මෙවර විද්‍යාපීඨ ඉල්ලුම් කළ සිසුන්ට දැඩි අසාධාරණයක්
මෙවර විද්‍යාපීඨ සිසුන් ඇතුළත් කර ගැනීමේදී විද්‍යාපීඨ සඳහා ඉල්ලුම් කළ සිසුන්ට බරපතල අසාධාරණයක් සිදුව ඇති බව අවධාරණය වී තිබේ. එහිදී මෙතෙක් සිදුකළ ක්‍රමයට පිටින් ගොස් පෞද්ගලික සමාගමක් වෙත පවරා දීම නිසා විනිවිදභාවයක් නොමැති වී ඇති බවත් විද්‍යාපීඨ කතිකාචාර්යවරුන්ගේ වෘත්තීය සංගමය චෝදනා කොට ඇත.
මෙලෙස සිදුවී ඇති අසාධාරණය සම්බන්ධයෙන් විද්‍යාපීඨ කතිකාචාර්යවරුන්ගේ වෘත්තීය සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.
“අපේ රටේ වැඩ වර්ජන අවම සහ සිසුන් ගැන විශේෂයෙන් සොයා බලන අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දෙන වෘත්තීය සමිතියක් වේ නම් එය රජයේ අධ්‍යාපන විද්‍යාපීඨ ගුරුවරුන්ගේ වෘත්තීය සමිතියයි.
මෙවර විද්‍යා පිඨ බඳවා ගැනීමේ දී සිසුන්ට බරපතල අසාධාරණයක් සිදුව තිබේ.
1. විද්‍යාපීඨ බදවා ගැනීම මෙතෙක් සිදුකළ ක්‍රමයට පිටින් ගොස් පෞද්ගලික සමාගමක් වෙත පවරා දීම නිසා විනිවිදභාවයක් නොමැති වීම.
2. මෙවර ශාරීරික අධ්‍යාපන විෂයට පමණක් පැරණි ක්‍රමයට සම්මුඛ පරික්ෂණ දෙකක් පවතින අතර අනිත් විෂයන් සදහා online ක්‍රමයෙන් පමණක් අවසන් තෝරාගත් ලැයිස්තුව අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කිරීම.
3. පෙර වසරවල සම්මුඛ පරික්ෂණයට කැදවීම සිදු කරනු ලැබුවේ ලියාපදිංචි තැපැලෙන් වන අතර මෙවර අන්තර්ජාලය සහ SMS හරහා පමණක් සිසුන්ට සහතික පරික්ෂා කිරීමේ දින දැනුම් දීම තුලින් රටේ පිළිගත් ක්‍රමවේදය වන ලියාපදිංචි තැපෑලෙන් මෙවැනි අතිශයින් වැදගත් තොරතුරක් විධිමත් සහ සුරක්ෂිත ක්‍රමවේදයකට ලබා ගැනීමේ අයිතිය උල්ලංඝනය වී ඇත. බොහෝ දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන සිසුන්ට දැඩි අගතියකට මුහුණ පෑමට සිදුව ඇත. මෙලෙස බහුතරයක් සිසුන්ට පසු දින පැවැත්වෙන සම්මුඛ පරික්ෂණයට පැමිනෙන ලෙස දැනුම් දී ඇත්තේ SMS හරහා පෙර දින රාත්‍රී 9 න් පසුවය. මේ නිසා සිසුන් විශාල අපහසුතාවයන්ට පත් වී ඇත. (මෙමගින් සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවන සිසුන් වෙනුවට සුදුසුකම් රහිත වෙනත් සිසුන් යොදා ගැනීමට හැකියාව ලැබීම)
4. online ක්‍රමවේදය හරහා ඉතා නිවැරදිව සුදුස්සන් තෝරන බව අමාත්‍යාංශයේ ප්‍රධාන කොමසාරිස්වරිය පුරසාරම් දෙඩුවද සැබෑ තත්ත්වය ඊට හාත්පසින් වෙනස් ය. ICT පළමු කැමැත්ත ලෙස ඉල්ලු ඒ සදහා ඉහලම සුදුසුකම් ඇති අපේක්ෂකයන්ට තුන්වන කැමැත්ත ලෙස ඉල්ලු ඉංග්‍රීසි විෂයට තෝරා ගෙන ඇත.
එකම සිසුවා වසර දෙකකින්ම විද්‍යාපීඨ සදහා තේරි ඇති අතර ඒ නිසා වෙනත් සිසුන් රාශියකට අවස්ථාව අහිමි වී ඇත. පෙර වසරවල මේ ආකාරයට එකම නම දෙවරක් එකම විෂය වෙනුවට තේරීම වැලැක්වීමට හරස් පරික්ෂාව නම් ක්‍රමය යොදා ගනියි මෙවර එවැනි ක්‍රමයක් නැති නිසා සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවේ.
එසේම සිසුන්ට ගැසට් එක අනුව පළමු කැමැත්ත දෙවන කැමැත්ත ආදි ලෙස ඉල්ලුම් කළ හැකි අතර නමුත් මෙම ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මෘදුකාංගය ලියවී නැති බව පෙනේ.
එසේම මෙම ක්‍රමවේදය විනිවිදභාවයෙන් අඩු බැවින් තේරි පත්වූ අයගේ නාම ලේඛනය පමණක් නොව සමස්ත දත්ත ගොණුවම සෑම අපේක්ෂකයෙකුටම පිවිස පරික්ෂා කිරීමට ඉඩ දිය යුතුය.
මෙහි වඩාත් සැක සහිත කාරණය වන්නේ සම්මුඛ පරික්ෂණ අවසන් වීමටත් මත්තෙන් වහාම සිසුන් බදවා ගන්නා ලෙස පීඨාධිපතිවරුන්ට බලපැම් කිරීමට ප්‍රධාන කොමසාරිස්වරිය කටයුතු කිරීමයි. එමගින් දූෂණයට ඉඩ ඇති අතර ඇය අමාත්‍යවරයාගෙන් ලකුණු දමා ගෙන දැනට දරණ වැඩ බලන ප්‍රධාන කොමසාරිස්කම ස්ථිර කර ගැනීමට උත්සාහ කරන බව පෙනේ
එසේම පීඨ බහුතරයක මේ වන විට පළමු වසර සිසුන් බදවා ගැනීමට අවශ්‍ය පහසුකම් සංවිධානය වී නැත. නිල්වලා පීඨයේ භෝජනාගාරය අලුත් වැඩියා කරමින් පවති. මුලුතැන් ගෙය අලුත්වැඩියා කරමින් පවති දැනට පීඨ තුළ සිටින සිසුන් සදහා ආහාර සකස් කරන්නේද ඉතා අපහසුවෙනි. බොහෝ පීඨවල හොස්ටල් අලුත්වැඩියා කරමින් පවතින අතර පීඨාධිපතිවරුන් සත්‍ය තත්ත්වය වසන් කරන්නේ ප්‍රධාන කොමසාරිස්ගෙන් ලකුණු දමා ගැනීමටය. විවිධ චෝදනාවලට විගණන විමර්ශනවලට ලක්ව සිටින පීඨාධිපතිවරුන් කිහිප දෙනෙකු ප්‍රධාන කොමසාරිස්ගේ අණට යටත්ව පීඨවල පවතින සත්‍ය තත්ත්වය වසන් කර පහසුකම් ඇති නිසා ඕනෑම වෙලාවක සිසුන් බදවා ගත හැකි යැයි පුරසාරම් දොඩන්නේ තම වරදවල්වලට අමාත්‍යාංශයේ සමාව ලබා ගැනීමට බව පද්ධතියේ සියලු දෙනා දනිති.
එසේම දැනට විද්‍යාපීඨ ඉගෙනුම ලබන සිසුන්ට ආහාර සදහා රුපියල් 8000ක් දෙන බව ප්‍රධාන කොමසාරිස් ඇතුලු අධ්‍යාපන අමාත්‍යාංශයේ අය මාධ්‍ය මගින් පුරසාරම් දෙඩුවද ඊට සතියකට පසු ඔවුන් පැවසුවේ මුදල් නොමැති නිසා රුපියල් 4800 පමණක් දිගටම ලබා දෙන බවත් ඉන් පුලුවන් විදිහට ශික්ෂණලාභීන්ට කන්න දෙන ලෙසත්ය. මේ තත්ත්වය තුළ ශික්ෂණලාභීන් කණ්ඩායම් දෙකක් වූ විට කෑම ලබා දීම කෙසේ කරන්නේද?
මේ පිළිබඳ සොයා බලා මේ රටේ අනාගතය තීරණය කරන සිසු දරුවන්ට උගන්වන ගුරු සිසු දරුවන්ට වූ අසාධාරණයට සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඉල්ලා සිටිමු.”
විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්ගේ වෘත්තීය සංගමය මෙලෙස නිවේදනය කොට ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi