ලංකාවේ කඩොලාන ව්‍යාපෘති දෙකට පොදු රඳ මඬුලු සහය

2023 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලයීය Blue Charter Project incubator ආයතනය විසින් කඩොලාන සංරක්ෂණය වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයන් ලබා දීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය රට වලින් ව්‍යාපෘති යෝජනා කැඳවා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනා 2 ක් එම ආයතනය විසින් තෝරාගෙන තිබේ.මෙහිදී ශ්‍රී ලංකාවේ කඩොලානයන්හි මූලික කාබන් නියැදිය ගණනය කිරීමේ ව්‍යාපෘතිය සහ කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේදී මුල් සංක්‍රමණිකයන් පිළිබඳව අධ්‍යයනය කිරීම සහ සැටලයිට් හා ඩ්‍රෝන තාක්ෂණය ආධාරයෙන් කඩොලාන සහ මුහුදු තෘණ අතරමැදි කලාපය සිතියම්ගත කිරීමේ ව්‍යාපෘතිය සඳහා ප්‍රදානයන් ලබා දීමට එම ආතනය විසින් තීරණය කර තිබේ. මෙලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය ආයතනයකින් ලබා දෙන මුල්‍ය ප්‍රදානයන් මඟින් කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඩයනාගේ පෙත්සමට දින නියම වේ

හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට එරෙහිව අපහාස කළේ යැයි සඳහන් කරමින් කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා අධිකරණය මේ වනවිට දින ලබාදී ඇති බවත් එම දිනය ලෙස අගෝස්තු මස 5 වැනිදා සුදුසු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවත් වාර්තා වේ .මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වී ඇය පැවසූ දෙයක් සහ එහිදී අධිකරණයට අපහාස කළා යැයි පවසමින් මෙම පෙත්සම ගොණු කර ඇති බව ද වැඩිදුරටත් සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

රට පුරා ගුරු විදුහල්පති වැඩ වර්ජනයක්

අද දිනයේ (26) රට පුරා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු වාර්තා කරමින් විරෝධතාව‍යක් පවත්වමින් සිටී. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, සියලුම ගුරු – විදුහල්පතිවරුන් කොළඹට කැඳවා විරෝධතාවක් පැවැත්වීමටද නියමිත බවයි. මෙම හේතුවෙන් අද සිසුන්ට පාසල් නොපැමිණෙන ලෙස ගුරුවරුන් ඊයේ දිනයේදී දැනුම්දී තිබිණි. දෙවන පාසල් වාරය ආරම්භයත් සමග මෙලෙස ගුරු – විදුහල්පතිවරු වර්ජනය ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් පාසල්වල අධ්‍යාපන කටයුතු අඬාල වී තිබේ. එමෙන්ම රජයේ විධායක නිලධාරීන්ගේ සංගමයේ නියෝජතයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අද ක්‍රියාත්මක වන බව එම සංගමයේ සභාපති එච්.ඒ.එල් උදයසිරි මහතා පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

BMICH එක අසල තිබී මළ සිරුරක් සොයාගෙන

කුරුඳුවත්ත පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව (BMICH) අසල තිබී මළ සිරුරක් සොයාගෙන ඇත.
විමර්ශන වලට අනුව එම මිය ගිය පුද්ගලයා (39) මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හෙළි වී ඇත.
මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදීමට කටයුතු කර ඇති අතර කුරුඳුවත්ත පොලිසිය ඒ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

සන්නස්ගල ගැන අවසන් උසාවි තීන්දුව ලබා දෙයි

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ලබානොදී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියක් ඊයේ (24) අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එහිදී ලේඛක සහ දේශක උපුල් ශාන්ත සන්නස්ගලට එරෙහිව කඳාන පොලිසිය කෙටුම්පත් කළ චෝදනා ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන චෝදනාවන්ගෙන් සන්නස්ගල මුදාහැරීමට නියෝග කර ඇත.
එහිදී උපුල් ශාන්ත සන්නස්ගල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න ඒ අවස්ථාවේදී කරුණු දක්වමින් ‘මාර්ගගත ක්‍රමය’ ඔස්සේ පැමිණිලිකරුට ගෙවා ඇතැයි කියමින් එලෙස ගෙවු රිසිට් පත් අධිකරණයට ඉදිරිපත් කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කුලී ආදයම් අයකරනුයේ ඉහළ ආදායම් ලබන්නන් ගෙන්

නව කුලී ආදයම් බද්ධ අය කරගනු ලබන්නේ සාමාන්‍ය ආදායම් ලබන්නන්ගෙන් නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් ගෙන් බව ජනපති රනිල් වික්‍රමසිංහ මහත අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.
එසේම, පුද්ගලයෙකු සතු පළමු දේපළ, යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බව ද ඒ මහතා ප්‍රකාශ කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

වාහන ආනයන සීමා ලිහිල් කිරීමට IMF වෙත ඉදිරිපත් කළ යුතුයි


මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන සැලසුමක් (Road Map) ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ. ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසා ඇත. මෙහිදී වාහන ආනයන සීමා ලිහිල් කිරීම, වාහන ඛාණ්ඩ කිහිපයක් යටතේ මේ වසරේ තෙවන සහ සිව්වන කාර්තුවලදී සිදු කිරීමට යෝජිතය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

විදුලි බිලෙහි දැනෙන වෙනසක්

විදුලි බිල අඩුකිරීමෙ යෝජනාව සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවනු ඇතිබව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.
එම නිසා ජූලි මාසයේ 01 වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.එහිදී ගෘහස්ත කාණ්ඩ පාරිභෝගිකයින්ට වැඩි සහනයක් ලබාදීමට එම අමාත්‍යංශය තීරනය කර ඇත.
ඒකක 0 – 30 අතර ඒකකයක් සඳහා රුපියල් 08 සිට 06 දක්වා ද,
ඒකක 30 – 60 අතර ඒකකයක් රුපියල් 20 සිට 09 දක්වා ද,
ඒකක 60 – 90 දක්වා ඒකකයක් රුපියල් 30 සිට 18 දක්වා ද, අඩු කිරීමට තීරනය කර ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි.
තවද, විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කර සිටියේ ඒකක 90- 180 දක්වා ඒකකයක් රුපියල් 50 සිට 30 දක්වා අඩුකිරීමට යෝජනා කර ඇතිබවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර ඇති බවට වාර්තා වේ.
ඒ, අනුව අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව මිල සංශෝධනය සිදුකොට ඇති බව වාර්තා වේ.
ඒ වගේම සංශෝධිත මිල ගණන් අද දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසා ඇත.

ඒ අනුව රුපියල් 4,115ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,940කි.

ඒ වගේම කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් අඩු කර ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 1,582 කි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 32 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 740කි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

ඉදිරි වසර තුන තුළ නව තාක්ෂණයෙන් ජනතාවගේ අදායම වැඩි කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

කෘෂි නවීකරණ වැඩපිළිවෙලෙහි ආරම්භය ලෙස උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම සිදුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.
ඉදිරි වසර තුන තුළ නවීන කෘෂිකර්මාන්තය ගමට ගෙන යාමට හා නවීන තාක්ෂණය භාවිතයෙන් නිෂ්පාදන වැඩි කර ආදායම් ඉහළ නංවා ගැනීමට ජනතාවට අවස්ථාව උදාකර දීමට මෙම වැඩහනෙන් බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමෙන් රජය සතු දේපල පුද්ගලීකරණය කිරීමක් සිදුවන බවත් එය රටේ ආර්ථිකය වැඩිකර ගැනීමට සෘජුව දායක කර ගත හැකි බව පළමු අදියර යටතේ ඔප්පු ලබා දුන් අවස්ථාවේදී පවසා ඇත.
ඒ අනුව “උරුමය ” වැඩසටහනට සමඟාමීව වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්ක වලට සින්නක්කර ඔප්පු 5400ක් ලබාදීමට නියමත බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

Add to cart