විදුලි නිෂ්පාදනය වැඩි වීමේ වාසිය ජනතාවට දෙන්න – සජිත් ප්‍රේමදාස

විදුලි බිලට කඩිනමින් සහනයක් දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.
20 වන දින වන විට 31% දක්වා ජල විදුලි නිෂ්පාදනය වැඩි වී ඇති අතර බලාගාර වල ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් එම විදුලි නිෂ්පාදනය වැඩි වීමේ වාසිය ජනතාවට දෙන ලෙස එතුමා වැඩිදුරටත් පැවසීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1

රාජසන්තක කෙරුන පරිප්පු පාතාලය සන්තක වෙලා

එංගලන්තයේ පාතාල නායකයකුගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කෙරුණු පරිප්පු කන්ටේනර් පහක් වෙනත් පාර්ශවයකට රුපියල් දෙකෝටි අසූ ලක්ෂයකට විකුණා ඇති බව වාර්තා වේ.
රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂයක තක්සේරු වටිනාකමකින් යුක්ත මෙම පරිප්පු තොගය විකිනීමෙන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක පමණ ලාභයක් ලබාගෙන ඇති අතර එම ලාභය ඇතැම් නිලධාරීන් අතරේ ද බෙදී ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk

Add to cart