ඉන්ෆ්ලුවෙන්සා යළි හිස එසවීමේ අවධානමක් .

මේ දිනවල ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා ඇත.
එවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා යොමුවන ලෙස ඔහු වැඩිදුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට


ලංකා සතොස ආයතනය මඟින් ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක් මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.ඒ අනුව මුං ඇට 1kg මිල රු.988.00 ක්ද , ආනයනික අර්තාපල් 1kg මිල රු.205.00 ක්ද , දුඹුරු සීනි 1kg මිල රු.375.00 සහ සුදු සීනි1kg මිල රු.263.00 ක් ලෙසද මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. අද (10) සිට මෙම මිල අඩු කිරීම් ක්‍රියාත්මක බවත් වැඩිදුරටත් සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ක්ලබ් වසන්ත ඝාතනයට පාතාල සාමාජිකයින්ගෙන් ලක්ෂ 16ක්


වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (09) දිනයේදී අත්අඩංගුවට ගනු ලැබූ ටැටූ ආයතනයේ හිමිකරු වන දුලාන් සංජය නැමැත්තා විසින් පොලිසියට ප්‍රකාශකොට ඇත්තේ තම සහෝදරයාද මෙම ඝාතකයන් එනතුරු ගොඩනැගිල්ලේ ඉහළ සිට ඔත්තු බැලූ බවයි. ඒ අනුව
සිදු කරන ප්‍රශ්න කිරීම් අනුව ඔහුද ඝාතන සැලසුමට සම්බන්ධ බව තහවුරු වී ඇත. තමන් ටැටූ ශිල්පය හදාරා තිබුණද ටැටූ ආයතනයක් විවෘත කිරීමට හැකියාවක් නොමැතිව තිබියදී පාතාල සාමාජිකයකු විසින් රුපියල් ලක්ෂ 16ක් ලබාදී මෙම ආයතනය අරඹන්නට සහාය ලබාදී තිබේ. ඊට හේතුව වී ඇත්තේ එය විවෘත කිරීමේ අවස්ථාවට සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ගෙන්වා ගැනීමයි. මෙම අපරාධයට සම්බන්ධ වැඩි පුද්ගලයන් පිරිසක් බලපිටිය හා බෙලිඅත්ත ආශ්‍රිත ප්‍රදේශ අය බවද වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

පතරොම් සමඟ 43 හැවිරිදි අයෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ ජාපාලවත්ත ප්‍රදේශයේදී ගිනි අවි සඳහා යොදන පතරොම් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් ව අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසියට ලද තොරතුරක් මත ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසින් යුක්තිය මෙහෙයුමට සමගාමීව ඊයේ (09) දින මෙම වැටලීම සිදු කර තිබේ. මෙහිදී T-56 ගිනි අවි පතරොම් ගැබ 2ක්, පිස්තෝල පතරොම් ගැබ 2ක්, T-56 ජීව පතරොම් 144ක්, පිස්තෝල සඳහා භාවිත වන පතරොම් 02ක් සොයා ගැනීමට හැකි වී ඇති බව වාර්තා වේ.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වී සිටින එම සැකකරු සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් අටක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගත් බව වැඩිදුරටත් වාර්තා වේ. විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් විසින් මෙම පතරොම් සහ පතරොම් ගැබ මෙම සැකකරුට ලබා දෙන්නට ඇතැයි පොලීසිය සැක පළ කර සිටි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

‍දුරකථන හොරකම සම්බන්ධ වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කරන්න TRCSL ට නියෝගයක්


දඹුල්ල ප්‍රදේශයේ සිදුවන දුරකථන සොරකමක් පිළිබඳ සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ පටය ගැටලුකාරී බව පවසමින් එය අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙසට TRCSL වෙත දැනුම්දුන් බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පවසා ඇත.
නීතියට අනුව සොරකමක් සම්බන්ධව කළ යුතු කටයුතු සිදු නොකර සොරුන් ඇල්ලීම තමන් අතට ගෙන කුඩා ළමයෙකුද කාන්තාවන් දෙන්නෙකුද සිටින වීඩියෝවක් මේ ආකාරයට ප්‍රසිද්ධ කිරීම සදාචාරාත්මකව මෙන්ම නීතිය අනුව වරදක් බව ඔහු පැහැදිලි කළේය.
යම් අපරාධයකට අදාළව දරුවෙකු, වින්දිතයෙකු හෝ සැකකරුවෙකු වුවද ඔහුගේ රුව සමාජ මාධ්‍ය හරහා සංසරණය කිරීමට කටයුතු කිරීම සදාචාර විරෝධී කටයුත්තක් වන බවත් මෙබඳු වීඩියෝ මගින් පොලිසිය කළ යුතු වැඩ නීතිය තමා අතට ගෙන කටයුතු කිරීමට ලබාදෙන පෙළඹවීමද වරදක් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

මැතිවරණ වියදම් ඉහළට

මෙවර මැතිවරණය සඳහා මුද්‍රණ වියදම හතර ගුණයකින් ඉහළ යන බව සහ ඊට ප්‍රමාණවත් ලිපි ද්‍රව්‍ය රාජ්‍ය මුද්‍රණාලය සතු බව මැතිවරණය කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා ඇත.මුද්‍රණාලාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධ දල ඇස්තමේන්තුවක් කඩිනමින් සකස් කර මැතිවරණ කොමිෂන් සභාවට භාරදීමට නියමිත බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වතු කම්කරුවන්ගේ වැඩිකල 1700 වැටුප ඉල්ලා විරෝධයක්

හැටන් ප්‍රදේශයේ වතු ගනනාවක වතු කම්කරුවන් අද දින උදැසන එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට එක් රැස් වි උද්ඝෝෂණයක් ආරම්භ කර අත.
ඒ ඔවුන්ට රජය මගින් වතු කම්කරුවන්ට වැඩි කල රු.1700 දෛනික වැටුප කඩිනමින් ලබා නොදීම හේතුවනුයි.
උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවන් සඳහන් කළේ, රජයේ නිලධාරින්ට සහ සේවකයන්ට රජය මගින් වැටුප් වැඩි කරන බවත්, තමන් ලබාදුන් රු.1700 දෛනික වැටුප ලබාදිමට වතු සමාගම් විරෝධය පල කරන බවයි.
විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගෙන ඇති අතුරු තහනම් නියෝගය ‍ඉවත් කිරිමට රජය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් කරුණු ඉදිරිපත් කරන ලෙසයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අල්ලස් ගත් පොලිස් නිලධාරින්ට අදත් ඇප නෑ

මාර්ගගත මුදල් ගනුදෙනුවකට අදාළව සිද්ධියකට සම්බන්ධ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රුපියල් 154,200/- අල්ලසක් ලබාගත්තේ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (09) තීන්දු කළ අතර එම සැකකරුවන් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කල බව වාර්තා වේ. මෙහිදී මෙම සැකකරුවන් විසින් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන මුදල් ද අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

අස්වැසුම දෙවන අදියර ඇරඹේ

“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙන පරිදි, දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 දා සිට 30 දක්වා සිදු කරයි.
පළමු අදියරේ සුදුසුකම් ලැබූ ලක්ෂ 18ට අධික පිරිසට අමතරව දෙවන අදියර සඳහා තවත් අයදුම් පත් 450,924 ලැබී ඇති අතර ඒ අතරින් සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීම මෙම මාසය තුළ අවසන් කිරීමට නියමිත බව සඳහන් වේ.
සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දීමටද කටයුතු කරන බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

කේ.සුජීවාට දීර්ඝ සැත්කමක්


අතුරුගිරියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් බරපතල ලෙස තුවාල ලැබූ ජනප්‍රිය ගායිකා කේ සුජීවා පැය කිහිපයක ශල්‍යකර්මයකට භාජනය කර තිබේ. ඇය හෝමාගම රෝහලට ඇතුළත් කළ පසු ඇයගේ තත්ත්වය බරපතළ වීම නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය. මෙම ශල්‍ය කර්මය සිදු කොට ඇත්තේ ඇයගේ කලවා ප්‍රදේශයටයි. කෙසේ වුවද දීර්ඝ ශල්‍ය කර්මයෙන් පසු ඇයගේ පාදය කපා දැමීමකින් තොරව බේරා ගැනීමට හැකිව ඇති බව වාර්තා වේ. මේ අතර ශල්‍ය කර්මයෙන් පසුව ඇය සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර ඇති බවත් එනමුත් ඇයට සාමාන්‍ය පරිදි ඇවිදීමට ටික කලක් ගතවනු ඇති බවත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කොට ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart