රටේ ණය තත්වය ජනපති හෙළි කරයි

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන් බව වාර්තා වේ. මෙයට ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6, බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 11.7, වාණිජ ණය ඩොලර් බිලියන 14.7 සහ ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5 ඇතුළත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදු‍රටත් ප්‍රකාශ කර ඇත,

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ලිට්‍රෝ ගෑස් මිල අඩු වේ.

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව ලිට්‍රෝ ගෑස් වල නවතම මිල දර්ශනය මෙසේය.
12.5kg – රුපියල් 3690.00 (රුපියල් 100කින් අඩුකර ඇත.)
5kg – රුපියල් 1482.00 (රුපියල් 40කින් අඩුකර ඇත.)
2.3kg – රුපියල් 694.00 (රුපියක් 18කින් අඩුකර ඇත.)

මෙම මිල අඩුකිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව ලිට්‍රෝ ගෑස් සමාගම වැඩිදුරටත් පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඔක්ටේන් 100 ලීටරයක් 793යි


අද සිට ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් සිය බෙදුම්හල් කිහිපයක් ඔස්සේ ඔක්ටේන් 100 පෙට්‍රල් අලෙවි කිරීම ආරම්භ කර ඇති අතර එහි ලීටරයක මිල රුපියල් 793ක් වේ. නවීන වාහන සඳහා භාවිතයට වඩාත් සුදුසු මෙම ඉන්ධන වර්ගයෙන් සුමට ධාවනයක් මෙන්ම වැඩි සැතපුම් ප්‍රමාණයක් සමග ඉහළ එන්ජින් ක්‍රියාකාරීත්වයක් අත්විඳිය හැකි බව සමාගම කියා සිටියි. මෙම පෙට්‍රල් වර්ගය අලෙවි කරන ලෝකයේ අටවන රට බවට ශ්‍රී ලංකාව පත් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මොන මොන බාධක ආවත් e-ticket පද්ධතිය ක්‍රියාත්මක කරනවා – බන්දුල ගුණවර්ධන


විරුද්ධතාවයන් නොතකා අධිවේගීමාර්ගය සඳහා e-ticket පද්ධතියක් හඳුන්වාදීම හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමේ අනෙක් වැඩ ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ලංගම රාජ්‍ය බස් පද්ධතිය ආදායම් කාන්දුවීම් මැඩපැවැත්වීම සඳහා විද්‍යුත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල් කිරීමට උත්සාහ කරන බවත් ටෙන්ඩර් කැඳවීම මගින් අධිවේගී මාර්ගයේ ගාස්තු ගණනය කරන ආකාරය ඩිජිටල් කිරීමට උත්සාහ කරන බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සන්නද්ධ හමුදාව කැඳවයි


රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආඥාවක් නිකුත් කර ඇත. හතළිස් වෙන අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස්වැනි වගන්තිය යටතේ කථානායක මහින්දයාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද දැනුම් දී ඇත්තේ මහජන ආරක්ෂාව යටතේ මෙම තීරණය ගත් බව ය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනාධිපතිවරණ දිනය තීරණයට මැතිවරණ කොමිසමට බලය ලැබේ.

ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සදහා වැය වන මුළු මුදල ඉදිරි දින කිහිපය තුළදී මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දෙන බව රජයේ මුද්‍රණාලය පවසා ඇත. ඒ අනුව වැය වන මුළු මුදල ගණනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවට අනාවරණය වේ. මෙහිදී අදාළ මුදල මැතිවරණ කොමිෂන් සභාව විසින් මුදා හැරියහොත් පමණක් මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇතිබව රජයේ මුද්‍රණාලය පවසා ඇති අතර මුද්‍රණ කටයුතු ආරම්භයේ සිටම පොලිස් ආරක්‍ෂාවද සැපයිය යුතුය. එහිදී එක් දිනකට පොලිස් නිලධාරීන් 65 දෙනෙකුගේ පමණ ආරක්‍ෂාව අවශ්‍ය වන බවද සඳහන් ය. මේ අතර ජනාධිපතිවරණය පිළිබඳ නිවේදනය ප්‍රකාශ කිරීමට ජූලි මස 17 වනදායින් පසුව මැතිවරණ කොමිසමට බලය ලැබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නිදොස් කොට නිදහස් කරන ලෙස හිරුණිකාගෙන් අභියාචනයක්


තමන්ට නියම වී ඇති වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවට වාර්තා වේ.

මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී ඇති අතර අදාළ ඉල්ලීම ලබන 4 වනදා කැඳවීමට නියමිත බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සම්පන්දන් වෙනුවට සන්මුගම්

දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ආර්. සම්පන්දන් වෙනුවට දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින කදිරවේලි සන්මුගම් කුගදාසන් මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිත බව ආරංචි මාර්ග පවසා ඇත.ඒ අනූව ඔහු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් පහුගිය මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කළ පරාජිත ලැයිස්තුවේ පළමුවැනි ලෙස මනාප 16770 ලබාගෙන සිටි බව ද වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

නුවරඑළියේ බස් විරෝධයක්

අද (01) දින තලවකැලේ – නුවරඑළිය මාර්ගයේ සියලුම පුද්ගලික බස් රථ ඉවත් වී තිබේ. එම මාර්ගයේ ධවනය කරනු ලබන බස් රථ දෙකක් රාත්‍රියේදී නවතා තිබියදී කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් එම බස් රථවලට පහරදී අලාභ හානි සිදු කර තිබීම මෙම වර්ජනයට හේතු වී ඇති බව වාර්තාවේ. මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ තලවකැලේ ස්ථානභාර නිලධාරී සඳරුවන් අබේවික්‍රම මහතා පවසා ඇත්තේ බස් රථ වර්ජනයට තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ධාවනය වන සියලුම බස් රථ එකතු වී ඇති බවයි. මෙම බස් රථ වර්ජනය හේතුවෙන් එම මාර්ගයේ පාසල් සිසුන්, කාර්යාලීය සේවකයන්, පුද්ගලික ආයතනවල සේවකයන් ඇතුළු සෙසු මගී ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

දේශපාලන කණ්ඩායමකින් චමුදිතට තර්ජන

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවස අසල සැක කටයුතු ලෙස තොරතුරු රැස් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායම නවතම දෙසකට සිය අවධානය යොමු කර තිබෙන බවට අනාවරණය වේ. එහිදී සැලසුම් සහගත දේශපාලන කණ්ඩායමක් විසින් චමුදිත සමරවික්‍රම මහතා ඉලක්ක කර ගනිමින් අන්තර්ජාලය මගින් තර්ජනාත්මක අයුරින් කටයුතු සිදු කරමින් සිටින බව එම කණ්ඩායම්වලට නිරීක්‍ෂණය වී ඇත. මෙම පිරිස් දිගින් දිගටම සමරවික්‍රම මහතා ඉලක්ක කර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඔහුට අපහාස උපහාස හා තර්ජනය කරමින් සිටින බව නිරීක්ෂකයන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ. ඒ ඔස්සේද පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් සිටින බවද සඳහන් වේ. මෙම සිද්ධියට අදාළ ප්‍රධාන පරීක්‍ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කරමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart