හිරුණිකාගේ ඇප ඉල්ලීමට විරෝධතාවක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දැනට බරපතළ වැඩසහිතව වසර තුනක සිර දඬුවම් නියමවී බන්ධනාගාර ගතව සිටී. මෙහිදී ඇයව ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද (04) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දී ඇත. මෙලෙස ඉල්ලූ ඇප ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සලකා බැලුණු අතර මෙම ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවත් එම විරෝධතා ලිඛිතව ගොනු කිරීම සඳහා කල්ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරයා මෙහිදී සඳහන් කළේ ය. ඒ අනුව මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවසර දුන් අතර මෙම ඇප ඉල්ලීම යළි ලබන 11 වනදා කැඳවන ලෙසද විනිසුරුවරයා මේ අවස්ථාවේදී නියෝග කළේය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi