍ය කේෂ්ත්‍රයට අදාළව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ හෙද සංගම් මෙම වර්ජනයට සහාය නොදීමට මේ වනවිටත් තීරණය කර ඇති බවද සඳහන්ය. කෙසේ වුවද අද දිනයේදී වෘත්තීය සමිති නියෝජිතයින් සිදු කිරීමට නියමිත වර්ජනය හේතුවෙන් රාජ්‍ය සේවය අකර්මන්‍ය වීමේ අවදානමක් මතුව තිබෙන බවද අනාවරණය වී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ක්ලබ් වසන්ත මරුට, කේ සුජීවා රෝහලේ


අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබේන බවට තොරුතුරු වාර්තා වේ.
මෙම වෙඩිතැබිමෙන් තවත් තිදෙනෙකුට තුවාල සිදුවී ඇත, තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ආරක්ෂක නිලධාරීන්ට පාසලට එන්න ළමයින් ගෙදරට

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර සඳහා සහභාගී වන ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ සහ අනෙකුත් කණ්ඩායම් වල නවාතැන් පහසුකම් සදහා කතරගම පුදබිම අවට පාසල් 05ක් වසා දැමීමට තීරණය කර තිබෙන බව කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව දෙටගමුව කනිෂ්ඨ විද්‍යාලය,කතරගම ජාතික පාසල,සෙල්ල කතරගම මහා විද්‍යාලය,සශීන්ද්‍ර කුමාර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය සහ ගෝතමී ගම කනිෂ්ඨ විද්‍යාලය එලෙස වසා තැබීමට නියමිතව පවතී. පෙරහැර මංගල්‍ය අවසන් වනතුරු පාසල් වසා තිබෙන අතර පාසල් ආරම්භ කරන දිනය පසුව දැනුම් දීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඉන්දියන් විදුලිය ලංකාවට ගේන්න හවුල් ව්‍යාපාරයකින් ප්‍රතිපාදන

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අගනුවර වන චෙන්නායි සිට අනුරාධපුරය දක්වා මුහුද යට සම්ප්‍රේෂණ මාර්ගයක් මගින් සෘජු විදුලි රැහැනක් හරහා සම්බන්ධ කිරීමට යෝජනා කර ඇති බවට වාර්තා වේ.
ඉන්දියාවේ කිලෝමීටර් 130ක ගොඩබිම් සම්ප්‍රේෂණ මාර්ගයකින් පසු ශ්‍රී ලංකාවේ මන්නාරමේ තිරුකේතීස්වරම්හිදී මුහුදු යට සම්ප්‍රේෂණ මාර්ගයක් (සබ්මැරීන් කේබලයක් හරහා) මගින් මෙම ජාල සම්බන්ධ කරන බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට ගිගාවොට් 200ක සුළං සහ සූර්ය බලශක්තියක් ලබා ගැනීමට හැකිවන අතර යෝජිත හවුල් ව්‍යාපාරය මගින් ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට අපේක්ෂා කෙරන බවද සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ශ්‍රී ලංකාවට ණය සහනයක්

ද්වීපාර්ශ්වික ණයහිමි පාර්ශ්ව සියලුම රටවලට ණය ගෙවීමට ඇති කාලසීමාව දීර්ඝ කර ඇති බව වාර්තා වේ. එලෙස ණය ගෙවීමට ඇති කාලය දීර්ඝ කිරීම මගින් ලබාදෙන සහනය ශ්‍රී ලංකාවට ද ලබා දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසයි. විවිධ රටවලට ණය සහන ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සංසන්දනය කිරීම ද නිවැරදි තත්ත්වයක් නොවන බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නෙදර්ලන්තයේ සිට යුක්තියේ මෙහෙයුමට පැමිණි අමුත්තන්


නෙදර්ලන්තයේ සිට පොලිස් නිල සුනඛයන් 35 දෙනෙකු ශ්‍රී ලංකා පොලිස් නිල සුනඛ කොට්ඨාසයට ඊයේ (5) දින රැගෙන ආ බව වාර්තා වේ.
ලංකාව පුරා ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම මගින් සිදු කරන මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යක්ෂමව සිදු කර ගැනීමටත් අපරාධකරුවන් හඳුනා ගැනීම හා පුපුරණ ද්‍රව්‍ය හදුනා ගැනීමත් ඔවුන් යොදාගැනීමට නියමිත අතර කටුනායක ගුවන් තොටුපොල සත්ව නිරෝධායන ආයතන පරිශ්‍රයේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා විසින් මෙම සුනඛයින් භාර ගෙන ඇත.
ජර්මන් ෂෙපර්ඩ් (German Shepherd) වර්ගයේ සුනඛයන් 12 දෙනෙකු , බෙල්ජියම් මැලි නොයිස් (Belgiam Malinois) වර්ගයේ සුනඛයන් 13 දෙනෙකු, සහ ඉංග්ලිෂ් ස්පැනියෙල් (English Span- iel) වර්ගයේ සුනඛයන් 10 දෙනෙකු මෙම සුනඛයන් අතර සිටන අතර එම සුනඛයන් මෙරටට රැගෙන එනු ලැබුවේ පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත කුලසේකර මහතා සහ නිල සුනඛ කොට්ඨාසයේ පශු වෛද්‍ය අමල් දිසානායක මහතා විසින් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුවය.
ගුවන් තොටුපොල සත්ව නිරෝධායන ආයතනයෙහි පශු වෛද්‍ය නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලිස් නිල සුනඛ අංශය වෙත රැගෙන යාමට එම සුනඛයන්ගේ පුහුණු කරුවන් වෙත භාර දීමට පියවර ගෙන ඇති අතර මාස 03 ක කාලයක් නිරෝධායනය කිරීමෙන් පසුව මෙම සුනඛයින් මත්ද්‍රව්‍ය වැටලීම් හා අපරාධ මර්ධන රාජකාරී සඳහා යෙදවීමට නියමිතව ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart