ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

25 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) සිට, කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදේ ආරම්භ වේ.
පොත් ප්‍රදර්ශනය ඔක්.06 වනදා දක්වා උදෑසන 09 සිට රාත්‍රී 09 දක්වා විවෘතව පවතියි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සන්නද්ධ හමුදා කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
අද සිට ක්‍රියාත්මක වන පරිදි සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අතිවිශේෂ ගැසටි නිවේදනය ඊයේ (26) නිකුත් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

වී ගොවීන්ගේ පොහොර සහනාධාරය 15,000 සිට 25,000 දක්වා වැඩි කරයි


වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට රුපියල් 25,000 දක්වා වැඩි කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහා භාණ්ඩාගාරයට නියෝග කර තිබේ.
ඒ අනුව, 2024/25 මහ කන්නය සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක පොහොර සහනාධාරය 2024 ඔක්තෝබර් 1දා සිට ක්‍රියාත්මක වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ධීවර ජනතාවට ඉන්ධන සහනයක්

ඔක්තෝබර් 01 වැනිදා සිට ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබාදීමට වගබලා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී ඇත.
මෙමඟින් මාසික පදනමින් බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමට කටයුතු කරන බව හා මෙම සහනාධාරය සෘජුවම ධීවරයින්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ලංවිම නව සභාපති තිලක් සියඹලාපිටිය

වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ආචාර්ය තිලක් සියඹලාපිටිය පත්කර තිබේ.
ආචාර්ය සියඹලාපිටිය ශ්‍රී ලංකාවේ, දකුණු සහ අග්නිදිග ආසියාවේ, මැද පෙරදිග සහ නැගෙනහිර අප්‍රිකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වසර 40 ක පළපුරුද්දක් දරයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ඉල්ලා අස් වූ ලිට්‍රෝ ගෑස් සභාපති


ලිට්‍රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පීරිස් මහතා ඉල්ලා අස්වීමේ ලිපියක් මඟින් දැනුම් දී අද දහවල්(26) ඉල්ලා අස් වී ඇති බවත්.මේ වන විට දෙසැම්බර් 31 වැනිදා තෙක් හිඟයකින් තොරව ගෑස් පවතින බවත් ඔහු එම ලිපිය මඟින් වැඩි දුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරණායක 65 වන ගුණානුස්මරණය අද


දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 65 ගුණානුස්මරණය අද(26) දිනට යෙදී ඇත.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ වන ඔහුගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් අද උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර එහි උපසභාපති සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් කොළඹ ගාලු මෝදර පිහිටි බණ්ඩාරනායක පිලිරුව අසළදී සිදු කර ඇති බව වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ආගමන විගමන පාලක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග


විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක එච්. ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
අදාළ අඩුව ඊයේ (25) කැඳවු අවස්ථාවේ ආගමන විගමන පාලකවරයාට එරෙහිව චෝදනා පත්‍ර කියවා දීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අදාළ පෙත්සම යළි ජනවාරි මස 22 වනදා කැඳවීමට නියමිතව ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

බේකරි නිෂ්පාදන වල මිල අඩු කිරීමට ඉල්ලීමක්

බිත්තරයක මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වීම හේතුවෙන් බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල අඩු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හෝටල් සහ බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
එමෙන්ම බිත්තර ආශ්‍රිත නිෂ්පාදන, අළෙවි කරන මිල පැහැදිළිව ප්‍රදර්ශනය කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නව ජනපති සමඟ සාකච්ඡා

නව ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර ඇත.එහි දී මීළඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ සමාලෝචන කාලසීමාව සම්බන්ධයෙන් සාක්ච්ඡා කිරීමට ඉදිරියේදී සූදානම් බවත් එම අරමුදල වැඩිදුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Add to cart